IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ලංකාවේ ප‍්‍රමුඛතම ජර්මානු වෙළෙඳ සන්නාම දියත් කෙරේ

හර්ෂණ තුෂාර සිල්වා

මෙරට ආර්ථිකය ඉහළ නැංවීම උදෙසා ප‍්‍රමුඛතම ජර්මානු වෙළෙඳ සන්නාම යන්න අරමුණු කරගනිමින් ශ්‍රී ලංකාවේ ජර්මානු කර්මාන්ත හා වාණිජ නියෝජිතායතනය සංවිධානය කළ ‘ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ජර්මානු වෙළෙඳ සන්නාම’ දියත් කිරීමේ උත්සවය අද (17) පස්වරුවේ පැවැත්විණි.

කොළඹ කිංග්ස්බරි හෝටලයේ පැවැති මෙම උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා සහභාගී වූ අතර ආලියන්ස් ආයතනයේ කලාපීය ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ආචාර්ය රූඩිගර් ශේෆර් මුඛ්‍ය දේශනය කළේය. 

‘ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ජර්මානු වෙළෙඳ සන්නාම’ දියත් කිරීමේ පස්වැනි අදියර ලෙසින් පැවැති මෙම උත්සවය ජර්මානු තානාපති කාර්යාලයේ සහයෝගීත්වයෙන් පැවැත්විණි.

ජර්මානු වෙළෙඳා සන්නාම 100කට අධික සංඛ්‍යාවක් නැවත වරක් නව මුහුණුවරකින් දියත් කිරීමේ මෙම උත්සවයේ ප‍්‍රධාන අරමුණ විය. මෙම වැඩසටහනට සමගාමීව  ශ්‍රී ලංකාවේ පිහිටි ජර්මානු කර්මාන්ත හා වාණිජ නියෝජිතායතනය මෙහෙයවන ව්‍යාපාරික සමුළු ති‍්‍රත්වයක් ලබන 24 වැනිදා සිට 26 වැනිදා දක්වා ජර්මනියේ ෆ‍්‍රැන්ක්ෆර්ට්, හැම්බර්ග් සහ බර්ලින් යන නගරවලදී පැවැත්වේ. 

කර්මාන්ත හා වෙළෙඳ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතම රටක් වන ශ්‍රී ලංකාව වර්තමානය වනවිට ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ව්‍යාපාරික හවුල්කාර රටක් බවට පත්ව ඇත. පසුගිය වසරේදී මෙරටින් ජර්මනියට අපනයන යූරෝ මිලියන 654ක් දක්වා සියයට 13කින් වර්ධනය වී ඇතැයි  ශ්‍රී ලංකාවේ පිහිටි ජර්මානු කර්මාන්ත හා වාණිජ නියෝජිතායතනය සඳහන් කරයි. එම ආයතනයේ දත්තවලට ජර්මනියෙන් කරන ලද ආනයන සියයට 81කින් යූරෝ මිලියන 570ක් දක්වා වර්ධනය වී තිබේ. ඊට අමතරව ජර්මානු සෘජු විදෙස් ආයෝජන එක්සත් ජනපද ඩොලර් මිලියන 6ක් පසුගිය වසරේදී ශ්‍රී ලංකාවට ලැබුණු බවත් ශ්‍රී ලංකාවේ තිබෙන මුළු ජර්මානු සෘජු විදෙස් ආයෝජනවල වටිනාකම එක්සත් ජනපද ඩොලර් බිලියන 1.2ක් දක්වා වර්ධනය වී ඇති බවත් එම ආයතනය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති යන් රොහෙඞ්,  ශ‍්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිනි ඉන්දිරා මල්වත්ත, ශ්‍රී ලංකාවේ ජර්මානු කර්මාන්ත හා වාණිජ නියෝජිතායතනයේ ප‍්‍රධාන නියෝජිත ඇන්ඞ්රියස් හර්ගන්රොතර් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ. 

ඡායාරූප ප්‍රදීප් පතිරණ

 

 



අදහස් (0)

ලංකාවේ ප‍්‍රමුඛතම ජර්මානු වෙළෙඳ සන්නාම දියත් කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 32 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 20 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 733 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site