ලබන වසරේ රජයේ සමස්ත වියදම රැපියල් බිලියන 7,128 ක්
ලබන වසරේදී පොලී වියදම් පහළ ගොස් ඇතත් රාජ්‍ය වියදම්වලින් තුනෙන් එකක් පොලී වියදම්
රැපියල් බිලියන 7,128 ක රජයේ වියදමින් සියයට 19.7 ක් නැතිනම් රැ.බි.1,406 ක් ප්‍රාග්ධන වියදම්
රජයේ වියදමින් සියයට 36.7 ක් නැතිනම් රැ.බි.2,615 ක් රජය ලබාගෙන ඇති ණය සඳහා පොලී ගෙවීම්
වැඩිම ප්‍රතිපාදන වෙන් කර ඇත්තේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට.
ලබන වසරේ අයවැයෙන් මුදල් අමාත්‍යාංශයට රැපියල් බිලියන 635 ක්
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට රැපියල් බිලියන 555 ක් මුදලක් වෙන්කරලා
අධ්‍යාපනයට රැ.බි.301ක්.කෘෂිකර්මයට රැ.බි.221ක්
විමුක්ති එස් රුද්‍රිගු
2026 අයවැය පනත් කෙටුම්පතට අනුව ලබන වසරේ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 7,128 ක් බවත් මෙම වසරේ අයවැයේ රජයේ වියදම රුපියල් බිලියන 7,240 ක් වූ බවත්, පබ්ලික් ෆයිනෑන්ස් වෙබ් අඩවිය ඊයේ (15) ප්‍රකාශ කළේය. මෙම වසරේ අයවැයට සාපේක්ෂව ලබන වසරේ රජයේ වියදම සියයට 1.6 කින් පහළ ගොස් ඇති බවද එම වෙබ් අඩවිය පෙන්වා දුන්නේය.
මෙම වසරට සාපේක්ෂව ලබන වසරේදී පොලී වියදම් පහළ ගොස් ඇතත් ලබන වසරේදීද රාජ්‍ය වියදම්වලින් තුනෙන් එකක් පොලී වියදම් බව පබ්ලික් ෆයිනෑන්ස් වෙබ් අඩවිය පැවැසුවේය.
ලබන වසර සඳහා වෙන්කර ඇති රුපියල් බිලියන 7,128 ක රජයේ වියදමින් සියයට 19.7 ක් එසේත් නැතිනම් රුපියල් බිලියන 1,406 ක් ප්‍රාග්ධන වියදම් බවත්, තවත් සියයට 43.6 ක් එසේත් නැතිනම් රුපියල් බිලියන 3,107 ක් පොලී ගෙවීම් හැර පැවැත එන වියදම් බවත් එම වෙබ් අඩවිය ප්‍රකාශ කළේය. එසේම ලබන වසරේ රජයේ වියදමින් සියයට 36.7 ක් එසේත් නැතිනම් රුපියල් බිලියන 2,615 ක් රජය ලබාගෙන ඇති ණය සඳහා පොලී ගෙවීම් බවද පබ්ලික් ෆයිනෑන්ස් වෙබ් අඩවිය පැවැසුවේය.
මෙම වසරේ අයවැයෙන් රජයේ වියදම් සඳහා රුපියල් බිලියන 7,240 ක් වෙන්වී තිබූ බවත්, ඉන් සියයට 40.7 ක් එසේත් නැතිනම් රුපියල් බිලියන 2,945 ක් පොලී ගෙවීම් සඳහා වෙන්වී තිබූ බවත් එම වෙබ් අඩවිය පෙන්වා දුන්නේය. තවත් සියයට 18.2 ක ප්‍රතිශතයක් එසේත් නැතිනම් රුපියල් බිලියන 1,320 ක් ප්‍රාග්ධන වියදම් බවත්, තවත් සියයට 41.1 ක් එසේත් නැතිනම් රුපියල් බිලියන 2,975 ක් පොලී ගෙවීම් හැර පැවැත එන වියදම් බවත් පබ්ලික් ෆයිනෑන්ස් වෙබ් අඩවිය ප්‍රකාශ කළේය.
ලබන වසරේ අයවැයෙන් වැඩිම ප්‍රතිපාදන වෙන් කර ඇත්තේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට බවත්, ලබන වසරේ අයවැයෙන් මුදල් අමාත්‍යාංශයට රුපියල් බිලියන 635 ක් වෙන්වී තිබෙන බවත් එම වෙබ් අඩවිය පැවැසුවේය. කෙසේ නමුත් මෙම වසරේ අයවැයෙන් මුදල් අමාත්‍යාංශයට රුපියල් බිලියන 661 ක් වෙන්වී තිබූ බව, ඊට සාපේක්ෂව මෙම වසරේදී මුදල් අමාත්‍යාංශයට වෙන්වී ඇති මුදල සියයට 7.5 කින් පහළ ගොස් තිබෙන බවත් එම වෙබ් අඩවිය ප්‍රකාශ කළේය.
එසේම රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට ලබන වසරේ අයවැයෙන් රුපියල් බිලියන 596 ක් වෙන්වී තිබෙන බවත්, එය මෙම වසරේ අයවැයට සාපේක්ෂව සියයට 17.7 ක වර්ධනයක් බවත් එම වෙබ් අඩවිය පැවැසුවේය. මෙම වසරේ අයවැයෙන් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට රුපියල් බිලියන 507 ක් මුදලක් වෙන්වී තිබිණි.
ලබන වසරේ අයවැයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට රුපියල් බිලියන 555 ක් මුදලක් වෙන්වී ඇති අතර, මෙම වසරේ එම අමාත්‍යාංශයට රුපියල් බිලියන 509 ක මුදලක් වෙන්වී තිබුණේය.
ඒ හැර ලබන වසරේ අයවැයෙන් වැඩිම මුදලක් වෙන්වී ඇති අමාත්‍යාංශ පහ වන්නේ ආරක්ෂක අමාත්‍යාංශය, මහාමාර්ග අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යංශය, කෘෂි කර්ම අමාත්‍යාංශය සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයය.
එහිදී ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් බිලියන 455 ක්, මහාමාර්ග අමාත්‍යාංශයට රුපියල් බිලියන 446ක්, අධ්‍යාපන අමාත්‍යාංශයට රුපියල් බිලියන 301ක්, කෘෂිකර්ම අමාත්‍යාංශට රුපියල් බිලියන 221ක් සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් බිලියන 193ක් වෙන්වී ඇත.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ලබන වසරේ රජයේ වියදම සියයට 1.6කින් අඩුවෙලා