හර්ෂණ තුෂාර සිල්වා
මේ වසරේ මුල් මාස හතරේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය 5.8% කින් පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
ලොව පුරා පැතිර ගොස් තිබෙන නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් ලොව මුදල් ඒකක රැසක් මේ වනවිට අවප්‍රමාණය වී ඇති ආර්ථික රැසක් කඩා වැටී ඇත.
‘කොවිඩ්-19’ වසංගතයෙන් සිදු වූ බලපෑම නිසා මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීමටත් පොළී අනුපාත අඩු කිරීමටත් ලොවපුරා මහ බැංකු පියවර ගත්තේය. ඇතැම් මහ බැංකු පොළී අනුපාත කපා හැරියේය.
කොරෝනා වසංගතයේ බලපෑම නිසා ඉතිහාසයේ පළමු වරට අප්‍රේල් 08 වැනිදා ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂාව ශ්‍රී ලංකා රුපියලේ අගය 200 සීමාව ඉක්මවා ගියේය.
පෙබරවාරි මස 28 වැනිදා වනවිට මෙරට දළ නිල විදෙස් සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 7.9ක් විය. මාර්තු 31 වැනිදා වනවිට එය ඇමෙරිකානු ඩොලර් බිලියන 7.5ක් ලෙස ඇස්තමේන්තු කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
මේ අතර කොරෝනා වයිරසය නිසා රට තුළ පවතින තත්ත්වය හේතුවෙන් මාර්තු 20 වැනිදා සිට කොළඹ කොටස් වෙළෙඳපොළ ක්‍රියාත්මක නොවුණු බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා නිකුත් කරන වාර්තාවේ දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකම විකල්පය සෘජු ආයෝජන පුළුවන් තරම් ගෙන ඒමේ වාතාවරණයක් ඇති කිරීම. අපිට හරියටම කොරෝනා හැදෙන්නේ කොටස් වෙළඳපොල විවුර්ත කරපු දාට. ලංකාවෙන් සල්ලි යවන්න තහංචි දාල තිබුනත් වැඩක් වෙන්නේ නෑ. ඩොලර් එකක් ගන්න රුපියල් 250 දෙන්න වුණත්, චීනව නම් ඕනවට වඩා ලංකර ගන්න එපා. ණය දීපු එකම ව්‍යාපෘතියක් වත් රටට වැඩ දායක උනේ නෑ. අප‍්‍රිකාවේ රටවල් දැන් චීන එක්ක වැඩ කරන්නේ, ඉතාම පරිස්සමෙන්. මුළු අප‍්‍රිකාව පුරාම චීන්නු වැහි වැහලා. ඉන්දියාව චීනේ යන රටවල් දෙකම පරිස්සමෙන් තියාගන්න ඕනේ. ලංකාවට ටිකක් දුක් විඳින්න වෙනවා, ගොඩ එන්න. ලේසියෙන් ගොඩ එන්න හැදුවොත්, බලු මස් කන චීනා අපේ ගෙවලුත් උගසට ගන්න දවසක් එනවා.
කෝ අර ඉස්සර සතෙන් සතේ රුපියල ගැන කතා කරපු කට්ටිය?
ලංකාවේ ඉන්නේ දුක්විදින අය නෙමෙයි . මතකනේ 1977 දී කරපු මහා ආර්ථික පාවාදීම. කොහොම පවාදිමක්ද කරේ කියනවනම් රටේ තිබුණු සියලුම කර්මාන්ත වත්කම් හා තාක්ෂණය නිකන් දෙන ඇට අටකට පූජා කරා. අන්තිමේදී ගන්න උනේ සල්ලි වලට.
ඔය මහත්මයා කියන්නේ ලාම්පුතෙල් ගඳ රෙදි විකුනපු, හාල් පොල්ල හරස් කල කාලයට පසු කාලය වෙන්න ඇති. එතකොට ලෝක යුද්ධය කාලයේ නිකුත්කළ හාල් කුපන් පොතුත් තිබුනනේ. 77න් පස්සේ නේද විශාල වැව් කිහිපයක් හදල දැන් දහස් ගණනක් රැකියා කරන වෙළෙඳ කලාපත් හැදුනෙ. ඒ විතරක් නොවේ 77න් පස්සේ කුපනුත් නැහැ පොලිමුත් නැහැ. ඔයා කියන තාක්ෂණයක් 77තේ ලංකාවේ තිබුනේ නැහැ. එතෙක් තිබුනේ බංකලොත් කොමුනිස්ට් ප්‍රතිපත්ති අනුගමනයකළ රජයක්. හැබයි 77න් පස්සේ තාම ඔය හොර දේශපාළුවෝ වැඩි වුනෙ.
රටත් පහලට