IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


මහජන බැංකුවේ වාසි කෝටියයි 2025 පළමු දිනුම් ඇදීමේ ජයග්‍රාහකයන් තෝරා ගනී

මහජන බැංකුවේ ‘People’s Remittance වාසි කෝටියයි 2025 - බැංකුවට එන්න, බැංකොක් යන්න’ දිනුම් ඇදීමේ සතිපතා ජයග්‍රාහකයන් තෝරාගැනීමේ පළමුවැනි දිනුම් ඇදීම කොළඹ 10, මහජන බැංකුවේ එතෙර ගනුදෙනු සේවා අංශයේදී පසුගියදා පැවැත්විණි.

ඒ අනුව මෙහිදි 2025 ජනවාරි 01 සිට මාර්තු 04 වැනිදා දක්වා සතිපතා ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් නව දෙනකු තෝරාගත් අතර, ඔවුන්ට බැංකොක් සංචාර හිමිවේ.

මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (පුද්ගල කේන්ද්‍රිය බැංකු කටයුතු) ටි. එම්. ඩබ්ලිව්.චන්ද්‍රකුමාර, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (එතෙර ගනුදෙනු සේවා) අරුණි ලියනගුණවර්ධන, සහකාර සාමාන්‍යාධිකාරි (අභ්‍යන්තර විගණන) ශාන්ත ගඟබඩගේ, සහකාර සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) අයි.කේ ඉන්දික, සහකාර සාමාන්‍යාධිකාරි(එතෙර ගනුදෙනු සේවා) බුද්ධික රණතුංගගේ, ප්‍රධාන කළමනාකරු (තොරතුරු තාක්ෂණ) විපුල වර්ණකුල, ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනි (එතෙර ගනුදෙනු සේවා) තිළිණි පෙරේරා සහ බස්නාහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ තක්සේරු නිලධාරිනි ශ්‍රීයානි නාපාගොඩ යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙන්ම ඔවුන්ගේත්, ඔවුන්ගේ පවුල්වලත් ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහාත් වෙහෙස මහන්සිය නොබලා රැකී රක්ෂාවල නියැලෙන ශ්‍රී ලාංකික විදෙස් ශ්‍රමිකයන් දිරිමත් කර ඔවුන් ඇගයීමේ අරමුණින්, ‘People’s Remittance ‘වාසි කෝටියයි 2025-බැංකුවට එන්න බැංකොක් යන්න’ දිනුම් ඇදීම මහජන බැංකුව විසින් දියත් කරන ලදි.

මේ තුළින් වසරේ සති 52කට බැංකොක් සවාරි 52ක් හිමිවේ. 2025.01.01 සිට 2025.12.31 දක්වා People’s Web Remit, People’s Instant Remit, Telexes, Swift, Western Union, Ria හෝ ඒ හා සමාන වෙනත් මාධ්‍යයන් ඔස්සේ මහජන බැංකුව වෙත විදේශ ශ්‍රමික ප්‍රේෂණ එවන ගනුදෙනුකරුවන් මේ සඳහා සුදුසුකම් ලබයි. වැඩියෙන් එවන තරමට දිනුම් අවස්ථා වැඩිවේ. මීට අමතරව ‘People’s Remittance හරහා වසර පුරාවට එතෙර සිට මහජන බැංකුව වෙත ශ්‍රමික ප්‍රේෂණ එවන ගනුදෙනුකරුවන්ට ‘දොළොස් මහේ වාසි චක්‍රයෙන් සෑම මසකම දිනුම් අවස්ථා රැසක් හිමිවේ.



අදහස් (0)

මහජන බැංකුවේ වාසි කෝටියයි 2025 පළමු දිනුම් ඇදීමේ ජයග්‍රාහකයන් තෝරා ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 219 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1593 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site