IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


යම් මට්ටමක බ්ස්නස් තිබෙනවා

පළමු වැනි හරස් වීදිය නැතිනම් මාකට් වීදිය විදුලි උපකරණ, ජංගම දුරකථන, ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ, ඔරලෝසු වෙළෙඳාම සඳහා වෙන් වූ වීදියකි. නව වසරක ආරම්භයත් සමග පිටකොටුවේ මාකට් වීදියේ වෙළෙඳාමේ තතු සෙවීමට ගිය ගමනේ දී ඇතැම් වෙළෙඳසැල්වල ඉතාමත් පාළු ස්වභාවයක් ගෙන තිබෙනු දක්නට ලැබුණි. සමහර වෙළෙඳසැල්වල වෙළෙඳාමක් සිදුවුණා දැයි සේයාවක් හෝ දක්නට ලැබුණේ නැත. පාරිභෝගිකයන් කිහිප දෙනකු ඔවුන්ගේ අවශ්‍යතාවලට භාණ්ඩ රැගෙන වෙළෙඳසැල්වලින් පිටවෙනු නෙත ගැටුණ ද සෙසු වීදිවල මෙන් මෙම වීදියේ කාර්යබහුල බවක් දක්නට ලැබුණේ නැත.

මේ දිනවල බිස්නස් සම්බන්ධයෙන් පළමු වැනි හරස් වීදියේ ව්‍යාපාරිකයකු වන මොහොමඩ් ජින්නා මහතා දැක්වූයේ මෙවන් අදහසකි.


Q:  මේ දිනවල බිස්නස් කොහොමද?
මම සීසීටීවී කැමරා උපාංග තමයි බිස්නස් කරන්නේ. මේ සීසන් එක අපේ වෙළෙඳාම්වලට ලොකු බලපෑමක් කරන්නේ නෑ. වසර අවසානයේ ඉලෙක්ට්‍රොනික් භාණ්ඩවලට සුවිශේෂී වට්ටම් ලබාදීමත් එක්ක පාරිභෝගික අවශ්‍යතාවට උපාංග මිලදී ගැනීමට පැමිණෙනවා. එහෙත් ගිය වසරට සාපේක්ෂව යම් මට්ටමක බිස්නස් එකක් තිබුණා. මෙච්චර ප්‍රමාණයකින් බිස්නස් වැඩිවෙලා කියන්න අමාරුයි. එහෙත් සැලකිය යුතු මට්ටමකට බිස්නස් තිබුණා. ව්‍යාපාරිකයන් වන අපට බිස්නස් තිබෙනවා නම් තමයි හොඳ. කාලයක් බිස්නස් තිබුණේ නැහැ. ජනතාවටත් ආර්ථික අමාරුකම් තිබුණා. 


Q: බිස්නස් වැඩිවීමට බලපෑ හේතු ‍මොනවාද?
අපි ලංකාවේ භාණ්ඩ නිෂ්පාදන ආයතනයක් එක්ක සම්බන්ධවෙලා තමයි ව්‍යාපාර කටයුතු කරන්නේ. ප්‍රධාන වශයෙන් සීසීටීවී කැමරා උපාංග තමයි බිස්නස් කරන්නේ. භාණ්ඩ ආනයනයේ දී මිලෙහි යම් අඩුවීමක් සිදුවුණ නිසා යම් මට්ටමකින් මෙම භාණ්ඩවල මිල අඩුවීමක් සිදුවෙලා තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ සීසීටීවී කැමරා උපාංග සෑම පාරිභෝගිකයකුම මිලදී ගැනීමට නැඹුරු වෙන්නේ නෑ. යම් ඉදිකිරීමකට අදාළ පාර්ශ්වකරුවකු තමයි මිලදී ගැනීම සඳහා පැමිණෙන්නේ. 

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නැවත පණගැන්වීමක් සිදුව තිබීම නිසා මේ වෙද්දී නැවත සීසීටීවී කැමරා උපාංග සඳහා වෙළෙඳපොළක් නිර්මාණය වෙලා තියෙනවා. පාරිභෝගිකයන් තමන්ගේ නිවසේ, වෙළෙඳ ආයතනයේ, මූල්‍ය ආයතනයේ කියන සෑම තැනකම ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිමත්වීම නිසා සීසීටීවී කැමරා වෙළෙඳපොළට හඳුන්වා දුන් කාල සීමාවට වඩා මිලදී ගැනීමේ සැලකිය යුතු වර්ධනයක් තිබෙනවා. ඉදිරි කාලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය ඇතුළු අංශ තවත් වර්ධනය වුවොත් සහ ජනතාව අතට වැඩියෙන් මුදල් ලැබුණොත් මේ බිස්නස් තවත් වැඩි වේවි.

 

මනීෂා වීරසිංහ
ඡායාරූප : ඉසුරු පෙරේරා



අදහස් (0)

යම් මට්ටමක බ්ස්නස් තිබෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 6 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site