ADB සහ EDB අතර එකඟතාවක්
“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති රාමුව යටතේ 2025 අයවැයෙන් ප්‍රකාශයට පත් කළ ප්‍රධාන අරමුණක් වන 2025-2029 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) සකස් කිරීමට ආසියානු සංවර්ධන බැංකුව සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය එකගතාවකට පැමිණ සිටී. ඒ එම ආයතනවල නිලධාරීන් අතර ඉකුත්දා පැවැති සාකච්ජාවකදීය.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ, ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රතිපත්ති මත පදනම් වූ ණය (PBL) වැඩසටහන යටතේ, ඉදිරි වසර පහ තුළ ශ්‍රී ලංකාවේ අපනයන වර්ධනය ඉහළ නැංවීම සඳහා පුළුල් ජාතික සැලැස්මක් සකස් කිරීමේ වැදගත් පියවරක් ලෙස මෙම හමුව පැවැත්විණි.
2018-2022 සඳහා පැවති ජාතික අපනයන උපාය මාර්ග සැලැස්ම විසින් ස්ථාපිත කරන ලද පදනම මත අපනයන සංවර්ධනය සඳහා වඩාත් ඉලක්කගත සහ දත්ත මත පදනම් වූ ප්‍රවේශයක් අනුගමනය කිරීම මෙම සැලැස්මේ අරමුණ වේ.
තාක්ෂණික නවෝත්පාදන පිළිගැනීම, නියාමන රාමුව ශක්තිමත් කිරීම සහ තිරසාරභාවය අපනයන ක්‍රියාකාරකම් වෙත එක් කිරීමෙන්, පෙර සාර්ථකත්වය ව්‍යාප්ත කිරීම සහ වඩාත් ශක්තිමත් කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු විය.
NEDP සැලැස්ම සකස් කිරීමේ උපාය මාර්ග, අපනයන විවිධාංගීකරණයේ කාලීන අවශ්‍යතාව, සහ පොදු දැක්මක් වටා සියලු පාර්ශවකරුවන් පෙළගැස්වීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කරන ලදි.
මෙම ජාතික අපනයන සංවර්ධන සැලැස්ම සකස් කිරීම සඳහා මූලික කණ්ඩායමක් පිහිටුවීම, ක්‍රියාකාරී සැලැස්මක් ස්ථාපිත කිරීම සහ ඵලදායී අධීක්ෂණ යාන්ත්‍රණ නිර්මාණය කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී හඳුනාගන්නා ලදී.
මාසික ජංගම ගිණුම් සංඛ්‍යා ලේඛන සම්පාදනය කිරීම ආරම්භ කිරීමෙන් පසු වාර්තා වූ ඉහළම මාසික ජංගම ගිණුම් අතිරික්තය වාර්තා කරමින් ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශී
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය අප්‍රේල් මාසයේදී ඍණ සියයට 2ක අවධමනයක් වාර්තා කර ඇතැය
ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 මාර්තු මාසයේ දී දර්ශකාංක 54.3ක අගයක් වාර්තා කර ඇතැයි මහ බැංකුව සිය නවතම සමීක්ෂණ දත්ත අ
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් ලෙස යථා තත්වයට පත් කිරීමටත් ගෝලීය වේදිකාවේ එහි අපනයන තරඟකාරිත්වය පවත්වා ගැනීමටත් යුරෝපා සංගමයේ ජී.එස්.පී ප්ලස් සහනයේ උ
“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති රාමුව යටතේ 2025 අයවැයෙන් ප්‍රකාශයට පත් කළ ප්‍රධාන අරමුණක් වන 2025-2029 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) සකස් කිරීමට
කොළඹ කොටස් හුවමාරුව 2025 මාර්තු මාසයේ සිට බලපැවැත්වෙන පරිදි GSS+ බැඳුම්කර නියාමන රාමුව හඳුන්වාදීමට කටයුතු යොදා ඇතැයි පවසයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඉදිරි වසර පහට ජාතික අපනයන සංවර්ධන සැලැස්මක්