IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ලංකාවේ ව්‍යවසායක පරිසර පද්ධතිය නැංවීමට Hatch වෙතින් Startup Nation Initiative

සහභාගි වූ පිරිස


මෙරට ව්‍යවසායක පරිසර පද්ධතිය ඉහළ නැංවීමේ විප්ලවීය පියවරක් වන Startup Nation Initiative වැඩසටහන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආරම්භක පරිසර පද්ධතිය වන Hatch විසින් හඳුන්වා දී තිබේ. ආරම්භක ව්‍යාපාර 18කින් 2018දී ඇරඹුණු Hatch සිය වේගවත් වර්ධනය සමඟ වර්තමානය වන විට ආරම්භක ව්‍යාපාර 700කට අධික සංඛ්‍යාවක් සහ ආසන 800ක් දක්වා ගොඩනැගී ඇති අතර ආසන 3,000ක් දක්වා වර්ධනය වෙමින් මෙරට ව්‍යවසායකත්වය සවිමත් කිරීමට අපේක්ෂා කරයි.

 ශ්‍රී ලංකාවේ හොඳම ආරම්භක ව්‍යාපාර සොයා ගනිමින් ඒවා ගොඩනැගීම සහ ඒ වෙනුවෙන් අරමුදල් සැපයීම සඳහා මෙම Startup Nation වැඩසටහන කැපවී සිටියි. මේ යටතේ, Hatch විසින් National Startup තරගයක් පවත්වනු ලබන අතර, ඒ හරහා 1000කට අධික අයදුම්කරුවන් අතරින් ඉහළම 100 දෙනා ලැයිස්තුගත කරනු ලැබේ. මෙම තරගය සඳහා ගැඹුරු තාක්ෂණික විසඳුම්, B2B සහ B2C නවෝත්පාදන, ව්‍යවසායකත්ව මෘදුකාංග සහ ගෝලීය වශයෙන් ව්‍යාප්ත කිරීමේ හැකියාව ආදී ප්‍රධාන ජාතික ගැටලු‍ සඳහා මනා විසඳුම් සහිත ආරම්භක ව්‍යාවසායක ව්‍යාපාර ඇතුළත් වේ. 

මෙහිදී ජයග්‍රහණය කරන MPV ආදායම් උත්පාදනය කරන ආරම්භක ව්‍යාපාරය සඳහා ආයෝජන හැකියාවද සහිතව ඇමරිකානු ඩොලර් 100,000 ක අරමුදල් අවස්ථාවක් ද හිමි වනු ඇත. Hatch විසින් මෙම වැඩසටහන යටතේ MPV ආදායම් උපයන ව්‍යාපාර ඉලක්ක කරනු ඇත.

ආරම්භයේ සිටම Hatch මෙරට ව්‍යවසායකයන්ට සහාය ලබාදෙන සවිමත් පරිසර පද්ධතියක් ගොඩනැංවීමට කටයුතු කර ඇත. ආයෝජකයන් සහ ආරම්භක ව්‍යාපාර අතර ඇති පරතරය අවම කිරීම ඔස්සේ මෙරට ආරම්භක නවෝත්පාදන පෝෂණය කරන අතර තිරසාර දිගුකාලීන ප්‍රතිඵල ලබා දෙනු ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් Hatch හි සම නිර්මාතෘ ජීවන් ඥානම් මහතා මෙසේ පැවසුවේය.”‍අපගේ මෙහෙවර වන්නේ, ප්‍රාග්ධනයට සහ ගෝලීය පරිසරයට පහසුවෙන් ප්‍රවේශය විය හැකි පද්ධතියක් නිර්මාණය කරමින් ශ්‍රී ලංකාවේ ආරම්භක සංවර්ධනය මෙහෙයවීමයි. මෙම වැඩසටහන ඔස්සේ ශ්‍රී ලංකාව ගෝලීය ආරම්භක පරිසර පද්ධතිය තුළ ඉහළම ක්‍රියාකාරිත්වයක් සහිත රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමට අපි සූදානම් වෙනවා.”‍

දේශීය වශයෙන් පමණක් නොව ලොව පුරා ව්‍යාප්ත කළ හැකි තිරසාර විසඳුම් සංවර්ධනය කිරීම සඳහා ආරම්භක ව්‍යාපාර දිරිමත් කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි. Hatch හි ස්ථාපිත කර ඇති කෘෂිකර්මාන්තය සහ හරිත බලශක්තියේ සිට නව තාක්‍ෂණය සහ සමාජ ව්‍යවසාය දක්වා විහිදෙන ආරම්භක ව්‍යාපාර, ආර්ථිකය වඩාත් සවිමත් කරමින් සක්‍රීය කරන අතර කර්මාන්තවලට ද අභියෝග කරයි.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP), Bill & Melinda Gates Foundation, Ford Foundation, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව, Global Affairs Canada, GIZ (German Development Agency) සහ Nestl, IFS Global, Hemas PLC මෙන්ම Veracity Group වැනි ලොව ප්‍රමුඛ ආයතන සමඟ ශක්තිමත් හවුල්කාරිත්ව ගොඩනගා ගනිමින් Hatch ආරම්භක වැඩසටහන් සැලසුම්කරුවකු සහ ක්‍රියාත්මක කරන්නකු ලෙස සිය විශ්වසනීයත්වය තවදුරටත් ඉහළ නංවාගෙන ඇත.

මේ සම්බන්ධයෙන් සිය අදහස් එකතු කරමින් Hatch හි සම නිර්මාතෘ බ්‍රින්දා සෙල්වදුරායි ඥානම් මෙනවිය මෙසේ ප්‍රකාශ කළාය. ”‍ජාත්‍යන්තර හවුල්කාරිත්ව පිරිනැමීමට සහ අවසන් කිරීමට අප සතුව ඇති හැකියාව, ශ්‍රී ලංකාවේ ආරම්භක පරිසර පද්ධතිය තුළ අර්ථවත් වෙනසක් ඇති කිරීමට අප දක්වන කැපවීම මැනවින් පෙන්නුම් කරනවා. ‘Startup Nation Initiative’ යනු දේශීය ව්‍යවසායකයන් සවිබල ගැන්වීමට සහ වැඩි ආයෝජන ආකර්ෂණයක් දිනා ගැනීම සඳහා වූ අපගේ මෙහෙවරේ මීළඟ පරිච්ඡේදයයි. 

භෞතික මෙන්ම බුද්ධිමය යන අංශ ද්විත්වයම සාර්ථක ආරම්භක මධ්‍යස්ථානයක පදනම කෙරෙහි බෙහෙවින් ඉවහල් වෙනවා. අපි කුසලතා, ප්‍රාග්ධනය සහ අදහස් එකම ස්ථානයකට ගෙන එන නවෝත්පාදන දිස්ත්‍රික්ක, සහයෝගීතා අවකාශ සහ ආරම්භක සංවිධාන ස්ථාපිත කළ යුතුයි. සමීපව කටයුතු කිරීම නව අවස්ථා උත්පාදනය කිරීමට ඉවහල් වන අතර අධි-සංඛ්‍යාත ජාලකරණය, උපදේශකත්වය සහ හරස් අංශ සහයෝගීතාව සමාගම් ගොඩනැගීමට සහ වර්ධනය වේගවත් කිරීමට උපකාරී වෙනවා. ආයතනික ආරම්භක හවුල්කාරිත්ව ක්‍රියාකාරීව නිර්මාණය කිරීම ඔස්සේ නවෝත්පාදනයේ වේගවත් වාණිජකරණය සහතික කිරීමට හැකියාව ලැබෙනවා.”‍
මෙම Startup Nation Initiative වැඩසටහන දියත් කරනු ලබන්නේ හොඳම ආරම්භක ව්‍යාපාර සොයා ගැනීම සඳහා නොව, එය ක්‍රියාත්මක වන්නේ නවෝත්පාදනය, ආයෝජන සහ තිරසාරභාවය සංවර්ධනය කිරීමෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය හැඩගැස්වීම අරමුණු කරගනිමිනි. මෙහිදී Hatch විසින් අදහස් මට්ටමේ තිබෙන ශ්‍රී ලාංකික ආරම්භක ව්‍යාපාර සඳහා උපදේශකත්වය, සම්පත් සහ ජාල වෙත ප්‍රවේශ වීමේ අවස්ථාව ලබා දෙයි. 

එය ශීඝ්‍රයෙන් වර්ධනය වන මෙරට ආරම්භක ව්‍යවසායකයන් සමග සම්බන්ධ වීමට උනන්දුවක් දක්වන ආයෝජකයන්ගේ සහ ආයතනවල ආකර්ෂණය ද පිරිනමයි. එය ශ්‍රී ලංකාව ප්‍රමුඛ නවෝත්පාදන මධ්‍යස්ථානයක් බවට පත් කිරීම කෙරෙහි සැලකිය යුතු දායකත්වයක් සපයන අතර ව්‍යවසායකත්වය මෙහෙයවමින් ආයෝජනය කිරීමට සහ ඒ සඳහා අවශ්‍ය මගපෙන්වීම ලබාදීමට සුදුසු ගමනාන්තයක් ලෙස කටයුතු කරයි.

Startup Nation Initiative සමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට අර්ථවත් අයුරින් දායකත්වය සපයන ශක්තිමත් සහ ඉහළ ඔරොත්තු දිමේ හැකියාවක් සහිත ආරම්භක පරිසර පද්ධතියක් ගොඩනැංවීමට අපේක්ෂා කරන අතර ඒ මගින් ශ්‍රී ලංකාව වර්ධනය වෙමින් පවතින නවෝත්පාදන මධ්‍යස්ථානයක් බවට පත් කරමින් ජාත්‍යන්තර ආයෝජකයන්ගේ ආයෝජන අවස්ථා දිනා ගැනීමට සුදුසු ව්‍යවසායකත්ව පරිසර පද්ධතියක් ස්ථාපනය කරයි.



අදහස් (0)

ලංකාවේ ව්‍යවසායක පරිසර පද්ධතිය නැංවීමට Hatch වෙතින් Startup Nation Initiative

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 213 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2079 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site