විමුක්ති රුද්‍රිගු
ශ්‍රී ලාංකිකයන්ට අත්‍යාවශ්‍ය සේවා සැපයීම සඳහා අවශ්‍ය රාජ්‍ය සේවයකන් පිරිස තීරණය කිරීමේ නිදහස මෙරට රජයට තිබෙන නමුත් රාජ්‍ය සේවයට පිරිස් බඳවා ගැනීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහනේ ඉලක්ක තුළ සිට එය කළයුතු යැයි එම අරමුදලේ ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා පසුගියදා ප්‍රකාශ කළේය.
මෙරටට අවශ්‍ය රාජ්‍ය සේවයේ ප්‍රමාණය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට විනිශ්චය කර නොහැකි බවත් අත්‍යාවශ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා රාජ්‍ය සේවය තුළ අවශ්‍ය සම්පත් ප්‍රමාණය කොපමණක් දැයි යන්න තීරණය කළ යුත්තේ ශ්‍රී ලංකා රජය බවත් බෲවර් මහතා පැවැසුවේය. කෙසේ නමුත් සියල්ල සිදුකළ යුත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහනේ ඉලක්ක තුළ සිට බවද ඔහු ප්‍රකාශ කළේය.
රාජ්‍ය සේවයට අවශ්‍ය සම්පත් හඳුනාගැනීම සඳහා සහාය විය හැකි ලෝක බැංකුව වැනි බහුපාර්ශ්වික ආයතන තිබිය හැකි බවත් එම ආයතනවලට රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදිය හැකි බවත් ඔහු පැවැසුවේය.
පසුගියදා පැවැති මාර්ගගත මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා මෙම අදහස් පළ කළේය.
රැකියා සැපයීම, දැඩි ලෙස දේශපාලනීකරණය වීම සහ එයට එල්ලවන දේශපාලන මැදිහත් වීම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියන් 16 දෙනකුටම එක් රාජ්‍ය අංශයේ සේවකයකු සිටින රාජ්‍ය අංශයක් මෙරට පවතී. ශ්‍රී ලංකා රාජ්‍ය සේවයේ විශාලත්වය සහ අකාර්යක්ෂමතාව පිළිබඳ දීර්ඝ කාලයක සිට විවේචන එල්ලවෙමින් පවතී. එය මූල්‍ය අසමතුලිතතාව සහ ආර්ථික අභියෝග ඇතිවීමට හේතුවක්ද වේ. 2023 දත්තවාර්තා වලට අනුව මෙරට රාජ්‍ය සේවකයන් ලක්ෂ 15 ක් සිටින අතර එය මෙරට ශ්‍රම බළකායෙන් සියයට 14 කි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
රාජ්‍ය සේවයට බඳවා ගැනීම් IMF ඉලක්ක අනුව වෙන්න ඕනෑ