IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ලාංකිකයින් 1,111 දෙනකුට කොරියානු රැකියා සඳහා වීසා ලැබේ

(විනීතා එම් ගමගේ)

ශ්‍රී ලාංකිකයන් 1,111 දෙනෙකුට කොරියානු ජනරජයේ රැකියා අවස්ථා සඳහා වීසා ලැබී තිබේ.

මෙසේ වීසා ලැබී ඇත්තේ කොරියාවේ රැකියා සදහා යාමේ බලාපොරොත්තුවෙන් විභාග වලට පෙනී සිට ඉන් සමත් වී කොරියානු මානව සමපත් දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ රැඳී සිටින 5438 දෙනා අතරින් පිරිසකටය.

මේ වනතුරුත් කොරියාවට ගුවන් ගමන් ආරම්භ වී නොමැති අතර ආරම්භ වූ වහා කොටස් වශයෙන් මෙම පිරිස යැවීමට කටයුතු කරමින් සිටින බව විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවධාංගිකරණ අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා ලංකාදීපයට පැවැසිය.

කොවිඩ් 19 වසංගතය හේතු කොට ගෙන විදේශ ගත කිරීම ප්‍රමාද වූ බැවින් එම පිරිස කොරියානු රැකියා සදහා පිටත්කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව අමාත්‍යාංශයේ ලේකම් සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉහල නිළධාරීන් සමග සාකච්ඡා කල බවද හෙතෙම සඳහන් කළේය.

එම සාකච්ඡාවේදී මේ පිළිබඳව කොරියානු ජනරජය සමග සාකච්ඡා කොට කණ්ඩායම් වශයෙන් කොරියාව සදහා රැකියාලාභීන් පිටත් කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමටත්, කොරියාව විසින් එරටට ගෙන්වා ගන්නා ශ්‍රමිකයින්ගේ අනුමත ලැයිස්තුව ලැබීමෙන් පසු එම ශ්‍රමිකයින් සදහා පිටත්වීමට පෙර ලබා ගතයුතු අනිවාර්යය PCR පරීක්ෂණ හා නිරෝධායන අවශ්‍යතාවයන් රජය විසින් සිදු කිරීමටත් තීරණය කළ බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

 විභාගය සමත් අය සදහා කඩිනමින් රැකියා අවස්ථා ලබාගැනීමට සහ රටට ඇතුල්වීමේ අවසර ලබාගැනීම පිළිබදව කොරියානු නියෝජිතයින් සමග තවදුරටත් සාකච්ඡා කර වැඩසටහනක් සකස් කරන ලෙස අදාළ නිලධාරින්ට උපදෙස් දුන් බව කි අමාත්‍යවරයා ඉක්මණින් මේ පිරිස යැවීමට සෑම පියවරක්ම ගන්නා බව ද කියා සිටියේය.



අදහස් (0)

ලාංකිකයින් 1,111 දෙනකුට කොරියානු රැකියා සඳහා වීසා ලැබේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 15 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 818 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 600 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site