විමුක්ති එස් රුද්‍රිගු
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් ලෙස යථා තත්වයට පත් කිරීමටත් ගෝලීය වේදිකාවේ එහි අපනයන තරඟකාරිත්වය පවත්වා ගැනීමටත් යුරෝපා සංගමයේ ජී.එස්.පී ප්ලස් සහනයේ උපායමාර්ගික වැදගත්කම ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය පසුගියදා අවධාරණය කළේය.
ඉතිහාසයේ ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව මුහුණදීමට සිදුවූ පෙර නොවූවිරූ අභියෝග හමුවේ රට ස්ථාවර කිරීමට දරන උත්සාහයේදී ජී.එස්.පී ප්ලස් සහනය නැවත ලබා ගැනීම සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවත් ඒ සඳහා රජයට තම මණ්ඩලයේ පූර්ණ සහයෝගය හිමිවන බවත් ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලයේ ප්‍රකාශ කළේය.
ජී.එස්.පී ප්ලස් යනු මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම්, පාරිසරික තිරසාරභාවය සහ යහපාලනයට අදාළ ජාත්‍යන්තර සම්මුතීන් 27 ක් ක්‍රියාත්මක කරන සංවර්ධනය වෙමින් පවතින රටවලට යුරෝපා සංගමය විසින් පිරිනමනු ලබන විශේෂ වෙෙළඳ විධිවිධානයකි. එමගීන් ශ්‍රී ලංකාවට තීරුබදු රහිත පදනමක් මත නිෂ්පාදන
6,000 කට වැඩි ගණනක් යුරෝපා සංගම් වෙළඳපොළට අපනයනය කිරීමට ඉඩ සැලසේ. වසර ගණන ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමෙන් පසුව සහ සක්‍රීය රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාකාරිත්වය ඔස්සේ 2017 වසරේදී නැවත වරක් ශ්‍රී ලංකාව ජී.එස්.පී ප්ලස් සහනය නැවත හිමිකර ගත්තේය.
ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලයේ සභාපති කෞෂාල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාව සිය ආර්ථිකය යථා තත්වයට පත්කර ගැනීමට යන ගමනේදී ජී.එස්.පී ප්ලස් සහනය ඉතා වැදගත් වනවා පමණක් නොව එය අත්‍යාවශ්‍ය බවය.
ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී සහ මහා ලේකම් ෂිහාම් මරිකාර් මහතා ප්‍රකාශ කර සිටියේ 2010 වසරේ ශ්‍රී ලංකාව සිදුකළ වැරදි නැවත වරක් සිදුවීමට ඉඩ නොතැබිය යුතු බවයි.
මාසික ජංගම ගිණුම් සංඛ්‍යා ලේඛන සම්පාදනය කිරීම ආරම්භ කිරීමෙන් පසු වාර්තා වූ ඉහළම මාසික ජංගම ගිණුම් අතිරික්තය වාර්තා කරමින් ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශී
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය අප්‍රේල් මාසයේදී ඍණ සියයට 2ක අවධමනයක් වාර්තා කර ඇතැය
ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 මාර්තු මාසයේ දී දර්ශකාංක 54.3ක අගයක් වාර්තා කර ඇතැයි මහ බැංකුව සිය නවතම සමීක්ෂණ දත්ත අ
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් ලෙස යථා තත්වයට පත් කිරීමටත් ගෝලීය වේදිකාවේ එහි අපනයන තරඟකාරිත්වය පවත්වා ගැනීමටත් යුරෝපා සංගමයේ ජී.එස්.පී ප්ලස් සහනයේ උ
“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති රාමුව යටතේ 2025 අයවැයෙන් ප්‍රකාශයට පත් කළ ප්‍රධාන අරමුණක් වන 2025-2029 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) සකස් කිරීමට
කොළඹ කොටස් හුවමාරුව 2025 මාර්තු මාසයේ සිට බලපැවැත්වෙන පරිදි GSS+ බැඳුම්කර නියාමන රාමුව හඳුන්වාදීමට කටයුතු යොදා ඇතැයි පවසයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
අපනයන අංශයට ජී.එස්.පී ප්ලස් අතිශය වැදගත් - ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය