IMG-LOGO

රජයේ සමස්ත ආදායමේ අඛණ්ඩ වර්ධනයක්

  • පසුගිය මැයි මාසයේදී පමණක් රජයේ සමස්ත ආදායම රු.බි. 486ක්
  • පළමු මාස 5 දී රජයේ ආදායම රුපියල් ට්‍රිලියන 2 කට ආසන්න වෙලා
  • පළමු මාස 5 දී රජයට ලැබුණු බදු ආදායමේ හා ප්‍රදානවල එකතුව රු.බි. 1942 ක්
  • බදු ආදායම රුපියල් බිලියන 1802 ක්
  • සමස්ත අයවැය හිඟය රුපියල් බිලියන 236.6 දක්වා පහළට

විමුක්ති එස් රුද්‍රිගු

රජයේ සමස්ත ආදායම පසුගිය මාර්තු මාසයේ සිට අඛණ්ඩව වර්ධනය වෙමින් පවතින බවත් පසුගිය මැයි මාසයේදී පමණක් රජයේ සමස්ත ආදායම රුපියල් බිලියන 486 ක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.

ඒ අනුව මෙම වසරේ පළමු මාස 5 තුළ රජයේ ආදායම රුපියල් ට්‍රිලියන 2 කට ආසන්න බවත් පසුගිය වසරේ රජයේ සමස්ත ආදායම රුපියල් ට්‍රිලියන 4 ක් බවත් මහ බැංකු දත්ත වාර්තාවල සඳහන් වේ. මහ බැංකුව නිකුත් කළ දත්ත වාර්තාවලට අනුව මෙම වසරේ පළමු මාස 5 තුළ රජයට ලැබුණු බදු ආදායමේ හා ප්‍රදානවල එකතුව රුපියල් බිලියන 1942 ක් වන අතර පසුගිය වසරේ පළමු මාස 5 තුළ රජයේ සමස්ත ආදායම වූ රුපියල් බිලියන 1619 ට සාපේක්ෂව එය සියයට 20ක වර්ධනයකි.

එම දත්ත වාර්තාවලට අනුව මෙම වසරේ පළමු මාස 5 තුළ රජයේ බදු ආදායම රුපියල් බිලියන 1802 කි. පසුගිය මැයි මාසයේ රජයේ සමස්ත ආදායම වූ රුපියල් බිලියන 486 මෙම වසරේදී මසක් තුළ රජය ඉපැයූ ඉහළම සමස්ත ආදායම බවත් පසුගිය මැයි මාසයට පෙර මෙම වසරේදී රජය වැඩිම සමස්ත ආදායමක් උපයා තිබුණේ පසුගිය පෙබරවාරි මාසයේ බවත් මහ බැංකු දත්ත වාර්තා පෙන්වා දුන්නේය.

එසේම මාර්තු මාසයේදී රජයේ සමස්ත ආදායම රුපියල් බිලියන 306 ක් බවත් අප්‍රේල් මාසයේදී රජයේ සමස්ත ආදායම රුපියල් බිලියන 387 ක් බවත් මහ බැංකු දත්ත වාර්තාවල දැක්වේ.

2023 වසරේදී රජයේ සමස්ත ආදායම රුපියල් ට්‍රිලියන 3 ක් වූ අතර පසුගිය වසරේදී එය රුපියල් ට්‍රිලියන 4 දක්වා වර්ධනය විය. ලබා ඇති ප්‍රගතිය අඛණ්ඩව පවත්වා ගතහොත් මෙම වසරේදී රජයේ සමස්ත ආදායම රුපියල් ට්‍රිලියන 4 පසු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම වසරේ පළමු මාස 5 තුළ රජයේ සමස්ත වියදම සහ ශුද්ධ ණය දීම් රුපියල් බිලියන 2179 දක්වා වර්ධනය වී ඇති අතර පසුගිය වසරේ පළමු මාස 5 ට සාපේක්ෂව එය රුපියල් බිලියන 193 ක වර්ධනයකි. එය ප්‍රතිශතයක් ලෙස සියයට 9.7 ක ඉහළ යාමකි. පසුගිය වසරේ පළමු මාස 5 තුළ රජයේ සමස්ත වියදම සහ ශුද්ධ ණය දීම් රුපියල් බිලියන 1986 ක් විය. එසේම මෙම වසරේ පළමු මාස 5 තුළ සමස්ත අයවැය හිඟය රුපියල් බිලියන 236.6 දක්වා පහළ ගොස් ඇති අතර පසුගිය වසරේ පළමු මාස 5 තුළ මෙරට සමස්ත අයවැය හිඟය රුපියල් බිලියන 366.8 ක් වූවේය.

 



අදහස් (0)

රජයේ සමස්ත ආදායමේ අඛණ්ඩ වර්ධනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 58 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 246 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 49 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site