\
ශ්රී ලංකාවේ රබර් නිෂ්පාදන අපනයන ආදායම 2023 වසරේ පළමු මාස 11 ට සාපේක්ෂව පසුගිය වසරේ පළමු මාස 11දී ඇමෙරිකානු ඩොලර් බිලියන 11.67 දක්වා සියයට 7 ක ප්‍රතිශතයකින් වර්ධනයවී ඇතැයි ෆොර්බ්ස් සඟරාව පවසයි.
සමස්තයක් ලෙස මෙරට රබර් නිෂ්පාදන අපනයන ආදායම පසුගිය වසරේදී පෙර වසරට සාපේක්ෂව වර්ධනය පෙන්නුම් කර ඇතත් 2023 වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී රබර් නිෂ්පාදන අපනයන ආදායම සියයට 1.96 ක ප්‍රතිශතයකින් ඇමෙරිකානු ඩොලර් මිලියන 77.2 දක්වා පහත වැටී ඇතැයි ද ෆෝර්බ්ස් සඟරාව ප්‍රකාශ කළේය.
එයට හේතුවී ඇත්තේ රබර් ටයර් සහ ටියුබ් අපනයනය එම මාසයේදී සියයට 22.95 ක ප්‍රතිශතයකින් පහත වැටීම බවද ෆෝබ්ස් සඟරාව පැවැසුවේය. පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා කාලය තුළදී පෙර වසරට සාපේක්ෂව රබර් සහ රබර් නිෂ්පාදන අපනයනය සියයට 8.25 ක ප්‍රතිශතයකින් ඇමෙරිකානු ඩොලර් මිලියන 920.81 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් රබර්වලින් නිෂ්පාදිත කාර්මික සහ ශල්‍ය අත්වැසුම් අපනයනය එම මාසයේදී සියයට 21.74 කින් ඉහළ ගොස් ඇති බවත් ෆෝර්බ්ස් සඟරාව ප්‍රකාශ කළේය.
2025 නොවැම්බර් මස 21
315
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
346
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1278
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
රබර් අපනයන ආදායමේ සියයට 7ක වර්ධනයක්