IMG-LOGO

ලංකාවේ ත්‍රිරෝද රථ මිලියන 1.2ක් විදුලි බලයෙන් ධාවනය කරවීමේ සැලසුමක්

මෙරට තුළ ධාවනය වන ත්‍රිරෝද රථ මිලියන 1.2කට අධික සංඛ්‍යාවක් සඳහා පරිසර හිතකාමී හා සහනදායී විසඳුමක් හඳුන්වා දීමට Lanka e-Mobility Solutions පෞද්ගලික සමාගම (LeMS) පියවර ගෙන තිබේ. e-Wheel ලෙස නම් කර ඇති, බැටරි මාරු කිරීමේ තාක්ෂණයක් වන මෙය භාවිත කිරීමට මෙරට ත්‍රිරෝද රථ හිමියන්ට ළඟදීම අවස්ථාව ලැබෙනු ඇතැයි එම සමාගම කියයි.

මේ අනුව, මින් ඉදිරියට ත්‍රිරෝද රථ හිමියන්ට අධික මුදලක් වැය කරමින් බැටරි මිලදී ගැනීමට හෝ ඒවායෙහි ආයු කාලය අවසන් වීමේ ගැටලුවට මුහුණ දීමට සිදු නොවේ. බැටරි මාරු කිරීමේ තාක්ෂණය යටතේ අලුත් බැටරියක් යෙදීම සඳහා ගතවනුයේ විනාඩි 2ක් වැනි සුළු කාලයක් පමණි. සාමාන්‍යයෙන් විදුලි බලයෙන් ධාවනය වන වාහනයක වියදම් අධිකම කොටස වන්නේ බැටරියයි. මෙම නව ක්‍රමවේදය යටතේ බැටරිවල මෙන්ම බැටරි මාරු කිරීමේ මධ්‍යස්ථානවල හිමිකාරීත්වය LeMS සමාගම සතු වන නිසා, සාමාන්‍ය ත්‍රිරෝද රථ විදුලි රථ බවට පරිවර්තනය කිරීමේදී ත්‍රිරෝද රථ හිමියන් බැටරි සඳහා මුදල් ගෙවිය යුතු නොවේ. ඔවුන් මුදල් ගෙවිය යුතු වන්නේ ත්‍රිරෝද රථය ධාවනය කරවීම සඳහා අවශ්‍ය වන බලශක්තිය සඳහා පමණි.

මෙය ශ්‍රී ලංකාව තුළ තිරසාර ප්‍රවාහන ක්ෂේත්‍රයක් ස්ථාපිත කිරීම සඳහා දරන උත්සාහයේ සුවිශේෂී සන්ධිස්ථානයකි. කාබන් විමෝචනය අවම කරමින් වායු දූෂණය පිටුදැකීමේ බරපතළ අවශ්‍යතාව හඳුනාගෙන මෙම නව විසඳුම හඳුන්වා දීමට LeMS නිර්මාතෘවරුන් පියවර ගෙන තිබේ.

“ශ්‍රී ලංකාවේ ත්‍රිරෝද රථ මිලියන 1.2ක් පමණ තිබෙනවා. ඒවා දිනකට පෙට්‍රල් ලීටර මිලියන 5.5ක් තරම් විශාල ප්‍රමාණයක් දහනය කරනවා. මෙම තත්ත්වය පාලනය කිරීමට e-Wheel සංකල්පය අතිශයින් වැදගත් වේවි. තම පවුල්වල ප්‍රධාන ආදායම් උපයන්නන් වන මෙම ත්‍රිරෝද රථ හිමියන්ට, රුපියල් 450,000ක් වැනි මුදලක් ආයෝජනය කිරීම මගින් මසකට රුපියල් 20,000කට ආසන්න මුදලක් ඉතිරි කරගැනීමට පුළුවන්. මින් ඔවුන්ටත්, රටටත් වාසි රැසක් ලැබෙනවා. විශේෂයෙන්ම ඉන්ධන, ලිහිසි තෙල් සහ අමතර කොටස් ආනයනය සඳහා වැය වන විශාල මුදලක් මෙමගින් ඉතිරි කරගැනීමට පුළුවන්.” LeMS කළමනාකාර අධ්‍යක්ෂ චමින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

“මේ පෙරළිකාරී හා පුරෝගාමී e-Wheel විප්ලවයේ එකම මූල්‍ය හා ලීසිං සහකරු බවට පත්වීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙය හුදෙක් තාක්ෂණයේ ඉදිරි පියවරක් පමණක් නොව, අපගේ පාරිසරික, සමාජයීය හා ආයතනික පාලන මූලධර්මවලට සමගාමී වන පියවරක් ද වනවා. එමෙන්ම, එය අපගේ තිරසාරත්ව සැලසුම්වල අතිශය වැදගත් සන්ධිස්ථානයක් ලෙසත් හැඳින්විය හැකියි.” පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ෂමින්ද්‍ර මර්සිලීන් මහතා පැවැසීය.

595



අදහස් (0)

ලංකාවේ ත්‍රිරෝද රථ මිලියන 1.2ක් විදුලි බලයෙන් ධාවනය කරවීමේ සැලසුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

මෙරට කාන්තාවෝ ලක්ෂ 65කට වැඩි පිරිසක් ආර්ථිකව අක්‍රියයි
2025 මැයි මස 14 22 0

රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස


මුල් මාස හතරේදී විදේශ ප්‍රේෂණ ලැබීම් සියයට 18.3 කින් ඉහළට
2025 මැයි මස 14 26 0

මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට


පෞද්ගලික ව්‍යාපාර ණය රු.බි.173 ක් දක්වා වර්ධනයක්
2025 මැයි මස 14 15 0

පසුගිය පෙබරවාරි මාසයේදී රුපියල් බිලියන 105.5 ක් ලෙස සටහන් වූ පෞද්ගලික ව්‍යාපාර සඳහා මෙරට බැංකු සහ මූල්‍ය ආයතන ලබාදී ඇති ණය මාර්තු මාසයේදී රුපියල් බිලියන 1


සංචාරක ආදායම් සියයට 10.2 කින් ඉහළට
2025 මැයි මස 14 17 0

2025 වසරේ ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා මුල් මාස හතරේදී මෙරට සංචාරක ක්ෂේත්‍රය හරහා ලැබුණු ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,379ක් ලෙස සටහන්ව තිබේ. මෙය 2


එලායන්ස් ෆිනෑස්ස් වෙතින් බිලියන 2ක සමාජ බැඳුම්කර නිකුතුවක්
2025 මැයි මස 14 8 0

එලායනස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුව තුළ රුපියල් බිලියන 2ක් වටිනා සමාජ බැඳුම්කර නිකුතුවක් සිදු කිරීමට සූදානමින් සිටින බව පවසයි


සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 11,881 කින් ඉහළට
2025 මැයි මස 14 13 0

මෙරට ආර්ථිකය යථා තත්වයට පත්වෙමින් තිබීමත් පොලී අනුපාත පහළ යාමත් මධ්‍යයේ පසුගිය මාර්තු මාසයේදී මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 11,881 කින් ඉහළ ගොස් ඇතැය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1404 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1605 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 419 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site