IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


මහ බැංකුව ලිහිල් මුදල් ප්‍රතිපත්ති වෙනස් නොකරයි

 

(හර්ෂණ තුෂාර සිල්වා)

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවෙනස්ව පවත්වාගෙන යෑමට තීරණය කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (25) රැස්වූ අතර එහිදි එම තීරණය ගෙන තිබේ. ඒ අනුව දැනට තිබෙන බැංකු පොලී අනුපාත එම අගයවල ම පවත්වාගෙන යනු ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මේ වසරේ අවස්ථා පහකදී බැංකු පොලී අනුපාත අඩු කර ඇත.

බැංකු පොලී අඩු කිරීම තුළින් වාණිජ බැංකු අතර කෙරෙන ගනුදෙනුවලට අදාළ පොලී අනුපාත පහළ වැටෙන බවත් එම නිසා අඩු පොලියට ණය නිකුත් කිරීමට වාණිජ බැංකුවලට අවස්ථාව සැලසෙන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මේ වසරේ මේ දක්වා කාලයේදී පෙර නොවූ විරූ අයුරින් ක්‍රියාත්මක කරන ලද ලිහිල් මුදල් ප්‍රතිපත්තිය හේතුවෙන් සමස්ත වෙළෙඳපොළ ණය පොලී අනුපාතික පහළ ගොස් ඇතැයි ද ඉදිරියේදී ද පොලී අනුපාත පහළ යනු ඇතැයි ද මහ බැංකුව සඳහන් කරයි.

ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව පවත්වාගෙන යෑම හේතුවෙන් දැනට පවත්නා අඩු උද්ධමන තත්ත්වය තුළ ද ආර්ථිකයේ පලදායී අංශ වෙත අඩු පොලී යටතේ ණය ලබාදීමට හැකියාව ලැබෙන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

මේ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 4.50%ක, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 5.50%, බැංකු අනුපාතිකය 8.50% ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය සියයට 2.00 යන දැනට පවතින අගයවල ම පවතිනු ඇත.

මේ වසරේ මෙතෙක් අනුගමනය කළ ලිහිල් ප්‍රතිපත්ති හේතුවෙන් පසුගිය ඔක්තෝබර් මාසයේදී පෞද්ගලික අංශයට දුන් ණය අඛණ්ඩුව තෙවැනි මාසයටත් ඉහළ බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

පොලී අනුපාතික අඩු කිරීමේ සහ ලිහිල් මුදල් ප්‍රතිපත්තියේ ප්‍රතිලාභ නව සහ පවත්නා ණය පහසුකම් සඳහා කඩිනමින් ලබාදෙන්නැයි ප්‍රධාන වශයෙන් බලපත්‍රලාභී වාණිජ බැංකු ඇතුළු සියලු මූල්‍ය ආයතනවලට මුදල් මණ්ඩලය අවධාරණය කරන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් සඳහන් කරයි.

 



අදහස් (0)

මහ බැංකුව ලිහිල් මුදල් ප්‍රතිපත්ති වෙනස් නොකරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 178 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 55 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 746 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site