(හර්ෂණ තුෂාර සිල්වා)
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (20) නැවත වරක් 198 සීමාව ඉක්මවා පහළ ගියේය.
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය අද (20) රුපියල් 198.26ක් ලෙස දැක්වුණු අතර ගැනුම් අගය රුපියල් 192.85ක් ලෙස දැක්විණි.
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය මුල් වරට 198 ඉක්මවා පහළ ගියේ පසුගිය වසරේ අප්‍රේල් මස 8 වැනිදා ය. ඊට පසු ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 198 සීමාව ඉක්මවා ගියේ ඉකුත් අප්‍රේල් මස 23 වැනිදා ය. එදින ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව විකුණුම් අගය රුපියල් 198.20ක් ලෙස දැක්විණි.
මේ අතර මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට 19 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව රුපියල සියයට 3.7කින් අවප්‍රමාණය වී තිබේ. ඊට අමතරව ස්ටර්ලිං පවුමකට සාපේක්ෂව සියයට 3.5කින් ද යූරෝ මුදල් ඒකකයට සාපේක්ෂව සියයට 2.1කින් ද ජපාන යෙන් මුදල් ඒකකයට සාපේක්ෂව සියයට 3.0කින් ද ඉන්දීය රුපියලට සාපේක්ෂව සියයට 3.8කින් අවප්‍රමාණය වී තිබේ.
ඊට අමතරව පසුගිය වසර අවසානයේදී දළ විදෙස් නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 5.7ක් ලෙස දැක්විණි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
රුපියල තවත් පහළට
banda Wednesday, 20 January 2021 02:32 PM
සර් ආවාම රුපියල නග්ගලා ගනීවි.