IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


මැලිබන් සමාගමෙන් ගම්පහ දිස්ත්‍රික් රෝහලට අත්‍යවශ්‍ය සෞඛ්‍ය උපකරණ පරිත්‍යාගයක්

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට අත්‍යවශ්‍ය සෞඛ්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමට මැලිබන් සමාගම පසුගියදා කටයුතු කළේ ය. මේ වන විට රට තුළ වේගයෙන් පැතිර යන කොරෝනා රෝගය හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට පත්වන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා මෙම උපකරණ අතිශයින් වැදගත් වනු ඇතැයි එම සමාගම කියයි.

ජාතික මට්ටමේ වැඩසටහන් වලට දායක වෙමින් මෙරට ජනතාවගේ යහපත උදාකිරීම සඳහා තමන් දරන උත්සාහය තවදුරටත් ඉදිරියට ගෙනයමින්, මේ ආකාරයට ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට, මිලියන 4ක වටිනාකමින් යුතු අතිනවීන සෞඛ්‍ය උපකරණ පරිත්‍යාග කිරීමට මැලිබන් සමාගම කටයුතු කර තිබේ. කොරෝනා රෝගයට එරෙහි සටනේදී සෑම රෝගියකුගේම ජීවිත බේරාගැනීම සඳහා දිවයිනේ අනෙකුත් රෝහල් මෙන්ම ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලද දැඩි පරිශ්‍රමයක් දරන අතර, මැලිබන් සමාගම විසින් පරිත්‍යාග කරන ලද මෙම දැඩි සත්කාර ඒකක ඇඳ, වෙන්ටිලේටර් යන්ත්‍රය සහ අනෙකුත් උපාංග එම පරිශ්‍රමය සඳහා රුකුලක් වනු ඇත. මෙම මූලික පරිත්‍යාගයට අමතරව මැලිබන් සමාගම විසින් ඔක්සිජන් මුඛ ආවරණ 250 ක් සහ ‘Non-rebreather’ වර්ගයේ මුඛ ආවරණ 60 ක්ද එම රෝහල වෙත පරිත්‍යාග කරන ලදි.

කොරෝනා රෝගීන් වාර්තා වීම දිනපතාම ඉහළ යමින් පවතින මෙම අවස්ථාවේදී, වයිරසය පැතිරීම සහ එහි දරුණු ප්‍රතිවිපාක අවම කිරීම සඳහා ජාතියක් ලෙස අප සියලු‍ම බලවේගයන් ඒකරාශී කළ යුතු යි. රටේ ආසාදිත පුරවැසියන් සුවපත් කිරීම සඳහා කැපවී කටයුතු කරමින් සිටින සියලු‍ම ඉදිරිපෙළ සාමාජික සාමාජිකාවන් සහ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ට අපගේ කෘතඥතාව හිමිවිය යුතු වනවා. මේ අවස්ථාවේදී ඔවුන්ට හැකි අයුරින් සහයෝගය දෙන මෙන්, මැලිබන් සමාගම වෙනුවෙන්, සමස්ත ශ්‍රී ලංකාවාසීන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටීමට මා කැමතියි.”‍ මැලිබන් බිස්කට්ස් සමාගමේ සමූහ කළමනාකාර අධ්‍යක්ෂිකා කුමුදිකා ප්‍රනාන්දු මහත්මිය පැවසුවා ය.



අදහස් (0)

මැලිබන් සමාගමෙන් ගම්පහ දිස්ත්‍රික් රෝහලට අත්‍යවශ්‍ය සෞඛ්‍ය උපකරණ පරිත්‍යාගයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 382 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 106 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 792 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site