IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


මේ වසරේ වාහන ආනයන බදු අඩුවීමක් නෑ

විමුක්ති එස් රුද්‍රිගු

වාහන ආනයනය කිරීමේදී පනවා ඇති බදු සීමා අඩු කිරීමට රජය මෙම වසරේදී බලාපොරොත්තු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතා රූපවාහිනී වැඩසටහනකදී පසුගියදා ප්‍රකාශ කළේය.

ඒ හේතුවෙන් වෙළෙඳපොළේ වාහන මිල ගණන් මෙම වසර තුළදී නොවෙනස්ව පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව ඔහු ප්‍රකාශ කළේය. වාහන ආනයනයෙන් රුපියල් බිලියන 300 ත් 350 ත් අතර ආදායමක් රජය බලාපොරොත්තු වන බවත් වත්මන් ආර්ථික වර්ධනය සැලකිල්ලට ගනිමින් වාහන ආනයනය ගමන් කරන දිශාව රජය විමසිල්ලෙන් බලා සිටින බවත් හුලංගමුව මහතා පැවැසුවේය.

යම්කිසි පුද්ගලයකු වාහන බදු අඩු කිරීමක් බලාපොරොත්තුවෙන් සිටී නම් එය මෙම වසරේ සිදු නොවන බව ප්‍රකාශ කළ යුතු යැයි හුලංගමුව මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තිබෙන ගිවිසුමේ මෙම වසරේදී වාහන ආනයන බදු අඩු කළ නොහැකි බව පැහැදිලිව සටහන් වන බව ඔහු එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවැසුවේය.

මීළඟ මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරය පිළිබඳ නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් දුමින්ද හුලංගමුව මහතා ප්‍රකාශ කර සිටියේ එම තීරණය ජනාධිපතිවරයා සතු වන බවයි. 



අදහස් (0)

මේ වසරේ වාහන ආනයන බදු අඩුවීමක් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 213 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2079 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site