IMG-LOGO

රේගු බදු නොවන ආනයන බදු අහෝසි කරනවා - ඉරාන් වික්‍රමරත්න

සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු

තවත් භාණ්ඩ තුන් දහසක පමණ රේගු බඳු නොවන ආනයන බඳු අහෝසි කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවසීය.

මුදල් රාජ්‍ය ඇමතිවරයා මේ බව පැවසුවේ විසර්ජන පනත යටතේ යෝජනාව පිළිබඳ විවාදයේදීය.

ඉරාන් වික්‍රමරත්න මහතා මෙසේද කීය.

රේගු බඳු නොවන ආනයන බඳු අහෝසි කරනවා.අප කලින් භාණ්ඩ 1200ක වරාය , ගුවන්තොටුපළ බඳු අහෝසි කළා. අපි වක්‍ර බඳු සියයට 60කට අඩු කළ යුතුයි.සෘජු බඳු වැඩි කළ යුතුයි. මේවා කරද්දී ඉහළ තැන්වලින් නොයෙකුත් සද්ද එන්න පුළුවන්.අපි අඩු පොලියට බිලියන 14ක ණය දුන්නා.තවත් බිලියන 20ක ණය දීමට බලාපොරොත්තු වෙනවා.



අදහස් (9)

රේගු බදු නොවන ආනයන බදු අහෝසි කරනවා - ඉරාන් වික්‍රමරත්න

Bamunuarachchi Friday, 25 May 2018 11:57 PM

එතකොට රට විතරක් නොවෙයි මිනිස්සුත් ණයයි කියන්න වෙනවා. මිනිස්සු කරන්නේ ලොකු ණය අරගෙන තව පොඩි ණයක් පොලිය සමඟ ගෙවා දැමීමයි. හැමදාම ජනතාවගේත් ණය බර වැඩිවෙනවා.

:       0       8

Ranjith Saturday, 26 May 2018 01:54 AM

රේගු නිලධාරීන් අවංකව ආනයනය කරන ආනයනකරුවන්ටත් එච්.එස් කෝඩ් ආදිය වැරදියි කියමින් කරදර කිරීම සහ වාප්පු නිලධාරීන්ගේ රැවටීලි වලින් ආරක්ෂා කිරීමට විදියක් යොදන්න. එච්.එස් කෝඩ් එක ලෝකෙටම එකයි කිව්වට අපේ අයියලාට දවසින් දවස වෙනස් වන්නේ ඇයි?

:       0       124

AsankaSunday, 27 May 2018 02:34 PM

සහතික ඇත්ත .. මටත් මේ සිද්දිය වෙලා තියනවා , අවසානයේ අසාධාරණ බද්දක් ගෙවල ගෙන්නවපු රෙදි පිලි අමුද්‍රව්‍ය නිදහස් කරගත්ත

:       0       103

රජින්දMonday, 28 May 2018 12:03 PM

සහතික ඇත්ත. එච්.එස් කෝඩ් එක හැම රටක්ම වාගේ වාර්ෂිකව යාවත්කාලීන කරනවා. අනික ඒක හදන්නෙත් ජාත්‍යන්තර ප්‍රමිතියකට බවයි ඔවුන් කියන්නේ. එහෙත් ජාත්‍යන්තර වෙළදාමේ තියෙන භාණ්ඩ අපේ එච්.එස් කෝඩ් වල තාමත් තියෙන්නේ පරණ අංක යටතේ පරණ බදු ක්‍රමයටමයි.

:       0       40

surath Saturday, 26 May 2018 02:11 AM

මහා ජනතාවට බදු ගහනවා. අනෙක් බදු අයින්කරනවා අපුරු ප්‍රතිපත්ති .

:       21       140

sanath Sunday, 27 May 2018 06:36 AM

ඔව් ඉතින් අනික් බදු සේරම රේගු බද්දට එකතුකලාම ඉතිරිවෙන්නේ ඒක විතරක් තමයි.

:       0       42

sena* Sunday, 27 May 2018 02:39 PM

ජ්‍යෙෂ්ඨ වැසියන් අර්ථසාධේ දැහැමින් සෙමින් අවුරැදු 30,40 ගණන් එකතුවු මුදල් ස්ථාවර ගිණුම් වල තැබුවෙ රෝහල්වල ලක්‍ෂ ගණන්වූ බිල් වලට පිටරට උගෙනුම ලබන දරුවන්ට වියදමටයි මේ ආණ්ඩුව ඉතා අශෝභන විදියට එයට බදු අය කරන්නේ උද්ධමනයට ගැළපෙන පොළියක් පවා නොගෙවායි. මේදේ වෙනුවට රජය කළයුත්තේ මන්ත්‍රී වැටුප වහා අඩුකොට දීමනාවක් කිරීම ,කෝටි ගණන් වාහන බදු සහන නවතා දැමීම වැනි ප්‍රගතිශීලී වැඩ කටයුතුයි.

:       1       134

sanathWednesday, 30 May 2018 03:16 AM

ජ්‍යෙෂ්ට පුරවැසියන්ගෙන් මාසෙකට රුපියල් 125000/- දක්වා ලැබෙන පොලියට බදු ගහන්නේ නැත. 2015 ට පෙර ගිණුමේ ලක්ෂ 5 කට වැඩි නම් පොලියට 8% ක් අය කල අතර 2015 න පසු එය 2.5% දක්වා අඩු කරන ලදී. දැන් සියල්ලන්ගේම පොලියෙන් අය කරන්නේ 5% ක් පමණයි. ජ්‍යෙෂ්ට පුරවැසියන්ට අමතරව ළමා ගිණුම් වලටද සහනයක් ලබා දී ඇත.

:       145       15

Frank Monday, 28 May 2018 12:04 PM

ඔය රේගු බදු අඩු කලාට රේගු නිලදාරීන්ගේ පෞද්ගලික බදු තියෙනවා රේගුවේ. ඒවා නොගෙවා භාණ්ඩ රේගුවෙන් මුදවා ගන්නවා බොරු. ලංකාවේ දුෂිතම නිලදාරීන් ඉන්නේ රේගුවේ.

:       166       117

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 273 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 802 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1211 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site