IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


වැඩිම පිරිසකගේ ආදරය ලබන ළදරු නිෂ්පාදන සන්නාමය බේබි ෂෙරමි

LMD Brands Annual 2021 ශ්‍රේණිගත කිරීම් අනුව හේමාස් කන්සියුමර්හි බේබි ෂෙරමි, වැඩිම ආදරය දිනාගත් ළදරු නිෂ්පාදන සන්නාමය (Most Loved Brand in the Baby Care sector) ලෙසින් ගෞරවාදරයට පත්ව තිබේ.

ශ්‍රී ලංකාවේ වඩාත්ම වටිනා සන්නාම ශ්‍රේණිගත කරන බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ලංකා සමගින් එක්වෙමින් LMD සඟරාව මගින් ප්‍රකාශයට පත් කෙරුණු LMD Brands Annual හි 2021 වර්ගීකරණයේ, ආදරණීයම ළදරු නිෂ්පාදන සන්නාමය බවට පත් වෙමින්, බේබි ෂෙරමි නිෂ්පාදන කෙරෙහි වූ මව්පියවරුන්ගේ ඒ විශ්වාසය නැවත වරක් සනාථ කරන බව එම සමාගම සඳහන් කරයි.

මේ ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින්, බේබි ෂෙරමි අලෙවි කළමනාකාරිණී දනුෂ්කා සිල්වා මෙලෙස පැවසුවාය.

“මිලියන ගණනක ශ්‍රී ලාංකීය හදවත් ස්පර්ශ කරමින් ලැබූ මෙම ජයග්‍රහණය තුළින්, බේබි ෂෙරමි නිෂ්පාදන පිළිබඳ ඔබ තබා ඇති විශ්වාසය සහ ආදරය හොඳින් පෙනී යනවා. දශක හයක විශ්වාසය රැගත් මෙම ආදරණීය ගමනේ හවුල්කරුවන් වූ ඔබට අප ස්තූතිවන්ත වනවා. වෙනස්වන පාරිභෝගික අවශ්‍යතා හඳුනා ගනිමින් තත්ත්වයෙන් ඉහළම නිෂ්පාදන ඔබ වෙත තිළිණ කිරීමට බේබි ෂෙරමි අප නිරතුරුවම ක්‍රියා කළා. අපට සෑමවිටම වැදගත් වන්නේ දරු පැටවුන්ගේ ආරක්ෂාව සහ සුවපහසුව. ඒ වෙනුවෙන් ඉහළම ප්‍රමිතිගත නිෂ්පාදන ඔබ වෙත ඉදිරියේදීත් දායාද කිරීමට අප කැපවී සිටිනවා.”

බේබි සබන්, ෂැම්පු, බේබි කොලොන්, ක්‍රීම් සහ ලෝෂන්, ලොන්ඩ්‍රි වොෂ් පව්ඩර්, ලොන්ඩ්‍රි වොෂ් ලික්විඩ්, බොට්ල් වොෂ්, කොටන් බඩ්ස්, ඔයිල්, ඩයපර් සහ වෙට් වයිප්ස්, නැපි රෑෂ් ක්‍රීම්, බේබි ගිෆ්ට් බොක්සස් ඇතුළු පුළුල් පරාසයක විහිදුනු නිෂ්පාදන රැසක් බේබි ෂෙරමි විසින් වෙළඳපොළට ඉදිරිපත් කර ඇත.

 



අදහස් (0)

වැඩිම පිරිසකගේ ආදරය ලබන ළදරු නිෂ්පාදන සන්නාමය බේබි ෂෙරමි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 382 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 106 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 792 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site