මුදල් ව්‍යාපාර පනත සහ මුදල් සමාගම් පනත යටතට ඇතුළත් ආයතන හැර වෙනත් පුද්ගලයෙක් ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ව ලිඛිත අනුමැතිය නොමැතිව ‘මුල්‍ය’ යන වචනය භාවිත කිරීම නීති විරෝධී යැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
“2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 10(2) උප වගන්තියට අනුව මුදල් සමාගමක් හෝ පනතේ 10(6) උප වගන්තියෙහි නිශ්චිතව සඳහන් වන ආයතනයක් හැර වෙනත් තැනැත්තකු විසින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ව ලිඛිත අනුමැතිය ලබා මිස, මුදල්, මූල්‍යකරණය හෝ මූල්‍ය යන වචනය තනිව හෝ වෙනත් වචන සමඟ එක්ව හෝ ඉන් සෑදුණ යම් වචනයක් හෝ එහි යම් අන්වක්‍ෂරිකරණයක් හෝ වෙනත් භාෂාවක ඊට සමාන වචනයක් හෝ, ඒ තැනැත්තාගේ නමේ හෝ විස්තරයේ හෝ ව්‍යාපාර නාමයේ කොටසක් ලෙස භාවිත කරනු නොලැබිය යුතුය” ලෙස එම නිවේදනයේ සඳහන් වේ.
එම ප්‍රතිපාදනය උල්ලංඝණය කරන හෝ ඊට අනුකූල වීමට අපොහොසත් වන ඕනෑම පුද්ගලයකු වරදකරුවකු වන බවත් ඒ අනුව එම නීතිමය අවශ්‍යතාව පිළිපදින ලෙස මහජනතාවට තරයේ අවවාද කරන බවත් මහ බැංකුව කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මහ බැංකුවේ අනුමැතිය නැතිව ‘මුල්‍ය’ වචනය භාවිතය නීති විරෝධියි