IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මහජන බැංකුවට 2025 පළමු අර්ධයේදී රැ.බි. 28.0 ක ඉහළම බදු පෙර ලාබයක්

සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු සහ ප්‍රධාන විධායක නිලධාරි ක්ලයිව් ෆොන්සේකා

  • වසරේ පළමු අර්ධයේ තනි ආයතනයක් ලෙස රැපියල් බිලියන 188.9 ඉක්මවූ ආදායමක් 
  • රැපියල් බිලියන 18-2 ක බදු ගෙවීමෙන් පසු ලාබයක්
  • 2025 ජුනි 30 වන විට බැංකුවේ මුළු වත්කම්, තැන්පතු සහ ශුද්ධ ණය පිළිවෙළින් රැපියල් ට්‍රිලියන 3.6ක්, රැපියල් ට්‍රිලියන 3.1ක් සහ රැපියල් ට්‍රිලියන 1.6ක් 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සේවා සපයන්නා වන මහජන බැංකුව, 2025 ජුනි 30 වැනි දිනෙන් අවසන් වූ කාර්තුව සඳහා රුපියල් බිලියන 80.8 ක මෙහෙයුම් ආදායමක් සහ රුපියල් බිලියන 18.2 ක බදු පසු ලාබයක් වාර්තා කිරීමට සමත් වී ඇත. මෙම ජයග්‍රහණයේ විශේෂත්වය වන්නේ  රාජ්‍ය ව්‍යවසාය (SOEs) කිහිපයක් අවදානමකට මුහුණ පෑම මත සැලකිය යුතු හානිකරණ අලාභ සඳහා වෙන්කිරීම්වලින් පසුව මෙම ලාබය වාර්තා කර තිබීමයි.

2024 වසරේ අදාළ කාලපරිච්ඡේදයේ වාර්තා කළ රුපියල් බිලියන 27.6 ට සාපේක්ෂව මෙම කාලය තුළ බැංකුවේ ශුද්ධ පොලී ආදායම රුපියල් බිලියන 69.3 දක්වා ඉහළ ගොස් ඇති අතර, වෙනස් වන වෙළෙඳපොළ පොලී අනුපාතවලට අනුකූලව වත්කම් සහ වගකීම් කාලෝචිත ලෙස නැවත මිල කිරීම එමගින් පිළිබිඹු කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස 2024 අවසානයේ සියයට 3.4 ක් වූ ශුද්ධ පොලී සීමාව 2025 දී සියයට 4.0ක් දක්වා වර්ධනය විය. ශුද්ධ ගාස්තු සහ කොමිස් මුදල් රුපියල් බිලියන 8.0 ක අගයකට ළඟා වූ අතර, සියයට 16.8 ක් වූ එම වර්ධනය එම කාලය සඳහා මෙතෙක් වාර්තා වූ ඉහළම අගයයි. එමෙන්ම මුළු මෙහෙයුම් වියදම රුපියල් බිලියන 33.4 ක් විය. (2024: රුපියල් බිලියන 28.7)

ගනුදෙනුකාර තැන්පතු රුපියල් බිලියන 3,125.3ක් (2024 අවසානයේ: රුපියල් බිලියන 2,854.7) වූ අතර, ශුද්ධ ණය ප්‍රමාණය රුපියල් බිලියන 1,592.3ක් විය. (2024 අවසානයේ: රුපියල් බිලියන 1,522.0). එමෙන්ම තනි ආයතනයක් ලෙස මුළු වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 3,571.8 දක්වා ඉහළ නංවාගෙන ඇත. (2024 අවසානයේ: රුපියල් බිලියන 3,297.8).

2025 ජුනි 30 වන දින වන විට බැංකුවේ පළමු මට්ටමේ සහ මුළු ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුපාත පිළිවෙළින් සියයට 12.0 සහ සියයට 16.9 ක් විය (2024 අවසානය: 10.9% සහ 16.5%). එමෙන්ම ඒකාබද්ධ පදනමක් මත එම අනුපාත සියයට  13.2 සහ සියයට 17.6 ක් විය. (2024 අවසානය: 12.6% සහ 17.7%). මෙම අනුපාත තුළින් රාජ්‍ය අනුග්‍රහය ලත් රාජ්‍ය හිමිකාරී ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ කරුණු ඇතුළුව සියලු‍ම විචක්ෂණශීලී අඩු කිරීම් පිළිබිඹු කෙරේ. 

2025 පළමු අර්ධ වර්ෂය අවසන් වන විට සමූහයේ ඒකාබද්ධ මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 91.8 කි. එමෙන්ම ඒකාබද්ධ පදනම මත බදු පෙර රුපියල් බිලියන 31.0 ක ලාබයක් සහ බදු පසු ලාබය ලෙස රුපියල් බිලියන 19.6 ක ලාබයක් වාර්තා කිරිමට සමත් විය. 2025 ජුනි මාසය අවසන් වන විට ඒකාබද්ධ පදනම මත සමූහයේ මුළු තැන්පතු රුපියල් බිලියන 3,248.1 ක් වූ අතර, ශුද්ධ ණය රුපියල් බිලියන 1,785.6ක් දක්වා වර්ධනය විය. එමෙන්ම මුළු වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 3,795.0ක් විය.

මහජන බැංකුවේ සහ සමූහයේ ප්‍රතිඵල පිළිබඳව අදහස් දැක්වූ මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය.

“පළමු අර්ධයේදී ඓතිහාසික හා වාර්තාගත කාර්යසාධනයක් වාර්තා කිරීමට ලැබීම ගැන අපි සතුටු වෙමු. 2024 සිට අඛණ්ඩව පවත්වාගෙන ආ ජවය සහ බහුවිධ අංශ හරහා අප ලබා ඇති අඛණ්ඩ ප්‍රගතිය එමගින් පිළිබිඹු වේ. ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ රජයේ පුළුල් සැලසුමට අර්ථාන්විත දායකත්වයක් ලබාදීම සඳහා හොඳින් සන්නද්ධ වූ ස්වාධීන රාජ්‍ය ආයතනයක් ලෙස අපගේ ශක්තිමත් ස්ථාවරය මෙම ජයග්‍රහණයෙන් නැවතත් අවධාරණය කර තිබේ. අපගේ ඉලක්කය ලාබදායිතාවට ඉක්මවා ගිය එකකි. මූල්‍ය සමානාත්මතාවය ඉදිරියට ගෙන යාම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයට සහයෝගය ලබාදීම සහ සියලු‍ම ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්වය නංවාලීම සඳහා අපි අඛණ්ඩව කැපවී සිටිමු.

නැවත ප්‍රකෘතිමත් තත්වයට පත්වෙමින් පවතින සාර්ව ආර්ථික පරිසරයක් තුළ මුහුණ දීමට සිදුවන අඛණ්ඩ අභියෝග මැද අපගේ උපායමාර්ගික ප්‍රමුඛතා ක්‍රියාත්මක කිරීමේදී අපි ස්ථාවරව සිටිමු.  ආර්ථිකය ශක්තිමත් කිරීමේ අවසාන ඉලක්කය සමගින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් පෞද්ගලික අංශයට ණය ලබාදීම, නවෝත්පාදන පෝෂණය කිරීම සහ ව්‍යවසායකයන් බලගැන්වීම ද මෙයට ඇතුළත් වේ.

ජාතියේ ප්‍රමුඛතම මූල්‍ය සේවා සපයන්නා වීම, ගනුදෙනුකාර සේවා ඉහළ නැංවීම, නවෝත්පාදන සහ ජාතික සංවර්ධනයට අර්ථාන්විත දායකත්වයක් ලබාදීම අපගේ අපේක්ෂාවයි.’

මේ පිළිබඳ අදහස් දැක්වූ මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා මහතා මෙසේ පැවසීය. 

‘2025 වසරේ පළමු අර්ධය, මහජන බැංකු ඉතිහාසයේ ඉහළම කාර්යසාධනයක් පෙන්නුම් කළ පළමු අර්ධය බව සතුටින් ප්‍රකාශ කරමි. විශේෂයෙන් අභියෝගාත්මක මෙහෙයුම් පරිසරයක් හමුවේ අපගේ සමස්ත කණ්ඩායමේ සාමූහික කැපවීම, ඔරොත්තුදීමේ හැකියාව සහ උපායමාර්ගික කාර්යක්ෂමතාව මෙම සුවිශේෂී ජයග්‍රහණය මගින් පිළිබිඹු වේ.

රාජ්‍ය ව්‍යවසාය (SOEs) සඳහා අපගේ දායකත්වය සැලකිය යුතු ලෙස අඩුවීම මෙම වාර්තාගත කාර්ය සාධනයක් අත්කර ගැනීමට හේතුවක් විය. 2025 පළමු අර්ධය අවසන් වන විට රාජ්‍ය ව්‍යවසාය සඳහා ලබාදුන් ණය හා අත්තිකාරම් ප්‍රමාණය සියයට 26.5 දක්වා අඩු විය. (2024 පළමු අර්ධය අවසානයේ එය 42.8%ක් විය). එමෙන්ම පෞද්ගලික අංශය වෙත අපගේ උපායමාර්ගික අවධානය යොමුවීම, රාජ්‍ය ව්‍යවසාය ව්‍යාපාරික පරිමාවන්හි පහත වැටීම හේතුවෙන් සිදුවූ බලපෑම සාර්ථකව කළමනාකරණය කිරීමට උපකාරී වූවාක් මෙන්ම,  ඍණාත්මක බලපෑමක් ඇතිවීමේ අවදානම අවම කළේය. මෙම තුළින් සැබෑ වාණිජ බැංකුවක් ලෙස අපගේ ශක්තිය සහ ඔරොත්තු දීමේ හැකියාව තහවුරු වී ඇත.

සමස්ත කාර්යසාධනය පිළිබඳව අදහස් දැක්වූ මහජන බැංකුවේ වැඩබලන මූල්‍ය ප්‍රධානි සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (ව්‍යාපාරික ණය) තුෂාරි හේවාවසම් මහත්මිය මෙසේ පැවසුවාය. ‘2025 ජුනි මාසය අවසන් වන විට සමූහයේ වත්කම් පදනම රුපියල් ට්‍රිලියන 3.8 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය 2024 වසරට සාපේක්ෂව සියයට 9.3ක ශක්තිමත් වර්ධනයක් පිළිබිඹු කරයි. මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ශුද්ධ ණය සහ අත්තිකාරම් රුපියල් බිලියන 120.6 ක වර්ධනය වීම වන අතර, සමූහයේ තැන්පතු පදනම රුපියල් බිලියන 300.2ක වර්ධනය වී ඇත. 

 

 



අදහස් (0)

මහජන බැංකුවට 2025 පළමු අර්ධයේදී රැ.බි. 28.0 ක ඉහළම බදු පෙර ලාබයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 574 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site