IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ලක් විදුලි උත්පාදන නිපැයුම් ඉතියෝපියාවට හඳුන්වා දෙයි

( තිළිණි ද සිල්වා )

 

ඉතියෝපියාව තුළ ලාංකික විදුලි උත්පාදන නිෂ්පාදන හඳුන්වා දීමට ශ්‍රී ලාංකික සමාගමක් පියවර ගෙන ඇතැයි ඉතියෝපියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ හා විදේශයන් හි දැවැන්ත විදුලි ව්‍යාපෘති සඳහා විදුලි පුවරු නිෂ්පාදක සමාගමක් වන වෙනෝලා ලංකා බලශක්ති පුවරු පෞද්ගලික සමාගම විසින් මෙලෙස විදුලි බලය ලබාදෙන පාලන පද්ධති නිෂ්පාදන ආරම්භ කළ බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටියි.

මෙම සමාගම ඉන්දියාව, බංගලාදේශය, මාලදිවයින, මියන්මාරය, සීෂෙල්ස් සහ කෙන්යාව යන රටවල බලශක්ති උත්පාදන කටයුතු සඳහා විද්‍යුත් පැනල් පුවරු සපයනු ලබන සම්මානීය සමාගමකි.

නිෂ්පාදන හඳුන්වාදීමේ උත්සවය ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අනුග්‍රාහකත්වයෙන් ඇඩිස්බාබා හි හර්මෝනි හෝටලයේදී පැවැත්වූ අතර ඊට ඉතියෝපියානු ව්‍යාපාරික ප්‍රජාව සහ ඉදිකිරීම් කර්මාන්තය, විදුලි ඉංජිනේරුවන්, විදුලි උපදේශකවරුන් සහ අනෙකුත් වෘත්තිකයන් ඇතුළු 50 කට අධික පිරිසක් සහභාගි වූහ.

මෙම උත්සවයේ දී අදහස් දක්වමින් ශ්‍රී ලංකා තානාපති සුමිත් දසනායක මහතා කියා සිටියේ ඉතියෝපියානු වෙළඳපොළේ ලාංකික නිෂ්පාදන එළිදැක්වීමෙන් දෙරට අතර ද්විපාර්ශවික වෙළඳාම සහ ආයෝජනය සඳහා ඇති කදිම අවස්ථාවක් බව කියා සිටියේය.

මෙවැනි පසුබිමක් යටතේ ඉතියෝපියානු ව්‍යවසායකයින්ට ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා පැමිණෙන්නැයි ආරාධනා කළ තානාපතිවරයා ශ්‍රී ලංකාව තුළ සංචාරක, වෙළඳ හා විදේශීය ආයෝජන සඳහා ඇති අවස්ථා පිළිබඳව පැමිණි සිටි දැනුවත් කළේය.

 



අදහස් (2)

ලක් විදුලි උත්පාදන නිපැයුම් ඉතියෝපියාවට හඳුන්වා දෙයි

vidya Tuesday, 16 October 2018 03:26 PM

අනේ ඔය තාක්ෂනය අපේ ගම වලටත් හඳුන්වල දෙන්නකෝ. අපි බොහෝවිට ඉන්නේ කරුවලේ.

:       4       33

Kumar Saturday, 20 October 2018 04:26 PM

මම දන්නා තරමට 1980 වෙනි දශකයේ ගම්වවල සූර්ය කෝෂ සවිකිරීමේ ව්‍යාපෘතිය විදුලිබල මණ්ඩලය පටන් අරගෙන තිබුණා. එය අතහැර දැමීමට හේතුවනම් දන්නේ නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 39 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 835 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 604 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site