භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුව 2025 මාර්තු මාසයේ සිට බලපැවැත්වෙන පරිදි GSS+ බැඳුම්කර නියාමන රාමුව හඳුන්වාදීමට කටයුතු යොදා ඇතැයි පවසයි. ඒ අනුව තේමාත්මක බැඳුම්කර සඳහා වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම පරිපූර්ණ නියාමන රාමුව මෙය බවට පත්වනු ඇතැයිද එම හුවමාරුව සඳහන් කරයි.
වඩාත් පුළුල් හා ඉහළ අන්තර්ග්‍රහණයකින් යුත් ප්‍රවේශයකට අනුකූල වෙමින් විකාශනය වෙමින් පවතින ගෝලීය ප්‍රමිතීන්ට ගැළපෙන පරිදි මෙම හඳුන්වාදීම සිදු කරන බව පැවසෙයි.
මේ යටතේ, කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කිරීමේ රීතිවල “තිරසාර බැඳුම්කර” යන යෙදුම වෙනුවට “GSS+ බැඳුම්කර” යන්න යොදා ඇති අතර, හරිත, නිල්, සමාජ, තිරසාර සහ තිරසාරභාවය සම්බන්ධ බැඳුම්කර ඇතුළු අනෙකුත් සමාන බැඳුම්කර වර්ග එමගින් ආවරණය වේ.
මේ අතරින් සමාජ බැඳුම්කර ස්ථාවර ආදායම් මූල්‍ය උපකරණ වන අතර, එයින් ලැබෙන ආදායම සමාජ ගැටලු විසඳීම සහ ධනාත්මක සමාජ බලපෑම් ඇති කිරීම අරමුණු කරගත් ව්‍යාපෘති සඳහා මූල්‍යයනය හෝ ප්‍රතිමූල්‍යයනය සඳහා පමණක් යොදා ගනී. එනම් අත්‍යවශ්‍ය සේවා සඳහා වන ප්‍රවේශය ඉහළ නැංවීම, දැරිය හැකි මිලකට පවතින නිවාස පහසුකම්, අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා සහ රැකියා අවස්ථා වැනි ව්‍යාපෘති ඊට අයත්ය.
මේ පිළිබඳ අදහස් දක්වමින් කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා, “ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙෙළඳපොළ වෙත GSS+ හඳුන්වාදීම තිරසාර ආයෝජන නිෂ්පාදන පරාසය ව්‍යාප්ත කිරීම පමණක් නොව, අපගේ ප්‍රජාව තුළ දිගුකල් පවත්නා වෙනස්කම් ඇති කළ හැකි සමාජීය බලපෑම් සහිත ව්‍යාපෘති සඳහා අරමුදල් ඒකරාශී කිරීමට නිකුත් කරන්නන්ට හැකියාව ලබා දීම ද සිදුවේ.“ යනුවෙන් පවසා සිටියි.
මාසික ජංගම ගිණුම් සංඛ්‍යා ලේඛන සම්පාදනය කිරීම ආරම්භ කිරීමෙන් පසු වාර්තා වූ ඉහළම මාසික ජංගම ගිණුම් අතිරික්තය වාර්තා කරමින් ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශී
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය අප්‍රේල් මාසයේදී ඍණ සියයට 2ක අවධමනයක් වාර්තා කර ඇතැය
ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 මාර්තු මාසයේ දී දර්ශකාංක 54.3ක අගයක් වාර්තා කර ඇතැයි මහ බැංකුව සිය නවතම සමීක්ෂණ දත්ත අ
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් ලෙස යථා තත්වයට පත් කිරීමටත් ගෝලීය වේදිකාවේ එහි අපනයන තරඟකාරිත්වය පවත්වා ගැනීමටත් යුරෝපා සංගමයේ ජී.එස්.පී ප්ලස් සහනයේ උ
“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති රාමුව යටතේ 2025 අයවැයෙන් ප්‍රකාශයට පත් කළ ප්‍රධාන අරමුණක් වන 2025-2029 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) සකස් කිරීමට
කොළඹ කොටස් හුවමාරුව 2025 මාර්තු මාසයේ සිට බලපැවැත්වෙන පරිදි GSS+ බැඳුම්කර නියාමන රාමුව හඳුන්වාදීමට කටයුතු යොදා ඇතැයි පවසයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කොළඹ කොටස් හුවමාරුවෙන් GSS+ බැඳුම්කර