IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ලෝක සංචාරක සම්මාන උළෙලේදී ශ්‍රී ලන්කන් ගුවන් සේවය සම්මාන ලබයි

(ටී.කේ.ජී. කපිල)

ඉන්දියානු සාගර කළාපය වෙත පියාසර කරන ලොව ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවය අඛණ්ඩව 5 වන වරටත් ලෝක සංචාරක සම්මාන උළෙලේදී පිදුම් ලබා තිබේ. මෙම සම්මාන උළෙල රැසියාවේ මොස්කව් නුවර දී පැවැත්විණි.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය 2016 වසරේ සිට අඛණ්ඩව මෙම සම්මානය දිනා ගෙන ඇති අතර, මෙම සම්මාන උළෙලේදී " ආසියාවේ ප්‍රමුඛ අලෙවිකරණ ව්‍යාපාරය " ට හිමි සම්මානය ද දිනා ගෙන ඇත.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඉන්දියාවේ ගමනාන්ත 11 කට ද , මාලදිවයිනේ මාලේ සහ ගැන් දූපත වෙත ද, බංගලාදේශයේ ඩකා,  පාකිස්තානයේ කරච්චි සහ ලාහෝර් ඇතුළු දකුණු ආසියාවේ ජනප්‍රිය නගරවල පිහිටි ගුවන් තොටුපළ වෙත ද තම ගුවන් යානා පියාසර කරවයි.එසේම මාලදිවයිනේ මාලේ සහ එංගලන්තයේ ලන්ඩන් අතර ඍජු ගුවන් ගමන් සේවා ද ක්‍රියාත්මක කරවයි.



අදහස් (10)

ලෝක සංචාරක සම්මාන උළෙලේදී ශ්‍රී ලන්කන් ගුවන් සේවය සම්මාන ලබයි

Dinesh Friday, 04 December 2020 03:14 PM

පුදුමයි... !!!

:       2       12

බද්රානි Friday, 04 December 2020 03:26 PM

ලෝකයේ කාර්යක්ෂම හා සාධාරණ මිල ගණන් වලට සේවා සපයන ගුවන් සේවා සමාගම් වලට ලංකාවට ඒමට වැට බඳිමින්, විදේශ ගත ශ්‍රී ලාංකිකයින්ගේ මුදල් මංකොල්ල කන මංකොල්ලකාරයින්ගේ ග්‍රහණයේ පවතින, මේ සිරි ලන්කන් ගුවන් සමාගමට සම්මාන දුන්නු, හොර තක්කඩි කවුද කියලයි මම මේ කල්පනා කරන්නේ?

:       7       19

Ruhunu Saturday, 05 December 2020 08:55 AM

ලෝකෙට පරකාසේ.... ගෙදරට මරගාතේ කියන්නා වගේ... ඔවා සම්මාන දීපු අය දන්නේ නැතිව ඇති. ශ්‍රී ලංකන් ගුවන් සේවය ලබන පාඩුව...

:       1       9

Raveendra Saturday, 05 December 2020 12:07 PM

අනේ මන්ද මොනවා කියන්නද කියල මේ සම්මානය පිලිබදව.....තරගයට හිටියේ අපේ රට විතරද නැත්නම් තරගයට අදාළ නිර්ණායක වල කුමක් හෝ අවුලක්වත් ද ???

:       0       0

thilak Saturday, 05 December 2020 12:12 PM

අපිනේ දන්නේ අපේ කෙරුවාව.

:       0       0

Shanaka Saturday, 05 December 2020 11:12 PM

කවුද අප්පා මෙ සම්මාන දෙන්නේ...?

:       1       6

menna Sunday, 06 December 2020 07:12 AM

අලෙවිකරණ ව්‍යාපාරය සුපිරි වුණාට සම්පුර්ණ ව්‍යාපාරයම දිර්ඝකාලීනව අලාභ ලබනවානම්. දත් මදින්නේ නැතිව පවුඩර් දානවා වගේ වැඩක් වෙන්න ඇති.

:       0       0

de silva Sunday, 06 December 2020 02:38 PM

කවුද හැබෑටම මෙ සම්මානය දුන්නේ...?

:       1       4

shantha Qatar Wednesday, 09 December 2020 03:48 PM

කියන්න කණගාටුයි.... ශ්‍රී ලංකන් ගුවන් සේවය ඇත්තටම මුදල් ගරා ගෙන කන අන්තිම එපාවුණූ සේවයක්.. සම්මාන දෙන්න මොකක්ද තෝරගත්ත පදනම කියන එකයි ප්‍රශ්නය.... අපි නම් දැන් යන්නෙ එන්නේ වෙන ගුවන් සමාගම් වලින්... මෙ අයට කවදාවත් ලාබ ලබන තත්වයට කවදාවත් එන්න බැහැ...

:       1       3

Priyanath Friday, 11 December 2020 08:15 PM

"ආසියාවේ ප්‍රමුඛ අලෙවිකරණ ව්‍යාපාරය" විදිහට සම්මානෙ දීල තියෙන්නෙ. ලගදිම විකුණල දායි ආපහු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 17 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 818 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 600 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site