IMG-LOGO

වතු ජනතාවට ලයිම ආශ්‍රිතවම නව නිවාස

වතු ජනතාවට නිවාස සම්පාදනයේ දී ඒවා ලයිම ආශ්‍රිතවම ඉදිකරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරු අද (29) නිලධාරීන්ට උපදෙස් දුන්හ.

වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපති කාර්යාලයේ දී අද (29) පස්වරුවේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා එම උපදෙස් දුන්හ.

ඉන්දීය රජයේ ආධාර යටතේ වතු ජනතාව වෙනුවෙන් නිවාස 4,000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය 2016 වසරේදී ආරම්භ කෙරුණු අතර දැනට ඉදිකිරීම් අවසන් කර ඇති නිවාස සංඛ්‍යාව 669කි.

යටිතල පහසුකම් සැපයීමේදී ඇති ප්‍රායෝගික ගැටළු ඉදිකිරීම් ප්‍රමාදයට හේතු වූ බව නිලධාරීහු මෙහිදි ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට දැනුම් දුන්හ.

වතු ජනතාව ජීවත්වන ලයිම සඳහා අත්‍යාවශ්‍ය යටිතල පහසුකම් සපයා තිබෙන බැවින් ලයිම ආශ්‍රිතව නව නිවාස ඉදිකිරීමෙන් ව්‍යාපෘතියේ ප්‍රතිලාභ කඩිනමින් ජනතාවට දිය හැකි බව ද ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මෙහිදි පෙන්වාදුන්හ.

සිදුවිය යුත්තේ ඔවුන් ජීවත්වන පරිසරයේම සිට ජීවන තත්ත්වය නගා සිටුවීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදි සඳහන් කළේය. නිවාස සැලසුම් කිරීම රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට පැවරීමෙන් ඉදිකිරීමේ ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය ඉහළ තත්ත්වයක පවත්වාගත හැකි බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.

වතු ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට රජය ගෙන යන වැඩපිළිවෙළට සමගාමීව පෞද්ගලික වතු සමාගම් ද තම යුතුකම් සහ වගකීම් කොටස ඉටුකළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම සාකච්ඡාවේදී පෙන්වා දුන්නේ ය.

වතු නිවාස සහ ප්‍රජා යටිතල පහසුකම් පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය සෞඛ්‍ය, අධ්‍යාපන, කෘෂිකර්ම, නිවාස, ක්‍රීඩා ඇතුළු රේඛීය අමාත්‍යාංශවල සහය ගනිමින් වතු ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීමට පියවර ගන්නැයි ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

වතු ආශ්‍රිත පෙර පාසල්, ප්‍රාථමික විද්‍යාල, සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් වෛද්‍ය මධ්‍යස්ථාන සංවර්ධනය කළයුතු බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

වතු ආශ්‍රිතව ජීවත්වන තරුණ තරුණියන්ට එන්.වී.ක්‍යු NVQ මට්ටමේ සහතිකයක් ගත හැකි මට්ටමින් වෘත්තීය පුහුණුවක් දී රැකියා අවස්ථාවලට යොමු කිරීමේ ඇති වැදගත්කම සම්බන්ධයෙන් මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණි.

438ක් වන වතු ආශ්‍රිතව ඇති සෞඛ්‍ය මධ්‍යස්ථාන රජයට පවරාගෙන ගුණාත්මක සේවාවක් වතු ජනතාව වෙනුවෙන් කඩිනමින් ක්‍රියාත්මක කළයුතු බව ද ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී පැවැසීය.

බණ්ඩාරවෙල, හැටන්, නුවරඑළිය සහ ඇල්ල කේන්ද්‍ර කර ගනිමින් සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට ගෙන ඇති සැලසුම් කෙරෙහි ද මෙහිදි සාකච්ඡාවට ලක් විය.

වත්ත සහ ගම වෙන් නොවන ආකාරයෙන් සියලු සංවර්ධන කටයුතු සිදුවිය යුතු බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදි අවධාරණය කළේය.

රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් සහ රේඛීය ආයතනවල ප්‍රධානින් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

055



අදහස් (4)

වතු ජනතාවට ලයිම ආශ්‍රිතවම නව නිවාස

Ratne Wednesday, 30 September 2020 06:37 AM

ඇයි මේ විදියට කුඩා නිවාස සෑදීමට කටයුතු කරන්නේ? මේ සඳහා අදාල වතුවල විශාල භුමියක වගාව ඉවත් කිරීමට සිදුවෙනවා නේද? එයට විසඳුමක් ලෙස විදෙස් රටවල වගේ මහල් නිවාස සංකීර්ණ (අවම ලෙස දෙමහල් / තෙමහල්) සකසා දෙන්නේ නම් වඩාත් යෝග්‍ය යැයි සිතමි. එහි්‍දී එක් මහල් නිවාසයක පවුල් 25-30 ප්‍රමාණවත් වන ලෙස එක් නියමු ව්‍යාපෘතියක් හෝ ක්‍රියාත්මක කර එයින් ලැබෙන වාසිය පිළිබඳ අධ්‍යයනය කිරීමට අදාල බලධාරින් ක්‍රියාකිරීම වඩාත් කාලෝචිත යැයි යෝජනා කරමි.

:       4       6

lankaWednesday, 30 September 2020 11:41 AM

මහල් නිවාස සමහර විදෙස් රටවල ප්‍රචලිත වුණත්, මා සිතන්නේ නැහැ එය තවමත් ලංකාවට සුදුසුයි කියා. මහල් නිවාස ඉදිකරනවා නම් ඒවායේ ඉහළ, පහළ ගමන් කිරීමට විශ්වාසනීයත්වයෙන් යුතු විදුලි සෝපාන අවශ්‍යයි. එසේ නොවුණොත්, වියපත් උදවියට මහල් නිවාසවල ජීවත්වීම අපහසු විය හැක. මෙවැනි ප්‍රදේශවල මහල් නිවාස ඉදිකිරීම සඳහා සුදුසු පරිසරයක් හෝ මිනිසුන්ගේ ජීවන රටාවක් තවමත් නොමැති බවයි මගේ අදහස...

:       1       19

BamunuarachchiFriday, 09 October 2020 02:02 PM

කුඩා නිවාස හදන්න එපා බංගලා හදලා දෙමු. සිංහලයා විසින්ම සිංහලයා නැතිකරගන්නවා. රට පටවන්න ගිය ජනතාව රඳවා ගැනීම නේද මේ ප්‍රශ්නවලට මුල?

:       0       1

Bamunuarachchi Friday, 09 October 2020 01:59 PM

සිංහල ජනතාවට තවත් ප්‍රශ්නයක්... රටට තවත් දෙමළ නිජභූමියක් කළා. රට පටවාගන්න ගිය වතුදෙමළ ජනතාව ඡන්දය ලබාගැනීමට මෙරට තියාගත්තේ අදූරදර්ශී දේශපාලකයෝ... මොවුන්ට ලැබුණු ඡන්දයක් නැහැ. නමුත් අපේ දරුවන්ගේ අනාගත සැපසම්පත් මොවුන්ට පාවලා දුන්නා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 139 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 675 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site