IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


විදුලි-ඉලෙක්ට්‍රොනික උපකරණ ඉන්දියාවට අපනයනය කරද්දී තීරු බදු රහිත සහනයක්

(තිළිණි  ද සිල්වා)

ශ්‍රී ලංකාවේ නිපදවන විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ ඉන්දියාවට අපනයනය කීරිමේදී එම අපනයනයකරුවන්ට තීරු බදු රහිත සහනයක් ලබා දීම කෙරෙහි ශ්‍රී ලංකාවේ අවධානය යොමුව ඇතැයි විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී.

ලංකාවේ අපනයන නිෂ්පාදන අංශවල වර්ධනයන්ට ශක්තියක් ලබා දීමේ අරමුණෙන් චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් ඉකුත් දා පවත්වන ලද “ඊ-කනෙක්ට්” මාර්ගගත අන්තර් ව්‍යාපාර රැස්වීමේදී ශ්‍රී ලාංකික ඉලෙක්ට්‍රොනික හා විදුලි උපකරණ නිෂ්පාදකයන්ගේ සංගමය මේ පිළිබඳව සාකච්ඡා කර ඇතැයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටී.

මෙරට සමාගම් විසින් නිෂ්පාදනය කර අපනයනය කරනු ලබන නිෂ්පාදන සඳහා ඉන්දියානු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම (ISFTA) යටතේ ඉන්දියාවට තීරු බදු රහිත ප්‍රවේශයක් ලබා දෙන බව ද එම අමාත්‍යාංශය කියා සිටී.

අඩු ප්‍රවාහන වියදම් සහ අඩු නැව්ගත කිරීමේ කාලය නිසා ඉන්දියානු සමාගම්වලට ශ්‍රී ලංකාව සමාගම් සමඟ සහයෝගිතා/හවුල් ව්‍යාපාරවලට එළඹීම සඳහා පවතින විශාල ඉඩ ප්‍රස්ථාව පවතින හෙයින් ඒ පිළිබඳව ඉන්දියානු විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ නිෂ්පාදකයන්ගේ සංගමයේ දක්ෂිණ කලාපීය කාර්යාලයේ නිලධාරීන්ව දැනුවත් කිරීමටද චෙන්නායි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය පියවර ගෙන ඇත.

කොවිඩ්-19 වසංගත තත්ත්වය තුළ දී ව්‍යාපාරවලට පරිණාමනය හා විකාශය වීම, අත්දැකීම් අපේක්ෂා කිරීම සහ අවස්ථා ගවේෂණය සදහා සිදු කරන මෙම ව්‍යාපෘතිය යටතේ, ප්‍රමුඛ පෙළේ ඉන්දියානු සමාගම් සමඟ අන්තර් ව්‍යාපාර රැස්වීම්වලට සහභාගී වන ලෙස ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 22 ක විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ නිෂ්පාදක සමාගම්වලට ඉන්දියානු විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ නිෂ්පාදකයන්ගේ සංගමය විසින් ආරාධනා කර තිබුණි.

ශ්‍රී ලාංකික සමාගම් 7 ක් එනම්, රිචර්ඩ්සන් ප්‍රොජෙක්ට්ස් ප්‍රයිවට් ලිමිටඩ්, රෙක්සෙල් ඉලෙක්ට්‍රික් ශ්‍රී ලංකා, කැලණි කේබල්ස් පීඑල්සී, එම්පයර් ට්‍රේඩිං ඒජන්සි (ප්‍රයිවට්) ලිමිටඩ්, ජීපීවී ලංකා (ප්‍රයිවට්) ලිමිටඩ්, ඔලෙක්ස් ප්‍රොජෙක්ට්ස් ප්‍රයිවට් ලිමිටඩ් සහ ලංකා විදුලි බල මණ්ඩලය මෙම අවස්ථාව සඳහා සහභාගී වූ අතර ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ඉලෙක්ට්‍රොනික සහ විදුලි උපකරණ නිෂ්පාදක සමාගම් 29 ක් මීට එක්විණි.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ශ්‍රී ලංකා ඉලෙක්ට්‍රොනික හා විදුලි නිෂ්පාදකයින්ගේ සංගමය, ශ්‍රී ලාංකික සමාගම් සමඟ සම්බන්ධීකරණ කටයුතු සඳහා නොමසුරු සහයෝගය ලබා දුන්නේය.

අසල්වැසි රටවල් ලෙස ශ්‍රී ලංකාව සමඟ සමීපව කටයුතු කිරීම සඳහා ඉන්දියානු විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ නිෂ්පාදකයන්ගේ සංගමයේ දැඩි උනන්දුවක් පවතින බව ඉන්දීය විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ නිෂ්පාදකයන්ගේ සංගමයේ දක්ෂිණ කලාපීය කාර්යාලයේ ප්‍රධානී කේ. සීතාරාමන් මහතා අවධාරණය කර ඇත.



අදහස් (3)

විදුලි-ඉලෙක්ට්‍රොනික උපකරණ ඉන්දියාවට අපනයනය කරද්දී තීරු බදු රහිත සහනයක්

Bamunuarachchi Tuesday, 27 October 2020 09:03 AM

පොටෝඑකෙන් මට පෙනුනේ සෞදි අරාබියේ තිබෙන තෙල් පිරිපහදු , රිෆයිනරි එකක් වගේ.

:       0       0

de silva Tuesday, 27 October 2020 02:26 PM

ලංකාවේ සේවක වැටුප්, ඉන්ධන, විදුලිය වැනි දේවල් කලාපයේ අනෙක් රටවලට වැඩි නිසා ලංකාවේ යම් නිෂ්පාදනයක් අනෙක් රටවල නිෂ්පාදන සමග තරඟ කල නොහැක.

:       1       5

SL Friday, 30 October 2020 05:12 PM

බුදු අම්මෝ පලවෙනි පාර යයි... දෙවෙනි පාරත් යයි, තුන්වෙනි පාර රිජෙක්ට්... කොම්පැනිය හාන්සි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 197 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 61 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 754 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site