IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


යුනිලිවර් ශ්‍රී ලංකා Viva සහ Horlicks සන්නාමවලට ආහාර කර්මාන්ත ශාලාව විවෘත කරයි

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම විසින් සපුගස්කන්ද ලින්ඩල් කාර්මික සැකසුම් කලාපයේ නව ආහාර නිෂ්පාදන කර්මාන්ත ශාලාවක්, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී. මෙම කර්මාන්ත ශාලාවේ කටයුතු පසුගිය ආර්ථික අර්බුද සමය තුළ ආරම්භ කරන ලද අතර ඒ හරහා දේශීය නිෂ්පාදන ශක්තිමත් කිරීමේ යුනිලිවර් ශ්‍රී ලංකා හි අරමුණු තහවුරු කරන්නකි. මෙමගින් විදේශ විනිමය මත ඇති වන පීඩනය ඉවත් වන අතර, ශ්‍රී ලාංකික පාරිභෝගිකයට පෝෂ්‍යදායී ආහාර නිෂ්පාදන දැරිය හැකි මිලකට ලබා දෙයි.
මෙම කර්මාන්තශාලාව යුනිලිවර් හි මෝල්ට් පදනම් කරගත් ආහාර පාන සන්නාම වන Viva සහ Horlicks නිෂ්පාදනය කරනු ඇත. මෙම නිෂ්පාදන මීට පෙර මෙරටට ආනයනය කළ නිෂ්පාදන වේ. මෙම කර්මාන්ත ශාලාව උසස් තත්වය, තිරසාර බව මෙන්ම කාර්යක්ෂමතාව සහතික කරන අති නවීන තාක්ෂණයෙන් සමන්විතය. එසේම මෙම කර්මාන්ත ශාලාව හරහා දේශීය රැකියා අවස්ථා ද උත්පාදනය කරනු ලබයි.
යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී අලි තාරික් මහතා මෙසේ ප්‍රකාශ කළේය. “රට තුළ සිදු කෙරෙන මෙම ආයෝජනය ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන් සහ ආර්ථික සංවර්ධනය සඳහා යුනිලීවර් හි කැපවීම ශක්තිමත් කරනු ලබනවා. එසේම අප කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරනු ලබන සන්නාම පරාසය පාරිභෝගිකයන්ට දැරිය හැකි මිලකට පෝෂ්‍යදායී නිෂ්පාදන සඳහා ප්‍රවේශය ලබා දෙනවා. තවද, නිෂ්පාදනය දේශීයකරණය කිරීම හරහා රැකියා උත්පාදනය, විදේශ මුදල් පිටතට ගලායාම අඩු කිරීම මෙන්ම අනෙකුත් වෙළෙදපොළට විභව අපනයනය සඳහා නිෂ්පාදන ධාරිතාව නිර්මාණය කරනු ලබනවා.” 

 



අදහස් (0)

යුනිලිවර් ශ්‍රී ලංකා Viva සහ Horlicks සන්නාමවලට ආහාර කර්මාන්ත ශාලාව විවෘත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 230 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 68 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 764 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site