IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


මහින්ද්‍රා අයිඩියල් ෆයිනෑන්ස් ක්ෂුද්‍ර ව්‍යවසායකයන්ට මූල්‍ය ප්‍රවේශය පුළුල් කරයි

Mahindra Ideal Finance කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මුෆාඩල් චූනියා


 

ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් ගමන් බිමන් යාමට පමණක් නොව තම ආදායම් උපයා ගැනීමට ද ත්‍රිරෝද රථ, වෑන් රථ, යතුරුපැදි සහ කුඩා ට්‍රක් රථ භාවිත කරති. එහිදී ඔවුන් රියදුරන්, බෙදාහරින්නන්, කුඩා ව්‍යාපාර හිමියන් සහ ස්වයං රැකියාලාභීන් ලෙස සේවය කරන අතර මෙරට ජනතාවට උපකාර කිරීමට සහ ආර්ථික වර්ධනයට ද දිනපතා දායක වේ. කෙසේ වෙතත් ඔවුන් ආර්ථිකයේ වැදගත් කාර්යභාරයක් ඉටු කළද, විධිමත් ආයතනවලින් ණය සහ මූල්‍ය සේවා ලබා ගැනීමට ඔවුන්ට තවමත් ඇත්තේ ඉතා සීමිත ප්‍රවේශයකි.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් වන Mahindra Ideal Finance Limited (MIFL) ක්ෂුද්‍ර ව්‍යවසායකයන් සඳහා නිර්මාණය කර ඇති විශේෂ ලීසිං විසඳුම් සහ ණය පහසුකම් පිරිනමමින් මෙම පරතරය පියවීමට උපකාරී වේ. සමාගම ප්‍රධාන වශයෙන් වාහන භාවිත කරමින් තමන්ගේ දෛනික ආදායම උපයන පුද්ගලයන්ට උපකාර කරනු ලබන අතර ඔවුන්ගේ ඉපැයීම් වර්ධනය කරගැනීමට විධිමත් ලෙස සකස් කළ හා කළමනාකරණය කිරීමට පහසු ණය සැලසුම් ලබා දෙයි. 
Mahindra Ideal Finance හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මුෆාඩල් චූනියා මහතා මෙසේ පැවසුවේයග “සාමාන්‍ය බැංකු ණය අවශ්‍යතා සපුරාලිය නොහැකි නමුත් ආර්ථික ක්‍රියාකාරකම් සඳහා වැදගත් කාර්යභාරයක් කරනු ලබන පුද්ගලයන්ට අපි සහාය වනවා. අපගේ ඉලක්කය වන්නේ දෛනික ආදායම් උපයන්නන් ඔවුන්ගේ මුදල් උපයන ආකාරය සහ වියදම් කරන ආකාරයට ගැළපෙන මූල්‍ය විසඳුම් සැපයීමයි. වෙනත් අය සඳහා නිර්මාණය කරන ලද මූල්‍ය විසඳුම්වලට ඔවුන්ව බලහත්කාරයෙන් යොමු කරනවා වෙනුවට ඔවුන්ගේ සැබෑ අවශ්‍යතාවලට ගැළපෙන පරිදි අපි අපගේ සේවා නිර්මාණය කරනවා. ශ්‍රී ලංකාවේ සාධාරණ සහ සැමට ප්‍රතිලාභ ලැබිය හැකි මූල්‍ය ප්‍රවේශයේ අනාගතය මෙය බව අපි විශ්වාස කරනවා.”  
ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හිමියන් සහ ස්වයං රැකියාලාභීන් ඇමරිකානු ඩොලර් බිලියන 13 කට වඩා වැඩි ණය පරතරයකට මුහුණ දෙයි. මෙයට හේතුව වන්නේ ඔවුන්ගෙන් බොහෝ දෙනකුට CRIB පද්ධතිය තුළ වැටුප් පත්‍රිකා, දේපළ හෝ ණය ඉතිහාසයන් නොමැති වීමයි. බොහෝ දෙනෙක් අවිධිමත් ලෙස වැඩ කරන අතර ඔවුන්ට මූල්‍ය ආයතනවලින් ඉල්ලා සිටින ලේඛන හෝ ඇපකර ලබා දීමට නොහැක. තවද ඔවුන්ට ඉතුරුම් ගිණුම් තිබිය හැකි හෝ වෙනත් බැංකු සේවා භාවිත කළ හැකි වුවද විධිමත් ණය සඳහා ඔවුන්ගේ ප්‍රවේශය ඉතා සීමිතය. 
ශ්‍රී ලංකාවේ ත්‍රිරෝද රථ මිලියනයකට වඩා ලියාපදිංචි වී ඇති අතර, ඉන් ලක්ෂ අටක් පමණ වාණිජමය අරමුණු සඳහා භාවිත කරනු ලැබේ. මෙම අංශය පවුල් 760,000 කට පමණ ජීවනෝපාය සපයන අතර මිලියන 2.8 කට වැඩි පිරිසකට සහාය වේ. දත්තවලින් පෙනී යන්නේ ත්‍රිරෝද රථ රියදුරන්ගෙන් සියයට 98 ක් විධිමත් ලෙස රැකියාවල නිරත නොවූවත් බැංකු හරහා මුදල් ඉතිරි කරන බවයි. ඔවුන්ගෙන් බොහෝ දෙනකුට වාහනයක් ගැනීමට ඇති එකම මාර්ගය ලීසිං ය. Mahindra Ideal Finance මෙම පාරිභෝගික කණ්ඩායම හොඳින් තේරුම් ගෙන ඔවුන්ගේ දෛනික ආදායමට ගැළපෙන ආපසු ගෙවීමේ සැලසුම් නිර්මාණය කරන අතර එමගින් ඔවුන්ට ඔවුන්ගේ ලීසිං මුදල් ගෙවීම පහසු කරයි.



අදහස් (0)

මහින්ද්‍රා අයිඩියල් ෆයිනෑන්ස් ක්ෂුද්‍ර ව්‍යවසායකයන්ට මූල්‍ය ප්‍රවේශය පුළුල් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 130 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 221 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1072 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site