හර්ෂණ තුෂාර සිල්වා
දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් තිබෙන රුපියල අද (14) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 160.92ක් දක්වා පහළ ගියේය. ශ්‍රී ලංකා මහ බැංකුව අද (14) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය 160.92ක් වූ අතර ගැනුම් අගය 157.82ක් විය.
මේ අනුව රුපියල මෙතරම් අගයකට පහත වැටුණු පළමු අවස්ථාව මෙය විය. ඉකුත් පෙබරවාරි මස පැවැති පළාත් පාලන ඡන්දයෙන් පසු දේශපාලන ක්ෂේත්‍රයේ ඇති වූ අස්ථාවරත්වයත් සමඟ රුපියල අඛණ්ඩව අවප්‍රමාණය වෙමින් තිබේ.
මේ අනුව පසුගිය 7 වැනිදා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 160.00ක් ලෙස සටහන් විය.ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා නිකුත් කරන මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට ජූනි 8 වැනිදා දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 3.8කින් අවප්‍රමාණය වී තිබේ.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට පෙර දින එනම් පෙබරවාරි 9 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 156.18ක් ලෙස දැක්විණි.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
රුපියල තවත් පහළට
Ajith Saturday, 16 June 2018 08:21 AM
ඇමරිකානු පොළී අනුපාතයේ යමක් සිදුවීම සඳහන් නොකර මෙම පුවත නොමගයන සුලුයි.