සිංහල හින්දු අලුත් අවුරුදු සමය යනු බිස්නස් කරන කොයි කාටත් සරු කාලයයි. අවුරුදු මාසය නිමාවූ මේ දිනවල බිස්නස් කටයුතු පිළිබදව දැන ගැනීමට අපි නුගේගොඩ බලා ගියෙමු. අපි ගොඩ වූයේ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ ඇතුළු ගෘහ උපකරණ අලෙවිසැලක් වෙතය. එහිදී හිමිකරු වූ මොහොමඩ් රිෆ්ලාස් මහතා මේ දිනවල එනම් ප්‍රශ්චාත් අවුරුදු සමයේ බිස්නස් පිළිබදව අදහස් දැක්වූයේ මෙලෙසිනි.
මේ දිනවල බිස්නස් කොහොමද?
මම විකුණන්නේ ඉලෙට්‍රික් බඩු ඇතුළු තවත් ගෘහ උපකරණ. අවුරුදු 20 වගේ ලොකු කාලයක් මම බිස්නස් කරනවා. මේ දවස්වල බිස්නස් ගැන කියනවා නම් අවුරුදු සීසන් එක ඉවර වුණා විතරයි. ඒ නිසා මේ දවස් වලනම් බිස්නස් ටිකක් අඩුයි. අවුරුදු සීසන් එකේ නම් බිස්නස්වල වැඩිවීමක් තිබ්බා. ගිය අවුරුද්දටත් වඩා මේ අවුරුද්දේ බිස්නස් තිබ්බා. තාම අවුරුද්දෙන් පස්සේ හරියට බිස්නස් එකක් වුණේම නෑ.
බිස්නස් අඩුවීමට බලපෑ හේතු මොනවාද?
මේ දිනවල බිස්නස් අඩු වෙන්න හේතුවක් තමයි අවුරුද්දෙන් පස්සේ තාම හරියට වැඩ පටන් අරගෙන නෑ. මිනිස්සු අවුරුදුවලට ගම්වල ගිහිල්ලා එහෙම දැන් තමයි ආයෙත් කොළඹට ඇවිල්ලා තියෙන්නේ. අවුරුදු කාලේ කාටත් වියදම් වැඩි නිසා දැන් මිනිස්සු අතේ සල්ලි නෑ. ඒ නිසා තමයි මේ දවස් වල බිස්නස් අඩු. අවුරුදු සීසන් එකේ මෙදා පාර බිස්නස් වැඩි වීමට හේතුවක් වුණා බඩු මිල අඩු වීම.
කලින් අවුරුදු වලට සාපේක්ෂව මේ වසරේ බඩු මිල ගොඩක් අඩු වුණා. කොරෝනා, ආර්ථික අර්බුද එක්ක වැඩිවුණ බඩු මිල වසරෙන් වසර අඩු වෙලා මේ වසර වෙනකොට නැවත සාමාන්‍ය තත්වයට පත් වුණා. ඒක හැම ක්ෂේත්‍රයකම වගේ පොදුවේ සිදුවුණ දෙයක්. ඒ නිසා මෙදාපාර අවුරුද්දට බිස්නස් කාටත් සරු වුණා කියලා මම හිතන්නේ. ඉස්සරහට වෙසක් පොසොන් උත්සව එනවා. ඒවත් එක්ක ඉදිරි මාසවල බිස්නස් දැන් තියන තත්වෙට වඩා වැඩිවෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
ශෂිකා අබේරත්න
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි
මාසික ජංගම ගිණුම් සංඛ්‍යා ලේඛන සම්පාදනය කිරීම ආරම්භ කිරීමෙන් පසු වාර්තා වූ ඉහළම මාසික ජංගම ගිණුම් අතිරික්තය වාර්තා කරමින් ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශී
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය අප්‍රේල් මාසයේදී ඍණ සියයට 2ක අවධමනයක් වාර්තා කර ඇතැය
ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 මාර්තු මාසයේ දී දර්ශකාංක 54.3ක අගයක් වාර්තා කර ඇතැයි මහ බැංකුව සිය නවතම සමීක්ෂණ දත්ත අ
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් ලෙස යථා තත්වයට පත් කිරීමටත් ගෝලීය වේදිකාවේ එහි අපනයන තරඟකාරිත්වය පවත්වා ගැනීමටත් යුරෝපා සංගමයේ ජී.එස්.පී ප්ලස් සහනයේ උ
“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති රාමුව යටතේ 2025 අයවැයෙන් ප්‍රකාශයට පත් කළ ප්‍රධාන අරමුණක් වන 2025-2029 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) සකස් කිරීමට
කොළඹ කොටස් හුවමාරුව 2025 මාර්තු මාසයේ සිට බලපැවැත්වෙන පරිදි GSS+ බැඳුම්කර නියාමන රාමුව හඳුන්වාදීමට කටයුතු යොදා ඇතැයි පවසයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මේ දවස්වල නම් බිස්නස් ටිකක් අඩුයි