IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


මුල් මාස 10 ට වාණිජ බැංකුවලින් කෝටි 40,000 ක ණය

(හර්ෂණ තුෂාර සිල්වා)

මේ වසරේ මුල් මාස දහයේදී වාණිජ බැංකුවලින් පෞද්ගලික අංශයට ලබා දී ඇති ණය ප්‍රමාණය රුපියල් බිලියන 3,976ක් යැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

රජය හා රාජ්‍ය ආයතන හැර අනෙකුත් අංශවලට ලබාදෙන ණය පෞද්ගලික අංශයට ලබාදෙන ණය ලෙස සැලකෙන අතර නිවාස ණය, පෞද්ගලික ණය, ව්‍යාපාරික ණය, රන් හා උකස් භාණ්ඩ ණය යනාදිය එම පෞද්ගලික ණයවලට අයත් වේ.

මුල් මාස දහයේදී පෞද්ගලික අංශයට දුන් ණයවලින් රුපියල් බිලියන 433ක් රන් භාණ්ඩ හා උකස් ණය බව ද ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත වාර්තා කරයි.

මේ වසරේ මුල් මාස හයක කාලයේදී පෞද්ගලික අංශයට ලබා දී ඇති ණය ප්‍රමාණය රුපියල් බිලියන 1,917ක් වන අතර ඉන් රුපියල් බිලියන 197ක් රන් භාණ්ඩ හා උකස් ණය වේ.

මේ වසරේ සැප්තැම්බර් 30 වැනිදා වනවිට වාණිජ බැංකුවල රන් භාණ්ඩ උකස් ණය ශේෂය රුපියල් බිලියන 241ක් බවත් ඉකුත් වසරේ එනම් 2019 වසරේ දෙසැම්බර් 31 වන විට එම ශේෂය රුපියල් බිලියන 211ක් බවත් ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ, ‘වාණිජ බැංකුවල ණය සහ අත්තිකාරම් පිළිබඳ කාර්තුමය සමීක්ෂණය’ වාර්තාවේ මෙම සඳහන් වේ.

අදාළ කාලසීමා තුළදී ණය ගෙවීම් පියවීම් සිදුවන බැවින් එකිනෙක සංඛ්‍යා සංසන්දනය කිරීම ප්‍රායෝගිකව කළ නොහැකි බව ද ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වාදෙයි.



අදහස් (0)

මුල් මාස 10 ට වාණිජ බැංකුවලින් කෝටි 40,000 ක ණය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 177 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 55 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 746 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site