

අනුරාධපුර-දයාරත්න ඇඹෝගම
ස්වාභාවික විපත් හා වන අලි තර්ජන මැද මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හේන්වල මෙවර වගා කරන ලද වට්ටක්කා වගාවෙන් වැඩි අස්වැන්නක් ලැබි ඇතැයි ගොවීහු පවසති.
නිරන්තරයෙන් වන අලි ගම්වැදීම සිදුවන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයක් ලෙස විලචිචිය ප්‍රචලිතය. මෙවර මහ කන්නයේ දී වී හා අතිරේක බෝග ලෙස වට්ටක්කා වගා කටයුතුවල ගොවීහු නිරත වී සිටිති. පසුගිය වර්ෂා සමයේ යම් හානියක් සිදු වුව ද සාර්ථක ලෙස වට්ටක්කා වගා කරගත් ගොවීහු වැඩි අස්වැන්නක් ලබාගැනීමට සමත්ව සිටිති.
මේවන විට අස්වනු නෙළනු ලබන ගොවීන් මෙන්ම වගාව ආරම්භ කර පවත්වාගෙන යන ගොවීන් ද විශාල පිරිසකි. මෙම වගා කළ වට්ටක්කා හා වී වගා වන අලින්ගෙන් මෙන්ම වෙනත් සතුන්ගෙන් රැක ගැනීමට ඔවුන් මහත් වෙහෙසක් දරා සාර්ථක අස්වැන්නක් ලබාගැනීමට සමත්ව ඇතත් ඒවා සාධාරණ මිලකට අලෙවිකර ගැනීමට නොහැකිවී ඇතැයි ඔවුහු පවසති.
අනෙකුත් එළවළුවල මිල ඉහළ මට්ටමක පැවැතිය ද ඊට සාපේක්ෂව වට්ටක්කා මිල පහත වැටී ඇති බව ඔවුහු පවසති. ඉදිරියේදී කුඹුරුවල වගා කොට ඇති වට්ටක්කාවලද අස්වනු නෙළන විට තව දුරටත් වට්ටක්කා මිල පහත වැටීමේ දැඩි අවදානමක් තිබෙන බවද ගොවීහු පවසති.
එම නිසා පලදාව සාධාරණ මිලකට අලෙවි කර ගැනීමට අතරමැදියන් ගෙන් තොර ක්‍රමවේදයක් රජය සකස් කර දෙන්නේ නම් එය මහත් අස්වැසිල්ලක් බව එම ගොවීහු වැඩිදුරටත් පැවසුහ.
2025 දෙසැම්බර් මස 16
9
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මිලක් නැතුව ළතැවෙන මහවිලච්චියේ වට්ටක්කා ගොවියෝ