IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ලක්මාල් ජයරත්න M Power Capital Securities අධ්‍යක්ෂ මණ්ඩලයට

M Power Capital Securities Limited (MSEC)  සමාගම, සිය ප්‍රධාන විධායක නිලධාරී ලක්මාල් ජයරත්න මහතා 2025 අගෝස්තු 01 වැනි දින සිට සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කළ බව නිවේදනය කරයි. ඔහුගේ නායකත්වය යටතේ සමාගම ලබා ගත් කැපී පෙනෙන වර්ධනය සහ සාර්ථකත්වය කරා යන ගමනේ දී ඔහු ඉටු කළ කාර්යභාරය මෙම පත්වීමෙන් අවධාරණය කෙරේ.

2023 අප්‍රේල් මාසයේ සිට ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ ලක්මාල් ජයරත්න මහතා, MSEC සමාගමේ සේවා පුළුල් කිරීම, වෙළෙඳපොළ පැවැත්ම ශක්තිමත් කිරීම සහ අනෙකුත් සමාගම් සහ සේවාදායකයන් සමඟ ශක්තිමත් සබඳතා ගොඩනගා ගැනීම උදෙසා වැදගත් කාර්යභාරයක් ඉටු කළේය. ඔහුගේ උපායමාර්ගික නායකත්වය යටතේ, ප්‍රාග්ධන වෙළෙඳපොළවල්, ව්‍යුහගත මූල්‍ය සහ උපදේශන සේවා වැනි ක්ෂේත්‍රවල ප්‍රගතියක් අත්කර ගැනීමට සමාගම සමත්ව ඇති අතර ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ප්‍රමුඛයකු ලෙස එහි ස්ථානය සුරක්ෂිත කරමින්, දිගුකාලීන වර්ධනයක් සඳහා සමාගම ස්ථානගත කර ඇත.

පසුගිය වසර 3 තුළ, සමාගම් රැසක් සඳහා රුපියල් බිලියන 30කට අධික ආයතනික ණය ලබා ගැනීම සඳහා අතරමැදි ආයතනයක් ලෙස සහය වී ඇති MSEC  සමාගම, වර්තමානය වන විට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අනුමැතිය ලත් ආයතනික මූල්‍ය උපදේශකයකු සහ ආයෝජන කළමනාකරුවකු ලෙස සිය සේවා ලබාදෙයි. තවද, MSEC සමාගම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SME) එම්පවර් පුවරුවෙහි (Empower Board)  ලැයිස්තුගත කිරීම සඳහා, ශ්‍රී ලංකා කොළඹ කොටස් හුවමාරුව විසින් අනුමත කර ඇති අනුග්‍රාහක ආයතනයකි. 

මහජන බැංකුවේ ආයෝජන බැංකු කටයුතු ඒකකයේ සහකාර සාමාන්‍යාධිකාරීවරයකු ලෙස සේවය කිරීම ඇතුළුව මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ වසර 20කට වැඩි පළපුරුද්දක් ඇති ඔහුගේ උපායමාර්ගික තීක්ෂණ බුද්ධිය සහ තාක්ෂණික විශේෂඥතාව M Power Capital  හි සාර්ථකත්වයට අත්‍යවශ්‍ය වී ඇත. ඔස්ට්‍රේලියාවේ ෆෙඩරේෂන් විශ්වවිද්‍යාලයේ MBA උපාධියක් හිමි ඔහු, වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ 

ගණකාධිකාරීවරයකු (FCMA,UK) වන අතර  CPA Australia  ආයතනයේ සහ ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ සාමාජිකත්වය දරයි.



අදහස් (0)

ලක්මාල් ජයරත්න M Power Capital Securities අධ්‍යක්ෂ මණ්ඩලයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 427 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16829 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 652 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site