(හර්ෂණ තුෂාර සිල්වා)
මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 9 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 9.1කින් අවප්‍රමාණය වී ඇත.
මෙරට ඉතිහාසයේ පළමුවරට ඇමෙරිකා එක්සත් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉකුත් දා (8) වැනිදා 200 සීමාව ඉක්මවා ගියේය.
එදින ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ දෛනික විනිමය අනුපාතවලට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 200.46 ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 193.95ක් ලෙසත් දැක්විණි.
මේ අතර පෙබරවාරි මස 28 වැනිදා ඇමෙරිකානු ඩොලර් බිලියන 7.9ක් වූ විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 7.5ක් දක්වා අඩු වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි
COMMENTS
මේ වැඩේ බන්දුල බාර ගත්ත නම් විනිමය අනුපාතය US$ එක, එක පැයෙන් රුපියල් 150 ට බස්සල පෙන්නයි.
මේ අවස්ථාවේදී හැම රටකම තමන්ගේ මුදල අවප්‍රමාණය වෙලා තියනවා. අපිට පමණක් පොදු දෙයක් නොවෙයි. ඉදිරි කාලයේදී රජය හා මහජනයා ගන්නා ක්‍රියාමාර්ග අනුව මෙය නැවතත් ස්තාපිත කරගත හැක...
කෝ මේ බන්දුල?
බන්දුල මේ වැඩේට අත ගැහුවා නම් පැයෙන් මේකට විසදුමක් හොයාගන්න තිබුනා.
දුක් වෙන්න එපා. බන්දුල අමාත්‍ය මණ්ඩලයේ ඉන්නවා.
රජය මේ වසර මුලදී දුන්න බදු සහන ආපසු ගන්න පටන් ගෙන වගෙයි. දැන් තිබෙන තත්වය අනුව රුපියලේ වටිනාකම ගොඩනගන්න පහසු ක්‍රමයක් නතිවගයි පෙන්නේ. පිටරට ඉන්න ශ්‍රී ලාංකිකයන්ට මුදල් තැන්පත් කිරීමට ගිණුම් අරඹා ඇත්තේ ජාත්‍යන්තර වෙළෙඳ පොළෙන් මුදල් නයට නොදෙන නිසාද?
2500කින් හතර දෙනෙක් ඉන්න පවුලකට මාසයක් කන්න පුලුවන් කියලා පෙන්නපු ගොයියට ඩොලර් එකක අගය රුපියල් 150 ට බස්සන එක මොන කජ්ජක්ද?