ඉන් සියයට 63.2 ක් වාහන ඇපයට තබා ලබාගත් ණය
තවත් සියයට 19.4 ක් රන් භාණ්ඩ ඇපයට තබා ලබාගත් ණය
මූල්‍ය සමාගම්වලින් ණය සහ අත්තිකාරම් මුදල් සියයට 35.1 කින් ඉහළ ගිහින්
වාහන සඳහා ලබාගෙන ඇති ණය සියයට 33.4 කින් වර්ධනය වෙලා. එය මෙම වසරේ මෙරට මූල්‍ය සමාගම් ලබාදුන් ණය මුදල්වලින් සියයට 65.1 ක්
රන් ණයවල සියයට 43.8 ක වර්ධනයක්
මූල්‍ය සමාගම් අංශයේ වත්කම් අතින් සැලකිය යුතු ප්‍රසාරණයක්
වසරේ දෙවැනි කාර්තව අවසන් වනවිට මූල්‍ය සමාගමේ අංශයේ තැන්පතු රුපියල් ට්‍රිලියන 1.16 ක්
විමුක්ති එස් රුද්‍රිගු
මෙම වසරේ දෙවැනි කාර්තව අවසන් වනවිට මෙරට මූල්‍ය සමාගම්වලින් ශ්‍රී ලාංකික පවුල් ලබාගෙන ඇති ණය මුදල්වලින් සියයට 82.6 ක් වාහන සහ රන් ණය බව ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා නිකුත් කළ නවතම දත්ත වාර්තාවේ සඳහන් වේ.
ඉන් සියයට 63.2 ක් වාහන ඇපයට තබා ලබාගත් ණය බවත්, තවත් සියයට 19.4 ක් රන් භාණ්ඩ ඇපයට තබා ලබාගත් ණය බවත් එම වාර්තාවේ දැක්වේ. එසේම මෙම වසරේ දෙවැනි කාර්තුව අවසන් වනවිට මෙරට මූල්‍ය සමාගම්වලින් ණය සහ අත්තිකාරම් මුදල් ගැනීම් පසුගිය වසරේ දෙවැනි කාර්තුවට සාපේක්ෂව සියයට 35.1 කින් ඉහළ ගොස් ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ.
එසේම මෙම වසරේ දෙවැනි කාර්තුව අවසානය වන විට වාහන සඳහා ලබාගෙන ඇති ණය පසුගිය වසරේ දෙවැනි කාර්තුවට සාපේක්ෂව සියයට 33.4 කින් වර්ධනය වී තිබෙන බවත්, එය මෙම වසරේ මෙරට මූල්‍ය සමාගම් ලබාදුන් ණය මුදල්වලින් සියයට 65.1 ක් බවත් එම වාර්තාවේ දැක්වේ. ගෝලීය වෙළෙඳපොළේ රත්රන් මිල මෙම වසරේදී ශීඝ්‍රයෙන් අඛණ්ඩව ඉහළ ගියත් මූල්‍ය සමාගම්වලින් ලබාගෙන ඇති රන් ණය පසුගිය වසරේ දෙවැනි කාර්තුවට සාපේක්ෂව මෙම වසරේ දෙවැනි කාර්තුව අවසානයේදී සියයට 43.8 කින් වර්ධනය වී තිබෙන බවද එම වාර්තාවේ සඳහන් වේ.
වාහන සහ රන් ණය මෙරට මූල්‍ය සමාගම් ලබාදී ඇති ණය මුදල්වලින් වැඩි ප්‍රතිශතයකට හිමිකම් කීමෙන් මෙරට මූල්‍ය සමාගම් පටු පරාසයක ඇපකර වර්ගවලට සැලකිය යුතු ලෙස නිරාවරණයවී ඇති බව පෙන්නුම් කරන බව එම වාර්තාවේ දැක්වේ. රන් ණය මෙලෙස සැලකිය යුතු මට්ටමකින් වර්ධනය වීමෙන් පෙන්නුම් කරන්නේ දිගුකාලීන ආදායම් පීඩන මධ්‍යයේ හදිසි මූල්‍ය අවශ්‍යතා සඳහා ද්‍රවශීල වත්කමක් ලෙස මෙරට පවුල් රත්‍රන් මත අඛණ්ඩව රඳා පවතින බව යැයි එම වාර්තාව පෙන්වා දුන්නේය.
මෙම වසරේ දෙවැනි කාර්තුව අවසානයේදී මූල්‍ය සමාගම් අංශය වත්කම් අතින් සැලකිය යුතු ප්‍රසාරණයක් පෙන්නුම් කර ඇති බවත් එය ණය සඳහා ඇති ඉල්ලුම ශක්තිමත් ලෙස නැවත යථා තත්වයට පත්වීමක් පෙන්නුම් කරන බවත් එම වාර්තාවේ දැක්වේ. මෙම වසරේ දෙවැනි කාර්තුව අවසන් වනවිට මූල්‍ය සමාගමේ අංශයේ තැන්පතු රුපියල් ට්‍රිලියන 1.16 ක් බවත් ණය ගැනීම් රුපියල් බිලියන 472.1 ක් බවත් එම වාර්තාවේ සඳහන් වේ. එසේම මූල්‍ය අංශය සතු කොටස් ප්‍රමාණය රුපියල් බිලියන 510 ක් බවද එම වාර්තාවේ දැක්විණි.
දෙවැනි කාර්තුව අවසානයේදී මෙරට මූල්‍ය සමාගම්වල බදු ගෙවූ පසු ලාබය රුපියල් බිලියන 18 ක් බවත් එය පසුගිය වසරේ දෙවැනි කාර්තුවට සාපේක්ෂව සියයට 59.3 ක වර්ධනයක් බවත් එම වාර්තාවේ සඳහන් වේ.
එසේම මෙම වසරේ පළමු මාස හය අවසානයේදී මෙරට රක්ෂණය අංශයද පසුගිය වසරේ පළමු මාස හයට සාපේක්ෂව ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කර ඇති බවත් මෝටර් රථ රක්ෂණ එම කාලසීමාවේදී සියයට 265 ක වර්ධනයක් පෙන්නුම් කර තිබෙන බවත් එම වාර්තාවේ සඳහන් වේ.
පසුගිය වසරේ පළමු මාස හයට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස හයේදී මෙරට බැංකු අංශයේ බදු ගෙවූ පසු ලාබය සියයට 67.8 කින් සැලකිය යුතු ලෙස වර්ධනය වී තිබෙන බවද එම වාර්තාවේ දැක්වේ. මෙම වසරේ පළමු මාස හයේදී මෙරට බැංකු අංශයේ බදු ගෙවූ පසු ලාබය රුපියල් බිලියන 187.5 ක් බවත් පසුගිය වසරේදී පළමු මාස හයේදී මෙරට බැංකු අංශයේ බදු ගෙවූ පසු ලාබය රුපියල් බිලියන 111.8 ක් බවත් එම වාර්තාවේ සඳහන් වේ.
බැංකු අංශයේ ලාභය මෙලෙස සැලකිය යුතු ලෙස වර්ධනය වීමට ප්‍රධාන සාධකයක් වී ඇත්තේ මෙම වසරේ පළමු මාස හයේදී ශුද්ධ පොලී ආදායම සැලකිය යුතු අන්දමින් වර්ධනය වීම බවද එම වාර්තාවේ දැක්වේ. මෙම වසරේ පළමු මාස හයේදී ශුද්ධ පොලී ආදායම පෙර වසරේ පළමු මාස හයට සාපේක්ෂව රුපියල් බිලියන 103.9 කින් වැඩිවීම, අංශයේ ලාබය වැඩිවීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙන බවද එම වාර්තාවේ සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ මෙම වසරේ මූල්‍ය ස්ථාවරත්වය පිළිබඳව මහ බැංකුව පසුගියදා නිකුත් කළ වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත් වේ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මූල්‍ය සමාගම්වලින් දී ඇති ණයවලින් සියයට 82.6ක් වාහන - රන් ණය
ගුණරත්න Tuesday, 14 October 2025 11:20 AM
විවිධාන්ගීකරණය අඩුයි.. ඒ කියන්නේ යම් විදියකින් වාහන වෙළෙඳපොල කඩා වැටුනොත් මූල්‍ය සමාගම් ලොකු අර්බුදයකට යනවා. ඉතින් ආණ්ඩුවට වෙනවා වාහන ආනයන සීමා කරලා මිල ඉහළ දාගන්න.