IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ලංකාවට එන සංචාරකයින්ට නව පරිගණක යෙදවුමක්

( තිළිණි ද සිල්වා )

කොවිඩ් 19 පාලනය කිරීමෙන් පසු මෙරටට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් නව පරිගණක යෙදවුමක් (app) හදුන්වා දීමට රජය පියවර ගෙන ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න  රණතුංග මහතා කියා සිටී. 

තම උපදෙස් පරිදි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනය (ICTA) එම පරිගණක යෙදවුම නිර්මාණය කර තිබෙන අතර ඊට සංචාරක සංවර්ධන අධිකාරියට ප්‍රතිපාදන ලබා දී ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහන යැයිද සංචාරක අමාත්‍යවරයා වැඩිදුරටත් කීය .

මෙම නව පරිගණක යෙදවුම ආගමන විගමන දෙපාර්තමේන්තුවත් සමග හවුලේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බැවින්  එය භාවිතය සදහා අවශ්‍ය අනුමැතිය සදහා ඇමැති මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවද ඔහු සදහන් කළේය.

කොවිඩ් වසංගතය තත්ත්වය යටතේ ශ්‍රී ලංකාව සංචාරකයන් සදහා විවෘත කිරීමේදී ඔවුන් මෙරටට ගොඩ බැසීමට පෙර සිටම ඔවුන් පිළිබද සියළු තොරතුරු ලබා ගැනීම මෙම නව පරිගණක යෙදවුම හදුන්වා දීමේ අරමුණ බව සංචාරක අමාත්‍යවරයා වැඩිදුරටත්  පැවසීය .

දිවයිනට පැමිණෙන සංචාරකයන් සම්බන්ධ පී.සී.ආර් පරීක්ෂණ වාර්තා මෙන්ම ඔවුන් සංචාරය කරනු ලබන ප්‍රදේශ, ලැගුම්ගන්නා ස්ථාන හා කාල වකවානු පිළිබද දත්ත ලබා ගැනීම මෙමගින් කෙරෙන බව සංචාරක අමාත්‍යාංශය කියා සිටී.

මෙරටට පැමිණෙන සංචාරකයෙකුට වීසා අනුමැතිය ලබා දෙන අවස්ථාවේදී මෙම පරිගණක යෙදවුමට ඔහු හෝ ඇය සම්බන්ධ කර ගැනෙනු ඇත. එම සංචාරකයන්ට මෙරටට පැමිණීමට අනුමැතිය ලබා දෙන විටම ඔවුන් පිළිබදව සියළු තොරතුරු මෙරට සියලුම දිස්ත්‍රික්කවල මහජන සෞඛ්‍ය බළධාරීන් ඇතුළු අදාල අංශ වෙත ලබා දීමටද නියමිතයි.

මෙම පරිගණක යෙදවුමට මෙරට සංචාරක  ස්ථාන 4600ක හා පුරාවිද්‍ය වටිනාකම් සහිත සිද්ධස්ථාන 175ක තොරතුරු මෙම යෙදවුමට ඇතුලත් කිරීමට නියමිතය. මීට අමතරව මෙරටට පැමිණෙන සංචාරකයන්ට හදිසි අවස්ථාවකදී ඔවුන් නතර වී සිටින ප්‍රදේශයේ සංචාරක පොලීසිය සෘජුවම සම්බන්ධ කර ගැනීමටද මෙමගින් හැකියාව ලැබෙන බවද සංචාරක අමාත්‍යාංශය කියා සිටී.



අදහස් (1)

ලංකාවට එන සංචාරකයින්ට නව පරිගණක යෙදවුමක්

sachith Tuesday, 20 October 2020 10:56 PM

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනය එක්ක මේක හැදුවා කියන්නේ... යන්නේ කොහේද මල්ලේ පොල් වගේ වැඩ තමයි මේ පරිගණක යෙදවුමෙන් වෙන්නේ. දැනටම බිලියන ගාණක බිල්ලක් දාලා ඇත්තේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 16 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 818 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 600 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site