IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මේ වසරේ අපේක්ෂිත ආර්ථික වර්ධන ඉලක්කය සපුරා ගන්න බැහැ - මුදල් අමාත්‍යාංශයෙන් අනාවරණයක්


මේ වසරේ ආර්ථික වර්ධනය සියයට 3.1 ක අගයක් ගනු ඇතැයි උපකල්පනයක
2025 වසර සඳහා වන රජයේ ආර්ථික වර්ධන අපේක්ෂාව සියයට 5ක අගයක
ජනවාරි සිට ජ‌ූනි දක්වා එකතු කරන ලද මුළු ආදායම රුපියල් බිලියන 2,318 ක්
2025 වසරේ පළමු භාගයේදී රජයේ මුළු වියදම රුපියල් බිලියන 3,467 ඉක්මවයි
ණය සේවාකරණය සඳහා වැය වී ඇති මුදල රුපියල් බිලියන 1,984 ක්
පෙර වසරට සාපේක්ෂව රේගු දෙපාර්තමේන්තු ආදායමේ සියයට 47 ක වර්ධනයක්


භානුක අමරසිංහ


මේ වසරේ ආර්ථික වර්ධනය සියයට 3.1ක් පමණ වනු ඇති බවට උපකල්පනය කළ හැකි බව මුදල් අමාත්‍යාංශ බලධාරීන් සඳහන් කළ බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පවසයි. 2025 වසරේ පළමු භාගයේදී මෙරට ආදායම, වියදම සහ ණය තත්වය පිළිබඳව සලකා බැලීම සඳහා රැස් වුණු එම කාරක සභාව ඉදිරියේ මුදල් අමාත්‍යාංශ බලධාරීන් මෙම කරුණු අනාවරණය කර තිබේ. 
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගිය 09 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස් වී තිබේ. එහිදී 2025 වසරේ පළමු භාගය සඳහා වන දත්ත අනුව මෙම වසරේ අපේක්ෂිත ආර්ථික වර්ධන ඉලක්කයට ගමන් කළ හැකිද යන්න පිළිබඳව සභාපතිවරයා විමසූ කරුණට පිළිතුරු දෙමින් මුදල් අමාත්‍යාංශ බලධාරින් මෙම කරුණු සඳහන් කර තිබේ.
විශේෂයෙන්ම 2025 පෙබරවාරි 17 වැනිදා වත්මන් ජනපති අනුර කුමාර දිසානායක මහතා, පාර්ලිමේන්තුව වෙත සිය මංගල අයවැය කතාව ඉදිරිපත් කරමින් 2025 වර්ෂය සඳහා සියයට 5ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන බව පවසා තිබුණි.
මුදල් අමාත්‍යාංශ බලධාරීන් මෙහිදී අනාවරණය කර ඇති ආකාරයට, 2024 වර්ෂයේ මුල් මාස හයේ මුළු අදායමට සාපේක්ෂව 2025 වසරේ පළමු භාගය සඳහා ශ්‍රී ලංකා රජය ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරමින් වසර මැද ඉලක්කය ඉක්මවා ගොස් ඇති බව සඳහන් ව තිබේ.
එම දත්ත අනුව 2025 ජනවාරි සිට ජුනි දක්වා අර්ධ වාර්ෂික ඇස්තමේන්තු ගත අදායම වූ රුපියල් බිලියන 2,241න් එකතු කරන ලද මුළු ආදායම රුපියල් බිලියන 2,318 ක් වී තිබේ. ඒ අනුව එය අර්ධ වාර්ෂික ආදායම් ඇස්තමේන්තුව සියයට 3කින් ඉක්මවා ගොස් ඇති බව ඔවුන් මෙහිදී පෙන්වා දී ඇත.
කෙසේ වෙතත් 2025 පළමු භාගයේදී රජයේ මුළු වියදම රුපියල් බිලියන 3,467ක් වී ඇති අතර එම මුදල 2024 වර්ෂයේ මුල් මාස හයේ මුළු වියදමට සාපේක්ෂව රුපියල් බිලයන 367කින් වැඩිවී ඇතැයිද මෙහිදී අනාවරණය වී තිබේ. 
මෙම වැඩිවීමේ ප්‍රධාන සාධයක් ලෙස ණය සේවාකරණය මූලික වී ඇති අතර 2025 පළමු භාගයේදී එය රුපියල් බිලියන 1,984 ක් ලෙස සටහන්ව තිබේ. එසේම රාජ්‍ය අංශයේ වැටුප්, විශ්‍රාම වැටුප්, අස්වැසුම සහ සමෘද්ධි වැනි සමාජ ආරක්ෂණ ශුද්ධ වැඩසටහන් ඇතුළු අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා සඳහා පුනරාවර්තන වියදම්ද ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශ නිලධාරීන් මෙහිදී එම කාරක සභාව ඉදිරියේ පවසා තිබේ.

මේ අතර, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව 2025 ජනවාරි සිට ජූනි දක්වා කාලයේදී රුපියල් බිලියන 996ක ආදායමක් වාර්තා කිරීමට සමත්ව ඇතැයිද මෙහිදී අනාවරණය කෙරිණි. එය 2024 වසරේ එම කාලසීමාවට සාපේක්ෂව ආදායමේ සියයට 47 ක වර්ධනයකි. 
එහිදී මූලිකවම මෝටර් රථ ආනයනයෙන් ලැබුණු ආදායම මෙම වර්ධනයට සැලකිය යුතු ලෙස හේතු වී ඇති අතර, එමඟින් රුපියල් බිලියන 429 ක් ලැබී තිබේ. වාහන ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසුව මේ දක්වා මෙරට වෙත වාහන 220,026 ආනයනය කර ඇති අතර ඉන් වාහන 154,537ක් ශ්‍රී ලංකා රේගුව මගින් නිෂ්කාශන කටයුතු අවසන් කර ඇති බවද මුදල් අමාත්‍යාංශ නිලධාරීන් මෙහිදී වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
මීට අමතරව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවද 2025 පළමු භාගයේදී ඇස්තමේන්තු ගත අදායම වන රුපියල් මිලියන 1,022,691 ඉලක්කයෙන් රුපියල් මිලියන 1,040,388ක අදායමක් වාර්තා කිරිමට සමත්ව තිබේ. වයස 18 වැඩි ශ්‍රී ලාංකිකයන් මිලියන 1.3 පමණ පිරිසකට අදාළව TIN  අංකය (Tax Identification number) නිකුත් කිරිමත් සමගින්ම මෙම ආදායම් ඉලක්කය සපිරීමට හැකියාව ලැබී තිබෙන බවත් එම කාරක සභාව ඉදිරියේ වැඩිදුරටත් අනාවරණය වී තිබේ. 

 



අදහස් (0)

මේ වසරේ අපේක්ෂිත ආර්ථික වර්ධන ඉලක්කය සපුරා ගන්න බැහැ - මුදල් අමාත්‍යාංශයෙන් අනාවරණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31151 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13286 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 888 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site