IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


රෙන්ගනාදන් - මනිල් ලංකා IOC අධ්‍යක්ෂක මණ්ඩලයට

එස්. රෙංගනාදන්
මනිල් ජයසිංහ

ජනවාරි පළමුවැනිදා සිට බලපැවැත්වෙන පරිදි, ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරුන් ලෙස එස්. රෙන්ගනාදන් සහ මනිල් ජයසිංහ පත් කරන බව Lanka IOC PLC නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

රෙන්ගනාදන් මහතා කොමර්ෂල් බෑන්ක් ඔෆ් සිලෝන් පීඑල්සී හි හිටපු කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරියා වන අතර, බැංකුවේ ප්‍රධාන තනතුරු කිහිපයක් ද දරා ඇත. මීට අමතරව, ඔහු Commercial Development Company PLC හි කළමනාකාර අධ්‍යක්ෂ සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙසත්, සීමාසහිත කොමර්ෂල් බැංකුවේ මාලදිවයින නියෝජ්‍ය සභාපතිවරයා ලෙසත් සේවය කර ඇත.
ඔහු වසර 41 කට වැඩි ජ්‍යෙෂ්ඨ බැංකුකරුවකු වන අතර බංග්ලාදේශයේ Credit Agricole Indosuez හි බැංකු මෙහෙයුම් කොමර්ෂල් බැංකුව විසින් අත්පත් කර ගැනීමට නායකත්වය දී ඇත. ඔහු බැංකුවේ පළමු ප්‍රධාන අවදානම් කළමනාකරණ නිලධාරියා ලෙස කටයුතු කළ අතර බැංකුවේ දීපව්‍යාප්ත ශාඛා ජාලය භාර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙස තනතුරු හොබවා ඇත. ඊට අමතරව, ඔහු වසර අටකට ආසන්න කාලයක් Commercial Bank of Ceylon PLC හි විධායක අධ්‍යක්ෂවරයකු ලෙස ද සේවය කළේය. 

රෙන්ගනාදන් මහතා බංග්ලාදේශයේ බැංකු කරුවන්ගේ ආයතනයේ සාමාන්‍ය සභාවේ සාමාජිකයකු, ශ්‍රී ලංකා බංග්ලාදේශ වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ ආරම්භක සභාපති, බංග්ලාදේශයේ විදේශ ආයෝජකයන්ගේ වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ විධායක සභිකයකු ලෙස කටයුතු කර ඇත.

රෙන්ගනාදන් බංග්ලාදේශයේ බැංකුකරුවන්ගේ ආයතනයේ සාමාන්‍ය සභාවේ සාමාජිකයකු, ශ්‍රී ලංකා බංග්ලාදේශ වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ ආරම්භක සභාපති, බංග්ලාදේශයේ විදේශ ආයෝජකයන්ගේ වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ විධායක සභිකයකු ලෙස කටයුතු කර ඇත.

මනිල් ජයසිංහ මහතා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ, කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ වරලත් ආයතනයේ (එක්සත් රාජධානියේ) සහ ශ්‍රී ලංකාවේ සහතික කළ කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ සාමාජිකයෙකි. ඔහු රාජ්‍ය මූල්‍ය හා ගණකාධිකරණ වරලත් ආයතනයේ ද සාමාජිකයෙකි. ශ්‍රී ලංකාව, මාලදිවයින සහ භූතානයේ ප්‍රධාන අංශ හරහා උපදේශක සහ කර්මාන්ත පිළිබඳ වසර 41 කට වැඩි පළපුරුද්දක් ඔහු සතුය. ඔහු 2021 - 2023 දක්වා Ernst and Young, Sri Lanka සහ Maldives හි රටේ කළමනාකාර හවුල්කරු ලෙස, ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා Assurance Practice ප්‍රධානියා ලෙස සහ 2003 - 2023 දක්වා ශ්‍රී ලංකාවේ වෘත්තීය පුහුණු අධ්‍යක්ෂ ලෙස සේවය කළේය.

අර්නස්ට් සහ යන්ග් ශ්‍රී ලංකන් සහ මාලදිවයින් සමාගම්වල බැංකු, මූල්‍ය සහ රක්‍ෂණ සේවා පරිචයන් භාර හවුල්කරු ලෙස ජයසිංහ බැංකු, මූල්‍ය සහ කර්මාන්ත රාශියක විගණන සහ උපදේශන කටයුතුවල ප්‍රධාන සම්පත් දායකයකු ලෙස සේවය කර ඇත. රක්ෂණ සේවා, නිෂ්පාදන, සිල්ලර, ආගන්තුක සත්කාර, තොග ව්‍යාපාර සහ විදුලි සංදේශ සහ පුළුල් වාණිජ අත්දැකීම් ලබා ඇත. ඔහු මූල්‍ය ආයතන සඳහා ව්‍යාපාර සහ උපාය මාර්ගික සැලසුම් තක්සේරු කිරීමේ ද නිරත වී ඇත.

ජයසිංහ මහතා ව්‍යවස්ථාපිත ගිණුම්කරණ ප්‍රමිති කමිටුවේ වත්මන් සභාපතිවරයා වන අතර ව්‍යවස්ථාපිත විගණන ප්‍රමිති කමිටුවේ සාමාජිකයෙකි.



අදහස් (0)

රෙන්ගනාදන් - මනිල් ලංකා IOC අධ්‍යක්ෂක මණ්ඩලයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 41 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 837 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 605 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site