IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ලොව ඉහළම මූර්ත පොලී අනුපාතය ලංකාවේ

ලොව මූර්ත පොළී අනුපාතිකය වැඩිම රටවල් අතරින් ශ්‍රී ලංකාව අංක එකට පත්ව ඇතැයි  බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කරයි. 
 
ශ්‍රී ලංකාවට අමතරව පාකිස්තානය සහ ඉන්දියාව ලොව ප්‍රධාන ආර්ථික අතුරින් ඉහළම මූර්ත පොළී ඇති රටවල් අතර මුල් ස්ථාන පහට ඇතුළත්ව තබේ.  මේ අනුව ලොව ඉහළම මූර්ත පොළී අනුපාත ඇති රටවල් බවට පත්ව ඇත්තේ දකුණු ආසියාතික රටවල්ය. 
 
මේ තත්ත්වය හේතුවෙන් කලාපයේ රටවලට නම්‍යශීලි, ලිහිල් සහ සුමට මූල්‍ය ප්‍රතිපත්ති අනුගමනය කිරීමට සිදුව ඇතැයි ද එම වෙබ් අඩවිය පෙන්වාදෙයි. 
ලොව ඉහළම මූර්ත පොළී අනුපාතිකයට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ මූර්ත පොළී අනුපාතිකය සියයට 6.2ක් වන අතර මේ තත්ත්වය හේතුවෙන් මහ බැංකුවට අඩු ආර්ථික වර්ධනයක් බලාපොරොත්තු වීමට සිදුව ඇතැයි ද එම පුවත් වාර්තාව පෙන්වාදෙයි. 
 
දේශපාලන අර්බුදය ද ශ්‍රී ලංකාවේ මෙම ඉහළ මූර්ත පොළී අනුපාතික තත්ත්වයට හේතු වූ බව පෙන්වා දී තිබෙන එම වෙබ් අඩවිය මේ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව වසර අවසානයේදී ප්‍රතිපත්ති පොළී අනුපාත පැවැති තත්ත්වයේම නොවෙනස්ව තබාගැනීමට පියවර ගත්තේය. 
 
ලොව වැඩිම මූර්ත පොළී අනුපාතිකවලට හිමිකම් කියන රටවල් වන දකුණු ආසියාතික රටවල උද්ධමනය ඉහළ බවත් පොළී අනුපාත සීරුමාරු කරන බවත් බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පෙන්වාදෙයි.

බ්ලූම්බර්ග් වෙබ් අඩවියේ එම ශ්‍රේණීගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවේ මූර්ත පොළී අනුපාතිකය සියයට 6.2ක් ලෙසත්, ඊජිප්තුවේ සියයට 4.8ක් ලෙසත් සඳහන්ව ඇත. ඉන්දියාවේ සහ පාකිස්තානයේ මූර්ත පොළී අනුපාතිකය සියයට 4.3ක් ලෙස සටහන්ව තිබේ. පස්වැනි තැනට පත්ව තිබෙන තුර්කියේ මූර්ත පොළී අනුපාතිකය සියයට 3.7ක ලෙස සටහන්ව ඇත.
 
 රටක් ඍණ මූර්ත පොළී අනුපාතිකයක් පවත්වාගෙන යන්නේ නම් එය මූල්‍ය අස්ථාවරත්වය පෙන්නුම් කරන සංඥාවක් ලෙස සලකයි. එමෙන්ම ඉහළ උද්ධමනය, සීරු මාරුවට වෙනස් කරන පොළී අනුපාතවලට හිමිකම් කියන අතර එම කරුණු නිසා මහ බැංකුවලට ලිහිල් ප්‍රතිපත්තිවලට කටයුතු කිරීමට සිදුවේ.
 
ඉන්දියාවේ මුදල් අමාත්‍ය අරුන් ජෙට්ලි අවස්ථා කිහිපයකදීම ඉහළ මූර්ත පොළී අනුපාත සම්බන්ධයෙන් චෝදනා කළ අතර ලබන මාසයේදී පොළී අනුපාත කපා හැරීම සම්බන්ධයෙන් එරට ආර්ථික විද්‍යාඥයන් අවධානය යොමු කර ඇතැයි ද වාර්තා විය.   

උද්ධමනය පහත අගයක පැවැතුණහොත් ඊජිප්තුව ද ඉදිරියේදී පොළී අනුපාත කපා හරිනු ඇතැයි වාර්තා වේ. ගෙවුම් ශේෂ අර්බුදයක් ඇති වීමේ අවදානම හේතුවෙන් දැඩි තීරණයක් ගනිමින් පාකිස්තානය ද පසුගිය වසරේදී පොළී අනුපාත කපා හැරීමට තීරණය කළේය. එමෙන්ම ආර්ථිකයේ ව්‍යුහාත්මක වෙනස් කිරීමට ද පාකිස්තානය පියවර ගත්තේය. 
 
කෙසේ නමුත් තුර්කියේ තත්ත්වය සංකීර්ණ වී තිබේ. ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව එරට මුදල් ඒකකය වන ලීරා මුදල් ඒකකය අවප්‍රමාණය වීම ඊට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙන අතර මේ හේතුව එරට ආර්ථිකය අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී සිටී. 
 
බ්ලූම්බර්ග් ඇසුරිනි
 
055

 



අදහස් (0)

ලොව ඉහළම මූර්ත පොලී අනුපාතය ලංකාවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site