භානුක අමරසිංහ
මෙම වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ මෙරට සමස්ත මත්ස්‍ය නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 250,000ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. සැප්තැම්බර් මාසය සඳහා වන කෘෂිකර්ම දත්ත විවරණිකාව නිකුත් කරමින් මහ බැංකුව මෙම කරුණු සඳහන් කරයි. ඒ අනුව මෙය පසුගිය වසරේ එම කාලසීමාවේදී වාර්තා වූ මෙට්‍රික් ටොන් 276,000 ක මත්ස්‍ය නිෂ්පාදනය හා සැසඳීමේදී සියයට 10.7ක අඩුවීමක් පෙන්නුම් කිරීමකි.
මෙහිදී මූලිකවම මිරිදිය ධීවර නිෂ්පාදනය 2024 අගෝස්තු මාසය දක්වා වාර්තා කළ මෙට්‍රික් ටොන් 73,000 ට සාපේක්ෂව 2025 වසරේ එම කාලසීමාවේදී මෙට්‍රික් ටොන් 39,000ක් ලෙස සියයට 46.9 කින් පහත වැටීම මේ සඳහා හේතුව වී තිබේ. කෙසේ වෙතත් 2024 වසරේ අගෝස්තුව දක්වා වාර්තා කළ මෙට්‍රික් ටොන් 203,000 ක සාගර මත්ස්‍ය නිෂ්පාදනය හා සැසඳීමේදී 2025 වසරේ එම කාලසීමාවේදී සිට මෙට්‍රික් ටොන් 211,000 ක් දක්වා සියයට 3.4 කින් ඉහළ නැග තිබේ.
මෙම වාර්තාවට අනුව 2024 වසරේදී මෙරට සමස්ත මත්ස්‍ය නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 411,000ක් වන අතර, 2023 දී එය මෙට්‍රික් ටොන් 407,000 ක් විය. ධීවර අමාත්‍යාංශය සහ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත යොදා ගනිමින් මෙම වාර්තාව සකස් කර තිබේ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මුල් මාස 08 දී මත්ස්‍ය නිෂ්පාදනය සියයට 10.7 කින් පහළට