IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


රටට ඩොලර් ගේන්න දේශීය ව්‍යවසායකයෙක් පෙරට

සියයට සීයක් ශ්‍රී ලාංකේය සමාගමක් වන Gflock ආයතනයේ ජාත්‍යන්තර විකුණුම් පරිමාව ඉහළ දැමීමේ අරමුණ ඇතිව  e-commerce වෙබ් අඩවි මගින් ඔවුන් සිය ඇඟලුම් අලෙවි කිරීම ආරම්භ කර ඇති අතර වැඩි වැඩියෙන් ඔවුන්ගෙන් ඇඳුම් මිලදී ගෙන අප රට වැටී තිබෙන අර්බුදකාරී වාතාවරණයෙන් රට ගොඩගැනීමට දායක වන ලෙස එම ආයතනය ලොව පුරා විහිදී සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටී.

ගෝලීය වශයෙන් මහා පරිමාණ ව්‍යාපාරික සමාගම් සමඟ තරග වදිමින් Gflock ආයතනය මෙම ඉල්ලීම කර සිටී.

පසුගියදා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී එම සමාගම මෙම තොරතුරු අනාවරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ Gflock ආායතනයේ ප්‍රධාන විධායක නිලධාරී රනිල් විල්ලද්දරගේ මහතා මෙලෙස අදහස් දැක්වීය.

අප ආයතනය පුණ්‍ය ආයතනයක් නොවේ. එහෙත් මෙම ගනුදෙනුව මගින් පාරිභෝගිකයාට මෙන්ම රට තුළ ජීවත්වන අනෙකුත් ජනතාවටද සහනයක් ලැබෙනවා. ඔවුන්ට අනෙකුත් සන්නාම සමග සංසන්දනය කිරීමේදී ඔවුන් වෙහෙස මහන්සිවී හම්බ කරන මුදලට වටිනාකමක් සහිත ඇඳුම් මිලදී ගැනීමේ හැකියාව පවතිනවා. සාමාන්‍යයෙන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් වසරකට ඩොලර් 300ත් 500ත් අතර මුදලක් ඇඳුම් මිලදී ගැනීම සඳහා වියදම් කරනවා. අප ආරම්භ කළ මෙම වැඩපිළිවෙළ මගින් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් අපගේ ඇඳුම් මිලදී ගැනීම හරහා රට තුළට ඩොලර් ලැබෙන අතර ඒ හරහා රටේ ජනතාවට අවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමේ හැකියාව උදාවෙනවා. මේ මොහොත අප එකිනෙකාට උපකාර කරගත යුතු මොහොතක් ලෙසයි මා දකින්නේ.

මේ වන විට ශ්‍රී ලංකාව මුහුණදී ඇති ප්‍රධානතම ගැටලුව වන්නේ රටතුළ අවශ්‍ය ප්‍රමාණයට ඩොලර් නොමැතිවීමයි. මේ සඳහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයාගේ සිට මහා පරිමාණ ව්‍යපාරිකයා දක්වා විවිධ අංශ ඔස්සේ ඩොලර් සොයා ගැනීමට උත්සාහ ගනිමින් සිටිනවා . දේශීය ව්‍යාපාරික ආයතනයක් හැටියට ඒ සඳහා උපරිමයෙන් දායක වෙන්න අපට පුළුවන්. ඒ වගේම මේ හරහා ඉතා කඩිනමින් රටට ඩොලර් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා.

මගේ කාරුණික ඉල්ලීම වන්නේ විදේශයන්හී සිටින ඔබ, ඔබගේ ඇඳුම් සඳහා වෙන් කරන මුදලින් අපේ ලංකාවේ තරුණ පරම්පරාවේ නිර්මාණශීලීත්වයෙන් ආරම්භ වූ Gflock ආයතනයෙන් අන්තර්ජාලය හරහා ඇඳුම් ඇණවුම් කරන ලෙසයි.

ඒ වෙනුවෙන් මම මෙම ව්‍යාපාරයේ හිමිකරුවා සහ ව්‍යවසාකයෙක් විදියට ව්‍යාපාරයේ කොටස් සියයට  51ක් 2025 වසරේදී සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට පරිත්‍යාග කිරීමට සූදානම්. ඊට අමතරව මෙම අපේක්‍ෂිත ආදායමත් සමග මෙම ව්‍යාපාරික නාමය තවදුරටත් ව්‍යාප්ත කරමින් රට පුරා තරුණ පිරිස් රැකියා නියුක්ත කරමින් ඔවුන්ට සරිලන වැටුපක් හා එම නියුක්තිකයන්ගේ පවුල්වලට මාසිකව සහල් සහ වියළි ආහාර ලබාදෙමින් කටයුතු කරන්නට අපට හැකිවෙනවා. ඒ වගේම දුකට පත්වූ ඔවුන්ව ශක්තිමත් කිරීමට හැකි වෙනවා. එමගින් ඔබ නිර්මාණය කරන්නේ රටම බේරාගත හැකි ශක්තිමත් මහජන ව්‍යාපාරයක්.

595



අදහස් (0)

රටට ඩොලර් ගේන්න දේශීය ව්‍යවසායකයෙක් පෙරට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 347 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site