ලෝකයේ රටවල් 144ක් අතුරින් සෞඛ්‍ය සේවා සහ ජීවිත රැකවරණය ඇති හොඳම රටවල් 34ට ශ්‍රී ලංකාවද ඇතුළත් වී ඇතැයි ගෝලීය ආර්ථික සංසදය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.
එම දර්ශකයට අනුව සෞඛ්‍ය සහ පැවැත්ම සඳහා ශ්‍රී ලංකාව පළමු ස්ථානය හිමිකරගෙන ඇති අතර, අධ්‍යාපන මට්ටම අනුව 86 වැනි ස්ථානය හිමිකරගෙන ඇත. දේශපාලන බලගැන්වීම අතින් 65 වැනි ස්ථානය හිමිකරගෙන ඇති ශ්‍රී ලංකාව ආර්ථික සහභාගීත්වය සහ අවස්ථාවන් සඳහා 123 වැනි ස්ථානය හිමිකරගෙන තිබේ.
එමෙන්ම මෙම දර්ශකය අනුව ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ පරතරය 0.669 කි.
දේශපාලන බලගැන්වීම් දර්ශකයේ පළමු ස්ථානයද ආර්ථික සහභාගීත්වය සහ අවස්ථා දර්ශකයේ 14 වැනි ස්ථානයද හිමිකරගෙන සිටින අයිස්ලන්තය අධ්‍යපන මට්ටම සඳහා 57 වැනි ස්ථානය හිමිකරගෙන ඇත. සෞඛ්‍ය සහ පැවැත්ම දර්ශකයේ 114 වැනි ස්ථානය අයිස්ලන්තයට හිමිව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකේ කුහකම දොස්තරලා සහ ඔවුන්ගේ දෙමවුපියන් ඉන්න රටවල් වල ලැස්තුවක් හැදුවොත් අපේ රට පලවෙනි තුන්දෙනා අතරට ඒවි.
අර කියපු විදියට එක ලෙඩේට එක ගානේ ඉස්පිරිතාල හදලා ඉවර වුණාම නොම්මර එකට එනවා සිකුරුයි.
බලනකොට ලෝකයේ හොඳම රට ලංකාව. හැබැයි ඇමතිලා ලෙඩ වුනාම යන්නේ සිංගප්පුරුවට. අනික ඒක පෙන්නේ නැහැ.
ඔය ලැයිස්තු හදන අය ලංකාවේ රෝහලකට අඩියක්වත් තියලද මන්ද, ලංකාවේ රෝහල්වල රෝගීන් ඇඳන් උඩයි ඇඳන් යටයි, කොරිඩෝ වලයි, දොස්තරලා වැඩිපුරම වැඩ වර්ජන වල, ඕවා මුකුත් මෙයාල දන්නවද මන්ද.
ලොකයේ වැඩිපුරම දොස්තරලා වර්ජනය කරන රටවල් අතරින් පළවෙනි රට ලංකාව කියල කිව්වොත් තම හරි.......
ඒක තමයි අපේ සෞඛ්‍ය ඇමති සහ අනෙක් ඇමතිවරු බෙහෙත් ගන්න පිටරට යන්නේ.
කව්රු නිසා උනත් දොස්තරලා නිසානම් මේක උනා වෙන්න බැහැ.....