සාරා කන්දෙගොඩ
ලෝක බැංකුව නොබෝදා නිකුත් කළ වාර්තාවකට අනුව මෙරට ජනගහනයෙන් සියයට 24.5 ක් දුප්පත්ය. මෙම පිරිස සමස්තයෙන් හතරෙන් කොටසකි. මෑතකාලය තුළ ඇති වූ ආර්ථික අර්බුදය මෙයට පදනම් වී ඇති බව පෙනේ. ජීවත්වීම අපහසු වී ඇති අතර, ජීවන මාර්ග අවහිර වී ඇති බව ලෝක බැංකු වාර්තාව පෙන්වා දෙන කරුණකි. ඉතිහාසයේ සිට දුප්පත්කම දුරු කරන ක්‍රියාමාර්ග අනුගමනය කොට තිබේ. ආණ්ඩු බලයට පත් කරන දේශපාලන පොරොන්දු වශයෙන් ඒවා එළිදකින අතර, තෝරාගත් ජන කොටස්වලට සහනාධාර හිමිවේ. දැනටත් අස්වැසුම නමින් සහන සපයන ක්‍රමවේදයක් තිබේ. මෙම සහන ලබන ජන කොටස එම ආධාර ගැන සතුටු නැත. ප්‍රමාණවත් නැති බව දක්වති. තෝරාගන්නා ක්‍රමවේද ගැන විවේචන තිබේ. අභියාචනා දස දහස් ගණනකි. මෙම කරුණු කෙසේ වෙතත් නිදහස ලැබුණ දා සිට අද දක්වා දුප්පත්කම තුරන් කරන ක්‍රමවලින් ඉතාම සාර්ථක ප්‍රතිඵල අත්පත් කර දී නැත.
ලෝක බැංකුව දක්වන පරිදි ශ්‍රී ලංකාවේ ශ්‍රම වෙළෙදපොළ දුප්පත්භාවය ඇති කරන්නට හේතු වී තිබේ. එය ඔවුන්ගේ දැක්ම විය හැකිය. එහෙත් මෑතකාලීන ප්‍රවණතා සලකා බැලීමෙන් පසු ශ්‍රී ලාංකිකයන් උත්සාහයෙන්, මහත් ධෛර්යයෙන් උත්පාදනය කරන්නේ නැත. එක්තරා සීමාවක් දක්වා පමණක් ධනය උපයා ගැනීම ප්‍රමාණවත් බව සිතන බව පෙනේ. අධික බදු ක්‍රම එයට බලපා ඇත. ශ්‍රී ලංකාව අතිශය දියුණු නැත. දුප්පත් පොහොසත් පරතරය ඉහළය. උත්පාදන ශක්තිය නංවන පියවර තුළින් බදු ගැනීම වෙනුවට ජනතාවට බදු අංක හඳුන්වා දී ජීවත්වීමට උපයන දෙය ද අධික බදු ප්‍රතිශතවලට යටත් කර ඇත. එවැනි ක්‍රියාමාර්ග ඉදිරියේ වුවමනාවට වඩා ධනය සොයා වෙහෙසෙන්නේ නැති තැනට සමාජය පත්වෙමින් තිබෙන බව වටහා ගත යුතුය. මෙය ලෝක බැංකුව කියන දුප්පත්කම නොවේ. ශ්‍රී ලංකාවේ ආණ්ඩුවල දුප්පත්කමය. ආණ්ඩුවල දුප්පත් මානසිකත්වය හේතුකොටගෙන ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැනි ආයතන බදු යෝජනා කරන අතර කිසිම අධ්‍යයනයකින් තොරව ඒවා ගෙවන්නට ජනතාවට බලකරමින් සිටී. බදු ඉලක්ක සාක්ෂාත් කරන පියවරවලට ඇතුලත්වීමට අකැමැති ජනී ජනයා නිෂ්පාදනය වෙනුවට යැපෙන තැනට පත්ව සිටිති.
දිළිඳුභාවය ගැන ගැඹුරු අවබෝධයක්
ශ්‍රී ලංකාවේ දිළිඳුකම තුරන් කරන පියවර තුළ උස් පහත් පැතිකඩ පවතින බව වාර්තා දක්වයි. 2012 දී දුප්පත් ජන කොටස ජනගහනයෙන් සියයට 15.2 ක් වූ අතර, 2016 වන විට එම ප්‍රතිශතය සියයට 4.1 දක්වා පාලනය වී තිබුණි. චීනය, ඉන්දියාව හා බංගලාදේශය වැනි රටවලටත් වඩා ඉක්මනින් ශ්‍රී ලංකාවේ පැතිරගිය දුප්පත්කම අඩුවී තිබේ. එහෙත් ආර්ථික අර්බුදය එය වෙනත් පැත්තකට හරවා ඇත. ආර්ථිකය ඝෘණ අගයකට පත් වූ පසු සාමාන්‍ය ජනතාව ඉතාම අපහසුතාවක පසුවෙති. විශේෂයෙන් මැදි ආදායම් ජන කොටස විශාල අර්බුදයකය. කොවිඩ් ආර්ථික වාර්තා අනුව ලක්ෂ හතරකට පමණ රැකියා අහිමි වූ අතර, ලක්ෂ හතළිහක් පමණ දුප්පත්භාවයට පත්ව ඇත. මෙයට අනුව සමාජයේ වැඩි කොටසක් නැවත ආධාර හිමිවිය යුතු තැනක පසුවේ.
ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව දක්වන පරිදි 2019 වසරේ දී මාසයක් ජීවත්වීම සඳහා රු. 6,966.00 ක් ප්‍රමාණවත්ය. 2025 පෙබරවාරි වන විට එය රු.16,318.00 දක්වා ඉහළ ගොස් තිබේ. උද්ධමනය අඩු බව මතුපිටින් දක්වන නමුත් කලින් වර්ධනය වූ තැන සිට කුඩා විචල්‍යයක් හැර ආපසු පැමිණ නැත. එවැනි පසුබිමක් තුළ පවුලක වියදම ඉහළ ගොස් තිබේ. ලෝක බැංකුව පෙන්වා දෙන කරුණකට අනුව කාන්තාවන්ගෙන් සියයට හැත්තෑ එකක් ආර්ථික ක්‍රියාකාරකම්වලින් බැහැරය. දියුණු රටවල පුරුෂයා හා සමානව කාන්තාව ද වෘත්තියක නිරත වේ. එවැනි නිරතවීමකින් තොරව ආහාර, නිවාස, සෞඛ්‍ය හා අධ්‍යාපන පහසුකම් පිරිවැය ආවරණය කර ගත නොහැක. එම පිරිවැය ආවරණය සඳහා කාන්තාව වැඩ කරන අතර, දරුවන්ට අධ්‍යාපනය සඳහා නිසි පහසුකම් තිබේ. ශ්‍රී ලංකාවේ කාන්තාවන් ආර්ථික ක්‍රියාකාරකම්වල නැති නමුත් සෑම මවක්ම සිය දරුවන් කැටුව පාසලට හෝ ටියුෂන් පන්තියට යන්නට සිදුවී ඇත. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය හේතු කොටගෙන සහ සමාජ ආරක්ෂාව සම්බන්ධ ගැටලු පදනම් කරගෙන මෙම වාතාවරණය නිර්මාණය වී ඇත.
අනෙක් අතට අවුරුදු 15-24 අතර තරුණයන්ගෙන් සියයට 24.7 ක් රැකියා හිඟයෙන් පෙළෙන බව දැක්වේ. දක්ෂතම හා හැකියාවෙන් යුතු පිරිස උත්පාදන කටයුතුවලින් බැහැරව සිටින සමාජයක් දියුණු කරන්නේ කෙසේද? ආර්ථික කටයුතුවලින් බැහැර සියයට හැත්තෑ එකක කාන්තා ප්‍රතිශතය හා තරුණ පිරිස ගේ විරැකියාව සලකා බලන පසු රට පත්ව තිබෙන තැන ගැන අවබෝධ කරගත හැකිවේ. රට දියුණු කිරීම සඳහා මෙම මුලික රාමුව වෙනස් කළ යුතුව ඇත.
ආර්ථික නිදහස අහිමි කිරීම ප්‍රශ්නයකි
ආර්ථික කටයුතුවල නිරතව උත්පාදනය පැතිවලට නැඹුරු විය යුතු නමුත්, සමාජයට පොදුවේ එවැනි උත්සාහයකට ඉඩ කඩ අඩුය. ශ්‍රී ලංකාවේ බදු රටාව අනුව ව්‍යවසායක නිරතව උපයන උන්නදුව පාලනය කෙරේ. 2025 අය වැය අනුව මාසයකට රුපියල් එක්ලක්ෂ පනස් දහසකට වඩා උපයන පිරිස බදු ගෙවිය යුතුය. පැවැති ආණ්ඩුව එයට වඩා තද ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. උපයන විට බදු ගෙවන සියලුම දෙනා බදු ලිපිගොනුවක් ආරම්භ කළ යුතුවේ. බදු ලිපිගොනු ආරම්භ කරන නමුත් ජනතාවගෙන් අය කරන නමුත් රටට වැඩදායක සේ බදු වැය කරන බවක් දැක්වෙන්නේ නැත. ආණ්ඩුවල තීරණ ගැන අසතුටින් සිටින ජන කොටස් තමන් බදු නොගෙවන තරමට උපයාගැනීමෙන් සතුටට පත්වන සමාජයක් බවට හැරී ඇත. එය ආකල්ප ප්‍රශ්නයකි. ආර්ථික දියුණුව අනුව සංකීර්ණ ගැටලු ඇති කරන තත්වයක් බව පැහැදිලි කළ යුතුය.
අලුත් ආදායම් බදු වගුව අනුව රුපියල් ලක්ෂ දහ අටක් එනම් මාසයකට රුපියල් ලක්ෂ එකහමාරක් දක්වා බදු නිදහස් අතර, ඊළඟ ලක්ෂ දහයට සියයට 6 ක බද්දක් පැනැවේ. එයින් පසු ලක්ෂ පහ බැගින් කාණ්ඩ තුනකට සියයට 18 සිට 30 දක්වා කොටසක් බදු අය කරගැනේ. වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ හතළිස් දෙක ඉක්මවන අවස්ථාවක ආදායමෙන් සියයට 36 ක් බදු ගෙවන්නට සිදුවේ. මෙම බද්ද දැනට වෙනත් භාණ්ඩ හා සේවාවලට අය කරන වක්‍ර බදුවලට අමතරවය. මිල දී ගන්නා සියලුම දේ සඳහා රට තුළ බදු අය කෙරේ. විදුලිය, ජලය හා දුරකතන ගාස්තු ද බදුවලට යටත්ය. ඒවා ගෙවන අතරවාරයේ තමන්ගේ ආදායම ද ඉහළ බදු අනුපාතයකට ගොදුරු කරන පසු ඒවා ගෙවන තරමට උපයන්නට සමාජය සූදානම් නැත. එය සරල තත්වයකි.
ආර්ථික නිදහස ඇති රටක අලුත් ව්‍යවසාය බිහිවේ. ඒවා බිහිකරන්නට තරුණයන්ට ජවයක් ඇති වේ. මෙරට තරුණයන්ගෙන් විශාල කොටසක් එදිදෙනා ආදායම ප්‍රමාණවත් බව විශ්වාස කරති. සෑම නගරයකම ත්‍රීවිලර් කුලී දුවන, පික්මී හෝ වෙනත් කුලී කරන තරුණ ජනගහනයක් සිටී. වාර්තා දක්වන පරිදි රට තුළ ත්‍රීවිලර් ලක්ෂ දොළහකට ආසන්න සංඛ්‍යාවක් ඇත. 2022 දි පමණක් අලුත් ත්‍රීවිලර් ලක්ෂ එකහමාරක් ලියා පදිංචි කර තිබේ. මේවා ධාවනය කරන්නේ තරුණ පිරිස්ය. දක්ෂතම ශ්‍රම බලකාය බව දැක්විය හැකිය. සිංගප්පූරුවේ තරුණයන්ට ත්‍රීවිලර් ධාවනය තහනම්ය. එරට තරුණයන්ට වෙනත් රැකියා තිබේ. ශ්‍රී ලංකාවේ දක්ෂතම ශ්‍රම කාණ්ඩය ත්‍රීවිලර් හා කුලී සැපයුම්කරුවන් වූ පසු දුප්පත්කම ගැන වෙනත් තක්සේරු අවශ්‍ය නැත. නිරීක්ෂණය කරන පරිදි මෙම පිරිසට දියුණු ව්‍යවසායකත්වය අවශ්‍ය නැත. එදිනෙදා වියදම පමණක් ප්‍රමාණවත්ය. ව්‍යාපාරයක් ඇති කර බදු ගෙවන්නට යෝජනා කළහොත් ඔවුන්ගෙන් වැඩිදෙනකු එයට විරෝධතාවක් දක්වනු නිසැකය. වැඩිපුර උපයන හා උත්පාදන ශක්තියක් සහිත අංශවලට යොමු නොවීමට හේතු විමර්ශනය කළහොත් අධික බදු එක සාධකයක් සේ හුවා දක්වනු ඇත. මෙය ආණ්ඩුව විසින්ම ආර්ථික නිදහස ආවරණය කිරීමකි.
රාමුව පුළුල් කරන පියවර අවශ්‍යය
ශ්‍රී ලංකාවේ ආර්ථිකය දියුණු කිරීම සඳහා රාමුව වෙනස් කළ යුතුවේ. සිස්ටම් වෙනස් කරන සේ ජනතාව බල කර සිටියේය. උපයන දෙයින් විශාල කොටසක් ආණ්ඩුව අත්පත් කරගෙන එම කොටස අකාර්යක්ෂම හා දූෂිත ක්‍රමයකට වැය කරන පසු ජනතාව අලුත් ආකල්පවලින් පිබිදෙන්නේ නැත. ආණ්ඩුවෙන් යැපෙන සහනාධාර අපේක්ෂා කරති. රජයේ රැකියා හැර ව්‍යවසායකත්වය වෙත නැඹුරු නොවන බව සඳහන් කළ යුතුය. ආදායම උපයන තැනට ජන කොටස් යොමු කළ යුතු අතර උපයන ආදායම ජීවත්වීමට පමණක් නොව ඉතිරිවන ධනය නැවත අලුත් ආකෘතියකට ආයෝජනය කරන පසුබිමක් සකස් කරන තීන්දු ගත යුතුව තිබේ. එවැනි තීරණයකින් තොරව රජයේ ආදායම වැඩි කරගත නොහැක. ආර්ථික සංවර්ධනයක් ඇති නොවේ.
ආදායම් බදුවලට අමතරව බැංකු ක්‍රමය මගින් අය කරන බදු පවා ආර්ථිකයට ඉදිරි කාලය තුළ තද බලපෑමක් ඇති කරනු ඇත. එය ලෝක බැංකුව දක්වන දුප්පත්භාවය තවත් වටයකින් තීව්‍ර කිරීමකි. මෙතෙක් බැංකුවලින් රඳවා ගැනීමේ බද්දක් වශයෙන් පනවා තිබුණ පොලී ආදායමෙන් සියයට පහක ප්‍රතිශතය සියයට දහයක ප්‍රතිශතයක් දක්වා වැඩි කොට තිබේ. සාමාන්‍ය ජනතාව කරන තැන්පත්වලින් මෙම බදු අය කරගන්නා බැංකු ඒවා රජයේ ආදායමට පවරයි. පොලියෙන් සියයට දහයක් අය නොකිරීම සඳහා තමන්ගේ වත්කම් දැක්විය යුතුවේ. බැංකුවල තැන්පත් කිරීම අවම කරන අතර මුදල් පරිහරණය කරන සමාජයක් ඇති විය හැකිය.
එහි අනෙක් පැත්ත දුප්පත්භාවය තවත් නංවන පියවරකි. තැන්පත් අනුපාතය රටක ආර්ථික දර්ශකයක් වේ. තැන්පත් ධනය ආයෝජන සඳහා ප්‍රාග්ධනය සපයයි. බැංකු හා මුල්‍ය ආයතනවල තැන්පත් හිඟ වන අතර, එම තැන්පත් ව්‍යවසායකත්වයට ලබාගත හැකි ප්‍රමාණය පාලනය වන පසු කර්මාන්ත හා ව්‍යාපාර තවත් වටයකින් සීමා විය හැකිය. මේවා ඉතා සූක්ෂමව සිදුවේ. ආණ්ඩුවේ ප්‍රතිපත්ති සම්පාදකයන් අවධානය යොමු කළ යුතු අංශයකි.
ආණ්ඩුවේ දුප්පත් ආකල්පය වෙනසකට
බ්‍රිතාන්‍ය යටත් විජිත කාලයේ සිට ලංකාවේ තෝරාගත් කණ්ඩායමකට සහනාධාර සපයා ඇත. එකල දුප්පතුන්ගෙන් වැඩි කොටසක් බ්‍රිතාන්‍ය පාලකයන්ගෙන් ආධාර ගැනීමට සූදානම් වූයේ නැත. එය අවමානයක් සේ සැලකූහ. නිදහස ලබාගැනීමෙන් පසු දුප්පතුන් සඳහා සහන ක්‍රම පැවැති නමුත්, එය 1977 න් පසු ප්‍රසාරණයක් සිදුවී ඇත. විවෘත ආර්ථික ක්‍රමය හඳුන්වා දෙන විට පැවැත්ම වෙනස් වූ අතර, එහි අවස්ථා අහිමිවන ජන කොටස තෝරා සහන සැපයීමට ආණ්ඩු වගබලා ගත්තේය. වර්තමානයේ දී සහනාධාර අයිතිවාසිකමක් බවට පත්ව තිබේ. මහජනතාවගෙන් අය කරන බදුවලින් කොටසක් තෝරාගත් දුප්පත් ජන කොටස්වලට බෙදන ආණ්ඩු ඒවා දේශපාලන ව්‍යාපාරවල ජනප්‍රියත්වයට භාවිත කරමින් සිටි.
දුප්පත් ජනතාවට සහනාධාර දිය යුතුය. විවාදයක් නැත. ලෝක බැංකුව දක්වන පරිදි දුප්පත්භාවය දියුණු තියුණු වී තිබේ. එහෙත් ලෝක බැංකුව හෝ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සකස් කරන රාමුව වෙනුවට ශ්‍රී ලංකාවට ගැළපෙන ක්‍රමයකින් ජනතාවගේ අතමිට දියුණු කළ යුතුවේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල දක්වන පරිදි ජාතික ආදායමෙන් සියයට දහ අටක ප්‍රතිශතයක් බදුවලින් ගැනීම එක්තරා ඉලක්කයකි. මැදි ආදායම් ජනතාවගේ වත්කම්වලින් හෝ ඔවුන් තැන්පත් කරන ධනයෙන් බදු අයකර ඉලක්ක සාක්ෂාත් කරගැනීම වෙනුවට ජනතාව උත්පාදනය කරන පිරිසක් බවට පත් කළ යුතුවේ. බදු අඩු කළහොත් ඉතිරිවන ධනය වෙනත් පැතිවලට වියදම් කරන අතර එය ආර්ථිකය සක්‍රීය කිරීමකි. කොටසක් තැන්පත් කෙරේ. තවත් කොටසක් ව්‍යාපාර හෝ අලුත් දෙයකට යොදවනු ඇත. එම අංශ දියුණු වූ පසු රටට ලබාගත හැකි ආයතනික බදු ප්‍රතිශතයක් වශයෙන් ඉහළට පැමිණීම වැළැක්විය කොහැක.
දුප්පත් ජනතාවගේ ආදායමෙන් කොටසක් ලබාගෙන දුප්පත්කම දුරුකරන හා ආර්ථිකය සමබර කරන ආකල්පය වෙනුවට විකල්ප පැති සාකච්ඡා කළ යුතුවේ. ලෝකයේ අනෙක් රටවල් ජනතාවගෙන් උදුරා ගන්නට කලින් ඔවුන්ට වර්ධනය සඳහා අවස්ථා ලබා දී ඇති බව දැක්වීම අවශ්‍යය. ධනය ඉපැයීම සඳහා ඒවා ආයෝජනය කළ යුතු අතර, ආයෝජන රහිතව අයකරගැනීම රටට ඇති කර තිබෙන හානිය බරපතළ බව සඳහන් කිරීම අවශ්‍යය.
මාසික ජංගම ගිණුම් සංඛ්‍යා ලේඛන සම්පාදනය කිරීම ආරම්භ කිරීමෙන් පසු වාර්තා වූ ඉහළම මාසික ජංගම ගිණුම් අතිරික්තය වාර්තා කරමින් ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශී
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය අප්‍රේල් මාසයේදී ඍණ සියයට 2ක අවධමනයක් වාර්තා කර ඇතැය
ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 මාර්තු මාසයේ දී දර්ශකාංක 54.3ක අගයක් වාර්තා කර ඇතැයි මහ බැංකුව සිය නවතම සමීක්ෂණ දත්ත අ
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් ලෙස යථා තත්වයට පත් කිරීමටත් ගෝලීය වේදිකාවේ එහි අපනයන තරඟකාරිත්වය පවත්වා ගැනීමටත් යුරෝපා සංගමයේ ජී.එස්.පී ප්ලස් සහනයේ උ
“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති රාමුව යටතේ 2025 අයවැයෙන් ප්‍රකාශයට පත් කළ ප්‍රධාන අරමුණක් වන 2025-2029 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) සකස් කිරීමට
කොළඹ කොටස් හුවමාරුව 2025 මාර්තු මාසයේ සිට බලපැවැත්වෙන පරිදි GSS+ බැඳුම්කර නියාමන රාමුව හඳුන්වාදීමට කටයුතු යොදා ඇතැයි පවසයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ලෝක බැංකුව කියන ශ්‍රී ලංකාවේ දුප්පත්කම