IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


මහ බැංකුවේ 2019 ‘පෙර දැක්ම ’ අද එළිදකී

හර්ෂණ තුෂාර සිල්වා
 
 
නව වසර සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් හා මූල්‍ය අංශවල ප්‍රතිපත්ති දැක්වෙන ‘පෙර දැක්ම 2019’ එම බැංකු ශ්‍රවණාගාරයේදී අද (2) එළිදැක්වීමට නියමිතය.
 
‘පෙර දැක්ම - 2019 සහ ඉදිරිය සඳහා මුදල් සහ මූල්‍ය අංශවල ප්‍රතිපත්ති’ යනුවෙන් එය නම් කර ඇත.  
 
2019 වසර සහ ඉදිරිය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති උපායමාර්ගය සහ ප්‍රතිපත්ති, මූල්‍ය අංශයේ ක්‍රියාකාරීත්වය සහ ස්ථාවරත්වයට අදාළ ප්‍රතිපත්ති යනාදිය කෙරෙහි මෙවර ප්‍රතිපත්ති දැක්මෙන් අවධානය යොමු කෙරෙනු ඇත. 
 
ඊට අමතරව මහ බැංකුවේ නියෝජිත සහ බද්ධ කාර්යවලින් ආර්ථිකය වඩා පුළුල් ලෙස ශක්තිමත් කිරීම හා සම්බන්ධ මූලික ප්‍රතිපත්ති කෙරෙහි අවධානය යොමු වනු ඇත.   
 
මෙලෙස ඉදිරිපත් කෙරෙන්නේ 12 වැනි ප්‍රතිපත්ති පෙර දැක්ම වන අතර ශ්‍රී ලංකා මහ බැංකුව මුල් වරට ප්‍රතිපත්ති දැක්මක් ඉදිරිපත් කරන ලද්දේ 2007 වසරේදීය. 
 
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරුන් මෙහිදි අදහස් දැක්වීමට නියමිතය. 
 
රජයේ සහ මූල්‍ය ආයතනවල නිලධාරීන්, බැංකු ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ නිලධාරීන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වනු ඇත. 
 



අදහස් (2)

මහ බැංකුවේ 2019 ‘පෙර දැක්ම ’ අද එළිදකී

Raveendra Wednesday, 02 January 2019 02:52 PM

සුත්තර පුංචාටයි එකාගේ අතීසාර මිත්‍රයා වන අපේ මුදල් " සුත්තර පුංචා වෙනුවෙන් " හොරා කාපු අයට ආරාධනා කරේ නැතෙයි...?

:       0       41

Bamunuarachchi Saturday, 05 January 2019 01:58 PM

සූත්තර පුංචාටයි එකාගේ අතීසාර මිත්‍රයා වන අපේ මුදල් " සූත්තර පුංචා වෙනුවෙන් " හොරා කාපු අයට ආරාධනා කරේ නැත්තේ ඒ අයට තේරෙන මගුලක් නොවෙයිනේ කතා කරන්නේ. නැතිනම් ලොතරැයි මණ්ඩලය විදේශීය ඇමතිට දේවිද? ඒ දෙන්නට විතරක් නොවෙයි කිසිම එජාපයෙකුට තේරෙන්නේ නැත. තේරෙනවා නම් මෙතන ලියයිනේ අනේ සූත්තර පැංචෝ ඔය කළ වැඩේ වැරදියි. ඔය විදේශීය ගොයියා ලැහැස්ති වෙන්නේ මගෝඩි වැඩකට කියලා. එහෙම කියන්න ඝට තිබෙන කෙනෙක් එජාපෙ නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 76 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 28 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site