දිනයේ ගනුදෙනු ආරම්භයේ සිට ක්‍රමයෙන් වර්ධනය වූ කොළඹ කොටස් වෙළෙඳ පොළ පසුව ගනුදෙනුකරුවන් ලාබ ඉපැයීමට ගත් උත්සාහය ඉදිරියේ අඩාලවීමක් සිදුවිය. අවසානයේ දී දර්ශක ඉතා සුළු වර්ධනයක් පමණක් පෙන්නුම්කරමින් නිමාවට පත්විය. ඊයේ (මාර්තු 19) වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භවන විට සක්‍රීය ස්වභාවයකින් හැසිරුණ අතර මිල දී ගැනීමට යුහුසුළුවන බවක් දක්නට ලැබුණි. මධ්‍යහ්නය වන තෙක් පැවැති මෙම වාසි සහගත අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් සිය කොටස් විකිණීමට උත්සාහ කරන ලද ගනුදෙනුකරුවන්ගේ වෑයම හේතු කොට ගෙන දර්ශක පහතට වැටිණ. මිල දී ගැනීම සම්බන්ධයෙන් පවතින අවස්ථා ආරක්ෂා කරගැනීමට දේශීය සුළු ආයෝජකයන් කල්පනාකාරී වූ බවක් නිරීක්ෂණය නොවේ.
ගනුදෙනු අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 15,406.16 තෙක් ඉහළ ගිය අතර එය දර්ශක 12.00 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,605.21 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 18.94 ක දියුණුවීමක් සේ දැක්විය හැකිය.
බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන් රු. මිලියන 71 ක්, හේමාස් හෝල්ඩිං රු. මිලියන 59 ක්, හැටන් නැෂනල් බැංකුව රු. මිලියන 55 ක්, කොමර්ෂල් බැංකුව රු. මිලියන 47 ක්, ජෝන් කීල්ස් රු. මිලියන 36 ක්, එයිට්කන් ස්පෙන්ස් රු. මිලියන 31 ක්, සම්පත් රු. මිලියන 30 ක්, වැලිබල් වන් රු. මිලියන 30 ක්, සහ සන්ෂයින් හෝල්ඩිං රු. මිලියන 28 ක් වශයෙන් මෙදින පිරිවැටුමට වැඩිම දායකත්වයක් දක්වන ලද සමාගම් අතර තිබුණි.
වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 12,823 ක් වූ අතර සමාගම් 125 ක කොටස් මිල ඉහළ ගියේය. මිල ගණන් පහත වැටුණ සමාගම් ප්‍රමාණය 97 ක් විය. ඊයේ දිනයේ වෙළෙඳපොළ පිරිවැටුම රු. බිලියන 1.25 ක් දක්වා කලින් දිනයටත් වඩා අඩු අගයක් වාර්තා කළේය. මෙම සතියේ පසුගිය දින තුනක කාලය තුළ ද විදේශ විකිණීම් වල ශුද්ධ අවාසියක් වාර්තා වී තිබේ. තවමත් මිල දී ගැනීම් සඳහා ආයෝජකයන්ට උනන්දු විය හැකි පරිසරයක් නිර්මාණය වී ඇත.
2025 නොවැම්බර් මස 04
219
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1593
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලාබ උපයන උත්සාහයෙන් වෙළඳපොළ පහතට