විමුක්ති එස් රුද්‍රිගු
පොලී අනුපාත පහළ යාමත් සමග පරිභෝජනය ඉහළ යාම හේතුවෙන් මෙම වසරේ ජූනි මාසය අවසන් වනවිට මෙරට ණය කාඩ්පත්වල ගෙවීමට ඇති හිඟ මුදල රුපියල් බිලියන 160.9 දක්වා ඉහළ ගියේය. පසුගිය වසරේ ජූනි මාසය අවසන් වන විට මෙරට ණය කාඩ්පත්වල ගෙවීමට ඇති හිඟ මුදල රුපියල් බිලියන 150.1 ක් විය. ඒ අනුව ඊට සාපේක්ෂව මෙම වසරේ ජූනි මාසය අවසානයේදී මෙරට ණය කාඩ්පත්වල ගෙවීමට ඇති හිඟ මුදල සියයට 7.2 කින් වර්ධනය වී ඇත. මෙම වසරේ මැයි මාසයේදී මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 2,064,810 ක් වූ අතර, එය ජූනි මාසය අවසානයේදී 2,075,744 දක්වා වර්ධනය වී තිබේ.
2024 වසර අවසාන වනවිට මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 2,008,456 ක් වූ අතර, ඒ අනුව මෙම වසරේ පළමු මාස 6 තුළදී මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 56,354 කින් ඉහළ ගොස් ඇත.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
මෙරට ණය කාඩ්පත්වල හිඟ මුදල රුපියල් බිලියන 160.9 දක්වා ඉහළට