(දයාසීලි ලියනගේ)
පුහුණූව ලත් ශ්‍රමිකයින් සඳහා රැකියා අවස්ථා 5,42,893 ක් මෙරටට ලැබී තිබුණත් ඒ සඳහා විදේශ ගතකර ඇත්තේ 79,785 ක ප්‍රමාණයක් බව සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.
වර්ෂ 2015 සිට 2018 දක්වා කාලය තුළ මෙම අවස්ථාව ලැබී තිබුණ බව ජාතික විගණන කාර්යාලය සඳහන් කරයි.
මෙම කාලය තුළ සේවා වර්ගීකරණ 7 ක් යටතේ රැකියා අවස්ථා 13,76,465 ක් රටට ලැබී තිබුණු බවද සඳහන් වේ.
ඉන් ගෘහ සේවිකාවන් සඳහා 4,73,856 ක් ද , නුපුහුණු සේවා වර්ගීකරණය යටතේ රැකියා 2,80,261 ක් ලැබී තිබූ බවද එම වාර්තාව සඳහන් කරයි.
ගෘහ සේවිකාවන් හා නුපුහුණු ශ්‍රමිකයින් සඳහා ලැබී තිබූ රැකියා අවස්ථාවලින් ශ්‍රමිකයන් 32% ක් සඳහා පමණක් ශ්‍රමිකයින් යොමුකර තිබූ බවද එම වාර්තාව සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
රට රැකියා අවස්ථා ලක්ෂ 5 කින් ප්‍රයෝජන ගෙන ඇත්තේ 79,000 යි
anura Tuesday, 02 March 2021 01:29 PM
ඉතාමත් කණගාටු දායක ප්‍රවෘත්තියක්... ලංකාවේ බොහෝ තරුණ, තරුණියන් රැකියා සොයාගැනීමට නොහැකිව අාර්ථික අතින් අතිශයින්ම දුක් පිඩාවිඳින විට අපට ලැබී තිබෙන අවස්ථා ප්‍රයෝඡනයට නොගෙන මෙම වටිනා අවස්ථා අපතේ හැරීම... මෙය ඉතාමත් අවාසනාවන්ත වන අතර මැදපෙරදිග රැකියා සොයා ඉතාමත් අඩුපඩියට අනේක දුක් කරදර මැද රැකියා කරන්නවුන්ගෙන් දිනපතා ඇසෙන අඳෝනා වල අඩුවක් පෙනෙන්නට නැත. ජර්මනිය තුළ පුහුණු කර්මිකයන් හා මෘදුකාංග ඉංඡිනේරුවන් වැනි ඉහළ මට්ටමේ ශ්‍රමිකයන් සඳහා ඉතා ඉහළ පඩි ලබන රැකියා සඳහා විශාල වශයෙන් රැකියා ඇබෑර්තු ඇත. මේ සඳහා ජර්මන් භාෂා නිපුණත්වය අතිරේක සුදුසු කමක් වේ. රටේ තරණ පරපුර නොමග යාම වැළැක්වීමේ අරමුණින් මෙම සිද්ධිය පිළිබඳ ගරු ජනාධිපතිතුමාගේ කාරුණික අවධානය ඉතා ඉක්මණින් යොමුවනු ඇතැයි මම තදින්ම විශ්වාස කරමි.
jothi Tuesday, 02 March 2021 02:32 PM
විදේශ සේවා නියුක්ති කාර්යාංශය මොනවද කරන්නේ...?
SenarathWednesday, 03 March 2021 03:25 AM
ඔවුන් ඉන්නේ අපේ රීරි මාංශ හූරන් කන්න. පසුගිය කාලයේ කොරෝනා රෝගයෙන් විදේශවලදී මැරුණු රටවිරුවන්ට වන්දි යෝජනා කළේ රුපියල් 45000ක් පමණි. මොන විහිළුවක්ද?
Kumara Wednesday, 03 March 2021 06:21 AM
විදේශ සේවා නියුක්ති කාර්යාලයේ අකාර්යක්ෂම පාලනය පේනවා නේද? වෙනත් රටවල් එක්ක බලනකොට දුක හිතෙනවා. රස්සාවක් නැතිව තරුණ තරුණියන් මොනතරම් ඉන්නවද? තොරතුරු හරියට දැනගත්තා නම් හොරුන්ට අසු නොවී රට රැකියා වලට යන්න තිබුණා.