ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කිරි ආශ්‍රිත නිෂ්පාදන දේශීය සමාගමක් වන රසෝදා ඩේරිස් (පුද්) සමාගම කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන ප්‍රදානෝත්සවයේදී කිරි ආශ්‍රිත නිශ්පාදන අංශයේ මධ්‍ය හා මහා පරිමාණ කාණ්ඩයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්විණි.
රසෝදා යනු රස + උදාව යන්නයි. රසෝදා සෑම විටම දේශීය කිරි ගම්මානවල කිරි දෙනුන්ගෙන් ලබා ගන්නා නැවුම් එළකිරි භාවිතා කර ප්‍රමිතියෙන් හා ගුණාත්මකභාවයෙන් උසස් යෝගට්, යෝගට් පානය, මුදවපු කිරි, අයිස්ක්‍රීම් ඇතුළු නිෂ්පාදන රැසක් වෙළෙඳපොළට සපයයි. ‘මේ අවස්ථාවේදී අපව රන් සම්මානය දක්වා ඉහළට ඔසවා තැබූ ආදරණීය පාරිභෝගිකයන්ට සහ රසෝදා සේවක මණ්ඩලයට මාගේ කෘතවේදීත්වය පිරිනමනවා.” සභාපති හා කළමනාකරණ අධ්‍යක්ෂ දමින්ද පෙරේරා මහතා පැවසීය.
2002දී දෛනිකව කිරි ලීටර් 100ත් 150ත් අතර ප්‍රමාණයකින් නිෂ්පාදන කටයුතු සේවකයන් හතර දෙනෙකුගෙන් ඇරඹූ රසෝදා වර්තමානයේදී නවීන යන්ත්‍ර භාවිතයෙන් දිනකට කිරි ලීටර් 12000කින් නිෂ්පාදන කටයුතු කරයි. නවතම කර්මාන්ත ශාලා ද්විත්වයේ දිනකට කිරි ලීටර් 40000ක නිෂ්පාදන ධාරිතාවක් ඇත. 250කට වැඩි සේවක පිරිසක් එහි සේවය කරන අතර කිරි ගොවියෝ 300කට වැඩි පිරිසක් කිරි සපයති. GMP, HACCPසහ ISO 22000 ජාතික ප්‍රමිති තත්ත්ව සහතික ලබා ඇති රසෝදා දේශීය විශේෂඥ දැනුමේ හා නෙදර්ලන්ත කිරි සැකසීමේ තාක්ෂණයේ සුසන්යෝගයෙන් යහගුණැති රසෝදා නිෂ්පාදන පාරිභෝගිකයන්ට සපයයි.
595
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
රසෝදා ඩේරිස් (පුද්) සමාගමට රන් සම්මානයක්