IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


රෙන්දපොළවත්ත කජු වෙළෙඳාමට හෙනහුරා ලබයි.

අලෙවිය සඳහා තබා ඇති කජු

පාරිභෝගිකයකුට කජු අලෙවි කරන අයුරු


දේශීය කජු මිල දිනෙන් දින ඉහළ යාමත් ව්‍යාපාර අඩු වීමට හේතුවක්

ආනයනික කජු අඩු මිලට විකිණීම තවත් ප්‍රශ්නයක්

රුපියල් 2500ට 3000ට තිබූ කජු කිලෝව දැන් රුපියල් 5000ටත් එහා ගිහින්

කිලෝවක් ගන්න එන කෙනා අරන් යන්නේ ග්‍රෑම් 250යි

කඩ කුලී, විදුලි බිල්, රජයේ බදුත් ගෙවනවා

අවන් කජු කිලෝවක් රුපියල් 7000ක් පමණ වෙලා

කජු ඇට මිලදී ගන්නේ මහ පරිමාණ මුදලාලිලා තුන් හතර දෙනෙක්. වෙළෙඳපොළේ මිල තීරණය කරන්නේ ඔවුන්

අධිවේගී මාර්ගය නිසා සංචාරකයන් මේ පැත්තට එන්නේ නෑ


සඳලංකාව - හේමලතා ඩී. හේවගේ


ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඒ ඒ ප්‍රදේශවලට ආවේණිකව සිදු කරනු ලබන වෙළෙඳාම් බොහොමයක් දිවයින පුරා විසිරී ඇත. රුහුණේ මී කිරි, පුත්තලම ලු‍ණු, රත්නපුරේ මැණික්, මීගමුවේ අළුවා, බටලීයේ කජු ආදි වශයෙන් බැඳුණු නාමවලින් එම ප්‍රදේශ ප්‍රසිද්ධියක් උසුලයි.

වයඹ - බස්නාහිර පළාත් වෙන් කෙරෙන මා ඔයෙහි ගිරිඋල්ල පාලම අසල රේන්දපොළවත්ත ප්‍රදේශය ද කජු වෙළෙඳාමට වසර තිහකට අධික ඉතිහාසයක සිට ප්‍රසිද්ධියක් උසුලන ප්‍රදේශයකි. කුරුණෑගල කොළඹ අංක 05 ප්‍රධාන මාර්ගයට මුහුණලා දෙපස ඉදිකර ඇති මෙම කජු වෙළෙඳසල් දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය ද දිනාගත් ස්ථානයකි.

රේන්දවත්තෙහි පිහිටි මෙම කජු වෙළෙඳසල් අද වන විට පවත්වාගෙන යාමට නොහැකි මට්ටමකට පත්ව ඇති බව එම කජු වෙළෙඳසල් හිමියෝ පවසති.

නුවර කොළඹ අධිවේගී මාර්ගය ඉදිවීමත් සමඟ දේශීය හා විදේශීය සංචාරකයන් මෙම මාර්ගය හරහා ගමන් කිරීම අඩු වී ඇති බවත්, මෙරටට පැමිණෙන සංචාරකයන්ට ගුවන්තොටුපොළ තුළදීම පහසුවෙන් හා කෙටි කාලයකින් ගමන් කිරීමට හැකි මාර්ග පිළිබඳව අන්තර්ජාල තොරතුරු හරහා දැනුවත් කිරීම නිසා එම සංචාරකයන් රැගත් රථවාහන මෙම මාර්ගය ඔස්සේ ගමන් නොකරන බවත් වෙළෙන්දෝ කියති.

දිනෙන් දින දේශීය කජු මිල ඉහළ යෑම නිසා හා විදේශීය රටවලින් ආනයනය කරනු ලබන කජු අඩු මිලට විකිණීමත් මෙම ගැටලුවට බලපා ඇති තවත් සාධකයක් බව ද වෙළෙන්දෝ පෙන්වා දෙති.

 

වසර දහයකට ආසන්න කාලයක සිට රේන්දපොළවත්ත ප්‍රදේශයේ කජු වෙළෙඳාමේ නිරත වන යූ.එල්. අයේෂා පෙරේරා මහත්මිය මෙම ගැටලු‍ව සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරමින් මෙසේ පැවැසුවාය.

“රේන්දපොළවත්ත කිව්වහම කජු වෙළෙඳාමට ප්‍රසිද්ධියක් උසුලන ස්ථානයක්. මමත් දැන් වසර දහයකට ආසන්න කාලයක් මෙම ස්ථානයේ කජු වෙළෙඳාමේ නිරත වෙනවා. පරම්පරාවෙන් එන පිරිසක් තමයි මෙතැන කජු වෙළෙඳසල් පවත්වාගෙන යන්නේ. මීට වසර කිහිපයකට පෙර මෙතැන හොඳ වෙළෙඳාමක් තිබුණා. අද ඒ තත්වය නැහැ.

කජු මිල ඉහළ යාම වෙළෙඳාම අඩු වීමට බොහෝ සෙයින් බලපානවා. රුපියල් 2500ට 3000ට තිබුණ කජු කිලෝ එකක මිල දැන් රුපියල් 4000ත් 4500ත් අතර මිලක් වෙනවා. ඒ කියන්නේ තොග මිල. ඒවා අරගෙන අපි අවන් කරලා දෙනකොට රුපියල් 5000කට එහා ගිය මිලක් තමයි වෙන්නේ. මිල වැඩි වීමත් අපේ ව්‍යාපාරයේ කඩා වැටීමට බෙහෙවින් බලපානවා. කජු කිලෝ එකක් ගන්න ආපු කෙනා කජු 250යි අරගෙන යන්නේ. දානයක් වගේ විශේෂ අවශ්‍යතාවකට විතරයි කජු වැඩිපුර ගන්නේ. කඩ කුලිය, විදුලි බිල, රජයේ බදු, මේ සියල්ල ගෙවලයි අපි ව්‍යාපාරය කරන්නේ. රටට බරක් නොවී කරන මෙම ව්‍යාපාර ගැනත් රජයේ අවධානය යොමු වෙනවා නම් ඉතා වටිනවා.”

 

ඉශාන් වීරරත්න මහතා ද වසර ගණනාවක සිට රේන්දපොළවත්තේ කජු වෙළෙඳාමේ නිරත වන අයෙකි. ඒ මහතා පැවැසුවේ මෙවන් අදහසකි.

“විදේශීය රටවලින් ආනයනය කරනු ලබන කජු දේශීය වෙළෙඳපොළේ රුපියල් 3500ත් 3800ත් අතර මිලක තියෙනවා. එහෙත් අපේ රටේ කජු අපට ලැබෙන්නේ රුපියල් 4300කටත් එහා මිලකට. මෙම ස්ථානයේ අලෙවි කිරීමට පෙර අපිත් කජු අවන් කරන්න වියදමක් දරනවා. මෙම ස්ථානයේ අවන් කජු (රෝස්ට් කජු) කිලෝ එකක මිල රුපියල් 7000ක් විතර වෙනවා.

කජු මිල වැඩි වෙන්න තවත් හේතුවක් තමයි කජු ඇට මිලදී ගන්නේ මහා පරිමාණ මුදලාලිලා තුන් හතර දෙනෙක්. ඒගොල්ලෝ කජු එකතු කරලා ගබඩා කරලා තියාගන්නවා. පොඩි මිනිහට කජු මිලදී ගන්න ලැබෙන්නේ නැහැ. ලොකු මුදලාලිලා තමයි වෙළෙඳපොළේ කජු මිල තීරණය කරන්නේ. එයාලා පාරිභෝගිකයන් ගැන හිතලා නෙමෙයි මිල ගණන් කියන්නේ.

මද කජු කිලෝ එකක් හදන්න ඇට කජු කිලෝ හයක් විතර යනවා. දැන් ඇට කජු කිලෝ එකක් රුපියල් 800ත් 900ත් අතර වෙනවා. කපන්න, මද ගලවන්න, අවන් කරන්න ආදි වශයෙන් මුදල් වැය වෙනවා. ඒ සියලු‍ වියදම් එකතු කරලා තමයි කජු මද වෙළෙඳුන් අපිට කජු දෙන්නේ. ආනයනික කජුවල මිල ඉහළම මට්ටමක පවතිනවා නම් දේශීය කජුවලට ඉල්ලු‍ම වැඩි වෙනවා. එහෙම වුණොත් අපේ වෙළෙඳාමත්ම ඉහළ මට්ටමකට යාවි.”

 

දිල්හානි තනූජා ප්‍රනාන්දු මහත්මිය ද අදහස් දක්වමින් මෙසේ පැවැසුවාය.

“වසර 18කට ආසන්න කාලයක ඉඳන් මමත් මේ ස්ථානයේ කජු විකුණනවා. ඉස්සර අපිට හොඳ බිස්නස් එකක් තිබුණා. අධිවේගී මාර්ගය ඉදිවීමත් සමඟ කුරුණෑගල කොළඹ අංක 05 මාර්ගයේ ගමන් ගන්නා සංචාරකයන්ගේ පැමිණීම අඩු වුණා. දැන් සංචාරක බස් එකක් යන්නේම නැති තරම්. ඔය කලාතුරකින් දිනක අපි සමඟ සම්බන්ධකම් තියෙන කෙනෙක් විතරයි බඩු ගන්න එන්නේ.

කටුනායක ගුවන්තොටුපොළින් බහින සංචාරකයන්ට එනකොටම Google Map එක දෙනවා. එතකොට එයාලා අධිවේගී මාර්ගයේ තමයි ගමන් කරන්නේ. අපේ රටේ කජු තමයි හොඳම. ඒවා රසින් වැඩියි. සංචාරකයන් කැමැතියි ඒවා කන්න. අපි රජයට කියන්නේ මේ ව්‍යාපාර ගැනත් අවධානය යොමු කරන්න කියලයි.”



අදහස් (0)

රෙන්දපොළවත්ත කජු වෙළෙඳාමට හෙනහුරා ලබයි.

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

දිගුකාලීන ආර්ථික වර්ධනයකට අඛණ්ඩව ප්‍රතිසංස්කරණ අවශ්‍යයි
2025 මැයි මස 06 20 0

කලාපීය ආර්ථිකය ශක්තිමත් ස්ථානයක සිට තවත් ඉදිරියට ගමන් කරමින් සිටියත් ඉදිරියේදී ඇතිවිය හැකි අවිනිශ්චිතා බොහෝයි වත්මන් තත්වය පිළිබඳව කලාපයට සෑහීමකට


ලංකාවේ ආයෝජනයට වියට්නාමයේ වින්ගෲප් සමූහයට ජනපතිගෙන් ඇරියුම්
2025 මැයි මස 06 40 0

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරීත්වය හමුවී සාකච්ඡා පැවැත්වී


අප්‍රේල් මාසයේදී මහ බැංකුව ඩො.මි. 160 ක් මිලට අරන්
2025 මැයි මස 06 51 0

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට මූල්‍ය වෙළෙඳපොළෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 160 ක ඩොලර් ප්‍රමාණයක් මිලදී ගෙන ඇතැයි නවතම දත්ත වාර්තා පෙ


කොටස් ගනුදෙනු අද පැය තුනකට පමණයි
2025 මැයි මස 06 13 0

අද (06) දිනයේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය හේතුවෙන් කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු පැය තුනකට සීමා වන බව එම හුවමාරුව පවසයි. ඒ අනුව පෙරවරු 9.30ට ආරම්භ කෙරෙන


එමිරේට්ස් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමග හවුල්කාරීත්වය දීර්ඝ කරයි
2025 මැයි මස 06 20 0

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තවදුරටත් සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් එමිරේට්ස් හා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) ඔවුන්ගේ හවුල්කාරීත්ව


හේලීස් රු.බි. 7ක ණයකර නිකුතුවට අධිදායකත්වයක්
2025 මැයි මස 06 18 0

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හේලීස් පීඑල්සී සමාගම රුපියල් බිලියන 7ක් රැස් කරගැනීම සඳහා සිදු කළ ණයකර නිකුතුවට අධි දායකත්වයක් හිමි වූ බව පවසයි. ඊයේ (05)


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 745 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 190 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1233 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site