IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


ලංකාවට මාලදිවයිනේ මහඟු ආර්ථික අවස්ථාවක්

 

  • ​ශ්‍රී ලංකාවේ භාණ්ඩවලට සියයට 50 ක බදු සහනයක්
  • ශ්‍රී ලංකාවේ එළවළු - පලතුරුවලට හොද වෙළෙද පොළක්
  • මාලදිවයිනේ වාර්ෂික ආනයන ඩො.බි. 2.57 ක්. ලංකාව ඉන් හිමිකරගෙන ඇත්තේ ඩො.මි. 163 ක්
  • විවිධ බලපෑම් හේතුවෙන් මාලිදිවයින් වැසියන් වෙනත් රටවල්වලට යාමෙන් ඩො. මි. 59 ක් අහිමි වෙලා

යොහාන් භාසුර


මාලදිවයිනේ උතුරු ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින වරාය ශ්‍රී ලංකා ආයෝජකයෙක් සමඟ එකතු වී සංවර්ධනය කර ශ්‍රී ලංකාවේ භාණ්ඩවලට සියයට 50 ක බදු සහනයක් දීමට ඔවුන් බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකාවට මෙම අවස්ථාව මඟහැරිය නොහැකි මහගු අවස්ථාවක් බවත් ශ්‍රී ලංකා - මාලදිවයින් ව්‍යාපාරික සභාවේ සභාපති සුදේෂ් මෙන්ඩිස් මහතා පැවසීය.

රජය මැදිහත්ව පෞද්ගලික අංශයත් සමඟ එකතුව මෙයට මැදිහත් වීම අනිවාර් යයෙන්ම කළ යුතු බව ද ඒ මහතා සඳහන් කළේය. 

ශ්‍රී ලංකා - මාලදිවයින් ව්‍යාපාරික සභාව මාලදිවයිනේ සංචාරය කර සකස් කළ වාර්තාව එළිදැක්වීමේ අවස්ථාවේදී සුදේෂ් මෙන්ඩිස් මහතා එසේ සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ පිහිටීම අනුව ගාල්ල වරායේ විදේශ වෙළෙදාමට සම්බන්ධ බෙහෝ දේවල් මේ වන විට සිදුවන බවත් මාලිදිවයින ශ්‍රී ලංකාවට යෝජනා කළ වරාය ශ්‍රී ලංකාවට සමාන්තරව තිබෙන බවත් ඔහු කීය.

ශ්‍රී ලංකාව මෙම අවස්ථාව ප්‍රයෝජනයට නොගත හොත් එම වරායත් සමඟ වෙනත් රටක් සම්බන්ධ වුවහොත් ශ්‍රී ලංකාවේ මුහුදු මාර්ගයෙන් කරන ව්‍යාපාරවලට විශාල බලපෑම් කිරීමේ අවස්ථාවක් ඇති බවත් ඔහු පැවසීය. 

මෙම අවස්ථාව ශ්‍රී ලංකාව මඟ හැරියොත් ගාල්ල වාරයේ මුහුදු මාර්ගයෙන් වන වෙළෙදාමට දැඩි බලපෑමක් වන බවත් ඒ හේතුවෙන් මෙරට බලධාරීන් එය ප්‍රයෝජනයට ගතයුතු බවත් මෙන්ඩිස් මහතා කීය.

ශ්‍රී ලංකාවෙන් එළවළු සහ පලතුරු මිලදීගැනීමට මාලිදිවයින් බලධාරීන් කැමැත්ත පළකළ බව කී සුදේෂ් මෙන්ඩිස් මහතා ශ්‍රී ලංකාවේ එළවළුවල ප්‍රමිතිය පිළිබඳව අවධානය යොමු කර මෙරට භාණ්ඩ මිලදීගැනීමට මාලදිවයින් සූදානම් බවත් ඒ මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ සිට මාලදිවයිනට බෝට්ටු මගින් සංචාරකයන් ප්‍රවාහනය කිරීමට මාලදිවයින් බලධාරීන් යෝජනා කළ බවත් එය ප්‍රයෝජනයට ගෙන සංචාරකයන් ප්‍රවාහනය කරන බෝට්ටුවේ යට තට්ටුවේ එළවළු සහ පලතුරු ප්‍රවාහන කිරීමේ අවස්ථාව ද ශ්‍රී ලංකාවට හිමිවන බවත් ඒ මහතා පැවසීය.

මාලදිවයින තුළ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කොටස 4.65 කට අඩුවී ඇති බවත් විජය රජුගේ කාලයේ සිට මාලදිවයින සමඟ ව්‍යාපාර කරන ශ්‍රී ලංකාවේ අඩුපාඩු නිසාම මෙසේ වෙළෙඳපොළ කොටස අඩුවී ඇති බවත් ඔහු කීය. රේගු අවහිරතා, ආගමන විගමන අඩුපාඩු, අධික බදු සහ රටවල් දෙක අතර අවශ්‍යතා නිවරදිව හදුනානොගැනීම නිසා මෙරට කොටස අඩුවී ඇති බව කී මෙන්ඩිස් මහතා පැවසුවේ මැලේසියාව, සිංගප්පූරුව සහ එක්සත් අරාබි එමිර් රාජ්‍ය මැලේසියාවේ වැඩි ව්‍යාපාරික කොටසක් හිමිකරගනෙ ඇති බවත්ය.

මාලදිවයිනේ වාර්ෂික ආනයන ප්‍රමාණය ඩොලර් බිලියන 2.57 ක් වුවද ශ්‍රී ලංකාව ඉන් ඩොලර් මිලියන 163 ක් පමණක් හිමිකරගෙන ඇති බවත් ශ්‍රී ලංකාවේ පුරවැසියන් 30,000 පමණ මාලදිවයිනේ කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.

රැකියා කරන පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් 2500 ක් සහ මෙරට පුරවැසියන් 755 ක් මාලදිවයිනේ වෙසෙන බවත් එරට රැකියාව කරන පුද්ගලයන් ඩොලර් මිලියන 128.8 කට වඩා වැඩි ආදායමක් උපයන බවත් ඒ මහතා සදඟන් කළේය. එම ඩොලර් මිලියන 128.8 ඕස්ට්‍රේලියාවෙන් ලැබෙන ආදායමට වඩා වැඩි බව ද ඔහු සඳහන් කළේය.

මෙරට තුළ 2018 වසර වන විට මාලදිවයින වැසියන් 17,000 ක් පමණ ජීවත් වුවද විවිධ බලපෑම් හේතුවෙන් වෙනත් රටවල්වලට ගොස් ඇති බව කී මෙන්ඩිස් මහතා ඒ හේතුවෙන් අවම වශයෙන් ඩොලර් මිලියන 59 ක් පමණ අහිමි වී ඇති බව ද කීය. 

ඡායාරූප - ශෙහාන් ගුණසේකර



අදහස් (0)

ලංකාවට මාලදිවයිනේ මහඟු ආර්ථික අවස්ථාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1104 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1128 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 424 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site